(ඉන්දිකා රාමනායක)
පාස්කු දින මඩකලපුව සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු මෙහෙයවූ ප්‍රධාන සැකකරු ගල්කිස්ස ප‍්‍රදේශයේ දී අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මොහු දෙහිවල ප්‍රදේශයේ පදිංචි (40) හැවිරිදි සැකකරුවකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කර සිටියේ.
කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාරය සිදුකළ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු ද මෙම පුද්ගලයා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර සියලුම් අවශ්‍ය කරුණු කාරණා සපුරාගෙන සමාජයට අනවශ්‍ය විෂබීජ මුල්, වැල්, අල, සියල්ල පුළුස්සා දමන ලෙස කාරුනාකර අදාළ ආයතනවල ලක්මවට අවංකව ආදරය කරන ලක් අම්මාගේ දරුවන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. මෙම ලැබී තිබෙන මහගු අවස්ථාවෙන් ලක්මව බේරාගනිමු.
දැන් තමයි නියම වෙලාව. මොකද මේ අයට ෙවෙන රටකට පනින්නත් බැහැනේ. මම හිතනවා අපේ පොලිස් නිලධාරීන් අවංකව කටයුතු කරයි කියලාා. මේ අයගේ මහමොලකරුවෝ පාර්ලිෙමේන්තුවට සම්බන්ධ අයවත් අත්අඩංගුවට ගන්න.