(ඉන්දිකා රාමනායක)

පාස්කු දා රටපුරා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර වලට සම්බන්ධ  ත‍්‍රස්තවාදීන් කණ්ඩායම සතුව රුපියල් කෝටි 714 ක වැඩි මුදල් හා දේපළ ප‍්‍රමාණයක්  සොයාගෙන ඇති බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මින් කෝටි 700 ක්  දේපළ හා කෝටි 14 ක් මුදල් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මුදල් වලින් කොටසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන ඇති අතර සෙසු මුදල් ඔවුන්ගේ බැංකු ගිණුම් වල ඇති බව රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම මුදල් , බැංකු ගිණුම්  සහ දේපළ රාජසන්ත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.