IMG-LOGO

2025 ජනවාරි මස 24 වන සිකුරාදා


‘‘පාස්කු ප්‍රහාරකයනට බේරුමක් නෑ‘‘

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු දෙනා නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය .

මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයා දැනටමත් කටයුතුකරගෙන යන බවත් ඒ කටයුතු වලට රජය කිසිවිටකත් බලපෑම් නොකරන බවත් අගමැතිවරයා කීය

පාස්කු ප්‍රහාරයෙන් මියගියසහ තුවාල ලැබූ සියලු දෙනාට ශෝකය පළ කරන බව ද ඔහු සඳහන් කළේය

අගමැතිවරයා මෙසේ පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී අදට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි .

 



අදහස් (23)

‘‘පාස්කු ප්‍රහාරකයනට බේරුමක් නෑ‘‘

Karl Wednesday, 21 April 2021 06:29 AM

අම්මෝ ඇති යන්තං!!!

:       35       45

මිහිකා Wednesday, 21 April 2021 07:13 AM

බයිලා ගැසීම තාම ඉවරයක් නැත.

:       20       57

rathgama Wednesday, 21 April 2021 07:25 AM

දැන් ඉතින් ඔය පාස්කු ප්‍රහාරය කරේ තියන් නැටුවා කියලා අනිත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ නේ ඒ නිසා ඒ පත් කරපු කමිටුවට එක කරන්න ඉඩ දීලා මේ රටේ මිනිස්සුන්ට ජිවත් වෙන්න පුළුවන් ප්‍රයෝජනවත් දෙයක් කෙරුවා නම් නේද ඔය අගමැති කමෙන් වැඩක් සිද්ධ වෙන්නේ.

:       18       45

fairoos Wednesday, 21 April 2021 07:35 AM

මේක තමයි දැන් අවුරුදු දෙකක් තිස්සේ කියන්නේ.

:       33       53

BamunuarachchiSaturday, 24 April 2021 11:13 AM

ඔන්න අද ඔය ගොල්ලන්ගේ ගජයෝ දෙදෙනෙක් ඇල්ලුවා.. දැන් කියන්න අහිංසකයින් දෙන්නෙක් ඇල්ලුවා... මහා මොලකරුවා පැත්තක කියලා.

:       0       0

සිරිබිරි Wednesday, 21 April 2021 07:47 AM

සියලුම දෙනා දන්නවා ඕක කෙරෙන්න ඇරලා අහක බලාගෙන හිටියේ කවුද කියල .

:       44       45

Sudesh Wijenayake Wednesday, 21 April 2021 07:56 AM

මේ පාරනම් කොහොමහරි අල්ලයි වගේ බයේ බෑ.

:       9       36

බද්රානි Wednesday, 21 April 2021 08:18 AM

ප්‍රහාරකයින් දැනට ලංකාවේ නීතියෙන් ගැලවී සිටියත්, ඔවුන්ට විශ්ව ධර්මයේ හා දේව නීතියෙන් නම් ගැලවීමක් නැති බව අපිත් දන්නවා. ඔය අපරාධයට සම්බන්ධ මහා මොළකරුවන්ගේ පරම්පරා ගානකට සසර වසන තුරාවටම ඒ ශාපයෙන් ගැලවීමක් ලැබෙන්නේ නැහැ කවදාවත්. අනික ඔය ප්‍රහාරයට කලින් සමාජයට වඳ කොත්තු කවලා ඊට සුදුසු පරිසරයකුත් නිර්මාණය කළා. ප්‍රහාරකයින්ට වැටුප් පවා ගෙවා තිබුනා. බෝම්බ තාක්ෂණයත් ලබා දීලා තිබුණා ඒ ප්‍රොජෙක්ට් එකට නියමෙටම. සමහරක් හිතාගෙන ඇති අපි බබ්බු කියලා.

:       69       46

පැතුම් පුතා Thursday, 22 April 2021 07:16 AM

කොහේ තියන විශ්ව ධර්ම, දේව නීතිද? මේ බෝම්බ තියපු මෝඩ රැළ මිනීමරාගෙන මැරුණේ දිව්‍යලෝකයේ උපදින්න හිතාගෙනනේ? හිනායනවා නෙවෙයි ඇඬෙනවා. ආගම් කියන්නේ වසංගත. මෝඩ මිනිස්සු ඔල්මොරොන්දම් කරලා මිනීමරවන්න වුණත් පුළුවන් භයානක වසංගත. ලෝකේ හැම ආගමක්ම ඒ වගේ තමයි..

:       18       6

බද්රානිThursday, 22 April 2021 08:04 AM

පොඩි වුණාට පැතුම් පුතාගේ ටිකිරි මොළයට හිතෙන දේවල් නම් හරි ලොකුයි. එතකොට ඒ කාලේ ප්‍රභාකරන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කළේත් ආගම් භාවිතා කරලාද? බෝම්බ කරුවන් කෙසේ වෙතත්, ප්‍රහාරයේ මහමොලකරුවන් නම්, දිව්‍ය ලෝකේ යන්න හිතාගෙන මේ මිනිස් සංහාරය කළ බව පැතුම් පුතා නොදන්නවා වුණාට, අපි දැනගෙන නම් ගොඩක් කල්. "හැලිය රත් වේගෙන එද්දී තමයි කකුළුවන් හොඳටම නටන්නේ" අන්න ඒක තමයි විශ්ව ධර්මයේ ස්වභාවය. පැතුම් පුතා ඒ හැලියේ ඉන්න කකුළුවන් නටනවා දැකලා සතුටු වෙන කෙනෙක් වගෙයි කතාවෙන් නම් පේන්නේ...

:       1       6

පැතුම් පුතා Thursday, 22 April 2021 10:22 AM

බද්රානි ආච්චි මට වඩා වැඩිමහලු වුණාට මොළේ අඩුයි.. අඩුම ගානේ පරිචිත ඥාණය කියන එකවත් හැදිලා නැහැ නේ, බද්රානි ආච්චි නොදන්නවා වුණාට උතුරේ යුද්ධයත් ආගමික හටනක් තමයි, ටොන් එකක් උදාහරණ දෙන්න පුළුවන්. ටයිප් කරන්න කම්මැළියි. ආච්චි නිකං ඉන්න වෙලාවට ඉතිහාසය ගැන කියවන්න. ආච්චිගේ ආගම හැදුණු හැටි වැඩිදියුණු වෙලා ආගමික සංස්ථාවක් වුණු හැටි.., එම විශාල සංස්ථාව නඩත්තු කරන්න ඒ ආගමේ පූජකයින් වැඩකරන හැටි මධ්‍යස්ථව බලන්න. එතකොට හොඳට තේරේවි...

:       5       4

බද්රානිThursday, 22 April 2021 02:55 PM

පොඩිකමට හිච්චි පුතා භාවිතා කරලා වචන හා ලොකු අදහස් මගේ සිත සසල කළා ඇත්තටම.... ඒ මදිවට, පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවා මේ ප්‍රහාරය මෙහෙය වූයේ ආගමික බලය තහවුරු කර ගන්න කියලා ටිකිරි පුතා තවම හිතාගෙන ඉන්නවා... හරි පුදුමයි, දේශපාලන බලය වෙනුවෙන් ඒ ප්‍රහාරය සිදුකළ බව පුතාට හිතෙන්නේ වත් නැහැ. ඔබ ඒ කියපු මගේ ආගමේ, ශාසනය, සංස්ථාවක් බවට පරිවර්තනය වෙලා, ඒකට නව මැනේජර්ලා හා එකවුන්ටන්ලා පත්වෙලා සිටින බවත් මම නොදන්නවා නෙමේ පුතා. සංස්ථාවේ දියුණුව කෙසේ වෙතත්, එයාලාගේ සුඛෝපභෝගී දිවි පැවැත්ම ගැන මට නම් ඇත්තේ විශාල සතුටක්... ඔවුන් තමන්ගේ බොස්ලා වෙනුවෙන් කරන උදාර සේවය ගැන නම් අගය නොකරම බැහැනේ... මොනවා වුණත් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙන්න නම් පුතාගේ දැනුම හොඳටම ප්‍රමාණවත් කියලා මට නිකමට වගේ හිතෙනවා...

:       3       6

ජයන්ත මිලානො Wednesday, 21 April 2021 08:27 AM

හොද උත්තරයක්,වින්දිතයින්ට සැනසීමක් මැතිවරණ පොරොන්දුවක් .කාදිනල්ට සිනහවක් ගොනාට අන්දවීමක්.

:       33       28

harishchandra Wednesday, 21 April 2021 08:28 AM

මේ පාර නම් ලේසි වෙන්නේ නෑ

:       15       23

Samantha Wednesday, 21 April 2021 08:29 AM

ස්වාධීන පොලීසියක් හිටියා නම් හුඟදෙනෙකුට ඇතුළට යන්න වෙනවා.කොහොම වුණත් ජනතාව බලය අතර ගන්න කාලය වැඩි ඈතක් නෑ එතකොට හුඟ දෙනෙකුට ගඩාෆිට වෙච්ච දේ වෙන්නේ.

:       14       38

විපරමා Wednesday, 21 April 2021 08:55 AM

බල තණ්හාවෙන් උමතු වෙලා කවදත් කෙරුවේ ජනතාව ගොනාට අන්දවපු එක තමා .

:       36       36

විජිත් Wednesday, 21 April 2021 10:24 AM

ඔය සිද්ධියට අදාළ බෝම්බ සැදීමට අවශ්‍ය නව තාක්ෂණය ලබා දුන්නා , අධිබල පිපිරීම් පිළිබඳ විශේෂඥයෙක් වන දැන් සිංගප්පුරුවේ සිටින හිටපු හමුදා නිලධාරියාගෙන් පටන් ගත්තානම් එදා දේශපාලනයෙන් බංකොලොත්වෙලා ජනේලයේ එල්ලිලා හිටපු හොර රැල මේ සිද්ධියට සම්බන්ධ බව ඔප්පු වෙනවා. මොන බලපුළුවන්කාරකම් කරලා හැංගිමුත්තන් කලත් දවසක ... සොබාදහමේ නිතිය අනුව මේ මිනීමරුවන්, ප්ලැන් කල උන් ඇතුළු සියලුම මාරයින්ට දඬුවම් ලැබෙනවා. මියයන්නට කලින් දස දුක් විඳලා විඳලා උන් මැරෙන්නේ.

:       39       18

RIHAN Wednesday, 21 April 2021 10:50 AM

හෙට 22 නේ එතකොට ඔක්කොම ඉවරයි හෙට අලුත්ම තරුවක් ගෙනෙයි..

:       5       13

සෑම් Wednesday, 21 April 2021 10:59 AM

මුණ දකිනකොටත් පිළිකුල්. ඇගේ මාළු නටනවා.

:       18       17

BamunuarachchiSaturday, 24 April 2021 11:21 AM

2009 ත් ඔහොම කිව්වද? එතකොට කිං... ඕගොල්ලන්ගේ රට පාවා දෙන්න ගිය හාදයා නොදකිං. මතකද? මටත් එහෙමයි ඔබේ කතාව අහනකොට මට පිළිකුල්. මගේ ඇඟේ මස් නලියනවා. හෝදලා වතුර යන්න මිරිකපු සරම ඔබේ කතාවට බරස්ගාලා අත්දෙකට කැඩිලා ආවා. ඒ ඔබ නම්...!

:       0       0

යහපාල Wednesday, 21 April 2021 11:07 AM

ඔය බේරුමක් නැහැයි කියන්නේ පූජිත්ටයි හේමසිරිටයි වෙන්න ඇති නේද ?

:       12       17

WCA Wednesday, 21 April 2021 03:10 PM

කයිවාරුව විතරයි තාම එකෙකුටවත් නඩු දා ගන්න බැරිවුණා ආසාවටවත්... ඇහුවොත් ඕක සංකීර්ණ ක්‍රියාවලියක්... නඩු දැම්මොත් වැරදි කරුවන් නිදහස් වෙන්න පුළුවන්... ඒක හින්දා පරක්කුයි කියයි.

:       8       4

Ananda Thursday, 22 April 2021 04:11 AM

ඔය දවසට මොනවා හරි කියන්න එපැයි ඕකත් ඒ හින්දා එළියට දාපු වචන වලින් එකක් විතරයි.

:       5       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

දුම්රිය ටිකට් මගඩියට තවත් තුනක් මාට්ටු
2025 ජනවාරි මස 24 300 0

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවාගැනීමේ දි වැඩි මිලට දුම්රිය ටිකට්පත් අලෙවි කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහායක ශිල්පිය


සභානායක අසුනේ අමුත්තෙක්
2025 ජනවාරි මස 24 1594 1

සභානායක බිමල් රත්නායක මහතාගේ ආසනයේ ඔහු නොසිටි අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අසුන් ගැනීම පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් පාර්ලිමේන්තු


’ජනතාවට බරක් නොවි සුපිරි නිවාසවලින් යන්න’
2025 ජනවාරි මස 24 912 5

රටේ අහිංසක මිනිසුන්ගෙන් කාලා බීලා ඉන්න ලැජ්ජාවක් නැද්දැයි ප්‍රශ්න කරන බවත් ජනතාවට බරක් නොවී කරුණාකර ඔය සුපිරි


හිටපු පීසී ගේ ඇතුලේ කසිප්පු පෙරලා
2025 ජනවාරි මස 24 403 0

සිය පදිංචි නිවස තුල කසිප්පු පෙරමින් සිටි හිටපු පොලිස් කොස්තාපල් වරයෙකු ඊයේ (23) සවස අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි


අයිස් සමඟ දෙන්නෙක් මාට්ටු
2025 ජනවාරි මස 24 216 0

කළුතර සහ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදාහැරීම සදහා යොදාගත් යතුරු පැදි පහක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨා


ඇමති වියදම් ගැන ජනපති ලේකම්ගෙන් චක්‍රලේඛයක්
2025 ජනවාරි මස 24 1004 1

රජයේ අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ පහසුකම් සම්බන්ධයෙන් සීමා පනවමින් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා වි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 14 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 526 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 637 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site