IMG-LOGO

‘පාස්කු දා ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂාව ගැන සෑහීමට පත්වෙන්න බෑ’

(නිමල කොඩිතුවක්කු)

පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු රටේ  ආරක්ෂක කටයුතු සිදුවන ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (29) පැවසූහ.

එහෙන් මෙහෙන් ලැබෙන තොරතුරු මත විමර්ශන කටයුතු සිදු කරනවා වෙනුවට සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදුකළ යුතුව ඇති බවද අගරදගුරුතුමෝ සදහන් කළහ.

බොරුල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී  අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.

(ඡායාරූප - ඉෂාන් සංජිව)



අදහස් (7)

‘පාස්කු දා ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂාව ගැන සෑහීමට පත්වෙන්න බෑ’

රංග Monday, 29 April 2019 08:01 AM

ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ ප්‍රගතිශීලීම පාප්තුමා තමයි දැන් ඉන්නේ.

:       65       113

sas Monday, 29 April 2019 08:30 AM

අගරදගුරු තුමා නිවැරදියි. සරත් ෆොන්සේකා මහතාට සුදුසු තනතුරක් දීම කාලෝචිත වන්නේ ඒ නිසයි.

:       12       148

ශෙහාන් යාපා Monday, 29 April 2019 08:31 AM

ඇත්තටම හරිම උතුම් මනුස්සයෙක්. මම බෞද්ධ වුනත් අවන්කවම ගොඩක් ගරුකරනවා. ඒ වගේම අපේ අරක්ශක අංශ ගොඩාක් දක්ශයි. බුදුසරනින් ජේසු පිහිටින් කොල්ලො ටික හරියටම මේ ප්‍රශ්නේ විසදයි. ඒත් මේ පාලකයො ටික තමයි මේවා නවත්තන්නේ. මේ ජාතිද්‍රෝහී ආණ්ඩුවනම් පැන්නිය යුතුමයි. නැත්තන් අපිට රටක්නම් ඉතුරුවෙන්නේ නෑ.

:       181       257

Raveendra Monday, 29 April 2019 08:33 AM

ඇත්තෙන්ම ඔබ වහන්සේගේ අදහස් අප අගය කරන්නෙමු.

:       0       98

KANDEPOLA Monday, 29 April 2019 09:26 AM

මුස්ලිම් පල්ලි හැම එකටම හමුදාව සහ පොලිසිය ආරක්ෂාවට යොදවලා... හැබැයි ගම්වල, නගරවල කිසි කෙනෙක් නෑ... ඇයි ඒ? විශේෂයෙන් අප්‍රේල් උත්සව සමයේ නුවරඑළිය වගේ නගරවල විශාල මුස්ලිම් ජනතාවක් රැඳිලා හිටියා. ඒ දවස්වල අඩියෙන් අඩියට පොලීසිය හිටියා. දැන් කිසි කෙනෙක් නෑ. කාදිනල්තුමාගේ කතාව ඇත්ත...

:       0       66

wimal Monday, 29 April 2019 09:43 AM

මම බෞද්ධයෙක්... ඔබ වහන්සේ අපේ හදවතට කතා කරනවා හැමදාම.. අපිට ඉන්නවද ආගමික හෝ වෙනත් නායකයෝ ඔබ වහන්සේ වගෙ සිහි බුද්ධිය ඇති? ඔබ වහන්සේ කියන දේවල් මේ රටට සහ නායකයින්ට වහ කදුරු වගේ, ඔබ වහන්සේ අපිට වටිනාම සම්පතක්...

:       1       119

Hafeel Monday, 29 April 2019 11:48 AM

අපේ බුද්ධි අංශය සහ ආරක්ෂක අංශ ඉතා දක්ෂයි. ඒ වගේම ඉතා කරුණාවන්තයි. දේශපාලකයෝ කකුලෙන් අදින්නේ නැත්නං, මේ ප්‍රහාරය වළක්වන්න තිබුණා. මේ ප්‍රහාරයට සම්බන්ධ දෙදෙන‍ෙක්ව මීට කලින් පොලිස් අත්අඩංගුවෙන් දේශපාලන බලපෑම් උඩ නිදහස් කරලා තියෙන්නේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 795 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1208 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site