(ඉන්දිකා රාමනායක)
පාස්කු දා රටපුරා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර වලට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් කණ්ඩායම සතුව රුපියල් කෝටි 714 ක වැඩි මුදල් හා දේපළ ප‍්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මින් කෝටි 700 ක් දේපළ හා කෝටි 14 ක් මුදල් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මුදල් වලින් කොටසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන ඇති අතර සෙසු මුදල් ඔවුන්ගේ බැංකු ගිණුම් වල ඇති බව රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම මුදල් , බැංකු ගිණුම් සහ දේපළ රාජසන්ත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි හොයාගන්තට මදි මහත්තයො ඉතිරි අය අල්ලන්න ආයේ ඒ අයට රට විනාශ කරන්න ඉඩ නොතබන්න. සහාය දුන් ඇමති මන්ත්‍රීලා අල්ලන්න ත්‍රස්ථවාදීන්ට ඇප දෙන්නෙ ඇයි...?
ත්‍රස්තවාදයෙන් අසරණ වූ ජනතාවට පිහිට වීමට මේවායින් අරමුදලක් පිහිටවමු.
මොවුන්ගේ පවුල්වල සියලු දේපල අත්පත් කරගෙන මොවුන් විනාශ කරපු ආයතන නැවත පිළිසකර කර යථා තත්වයට පත්කරා නම් හරි...
මේ සල්ලි මියගිය අයගේ පවුල්වලට හා තුවාල වුණු සියල්ලන්ට බෙදාදෙන්න...
මොවුන්ගේ ජීවත් වීමේ අයිතියත් තහනම් කරන්න.
මීට කලින් කොටි ත්‍රස්තයින්ගේ කේ පි ගෙන් බිලියන ගණනක වත්කම්, රත්තරන් සහ නැව් සමාගම්ද සොයා ගත්තා මතකයි . නමුත් ඒවාට වුන දෙයක් නැත . අඩුතරමින් මේ ලැබුන මුදල් වලින් කැඩුණු පල්ලි ටික හදලා විපතට පත්වූ අයට වන්දි ගෙවන්න.
ඉතින් ඊට පස්සේ? සබා තොමෝ සතුටින් විසිර ගියහ.
සාටකලා හොරකම් කරගෙන තිබෙන ගානට ඔය ගණන අබ ඇටයක්
චාකන ලොස් ඇංජලී ගියේ බෝට්ටුවෙන්ද? හික්ස්