IMG-LOGO

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා


පීසීආර් මගහැරියොත්- ව්‍යාජ තොරතුරු දුන්නොත් දේපළවලට මුද්‍රා

(ඉන්දිකා  රාමනායක)

පී සී ආර් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ දී ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට සහ එම පරීක්ෂණ මගහරින පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ සහ නිරෝධායන නීතිය යටතේ උපරිම නීතිය ක්‍රියාත්මත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

මොවුන් රටට  ද්‍රෝහිකම් කරන පුද්ගයන් සහ වයිරසය තවත් පුද්ගලයන්ට ව්‍යාප්ත කරන්නන් වශයෙන් සලකා ඔවුන්ගේ නිශ්චල චංචල දේපළ මුද්‍රා තැබීමට  කටයුතු කරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පී සී ආර් පරීක්ෂණය කිරීමේදී කිරීමේදී ඇතැමුන් ලබා දෙන්නේ ව්‍යාජ තොරතුරු බවට තොරතුරු හෙළි ව ඇති බවත් අන් අයෙකු ලෙස පෙනීසිටීමේ වූ වරදට ඔවුන් යටත් වන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙවැනි නීති විරෝධී ක්‍රියාවන්හි  නිරත නොවන ලෙසත් කෝවිඩ් වයිරසය මෙරටින් තුරන් කිරීමට සියලු දෙනාම ඒකරාශි වී කටයුතු කළ යුතු බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය .

මෙවැනි අවස්ථාවක රටවැසියන් වශයෙන් සියලු දෙනා ඒකරාශි වී සෞඛ්‍ය බලධාරීන්ට  ඒ සදහ අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදිය  යුතු බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය .



අදහස් (2)

පීසීආර් මගහැරියොත්- ව්‍යාජ තොරතුරු දුන්නොත් දේපළවලට මුද්‍රා

Prabha Sunday, 13 December 2020 11:32 PM

ජාතික හැදුනුම්පත අනිවාර්ය කරන්න... යුද්ධය කාලෙ වගේ..

:       0       0

Nelum kumari Tuesday, 15 December 2020 09:17 AM

හොද වැඩක්... අපේ අයට ශක්තිමත් වැඩ පිළිවෙළක් අවශ්‍යයි. නැතිනම් පාලනය කරන්න අමාරුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අන්තවාදය ගැන බොරු කිවැයි කොතලාවල සරසවියේ ආචාර්යවරයකු අත්අඩංගුවට
2024 මැයි මස 29 235 0

ඉන්දියාවේදී ඉකුත්දා සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිවු දෙනා ඇතුළුඅන්තවාදයට නැඹුරුවූ ශ්‍රී ලාංකිකයින් හාරසීයක් පමණ සිටින බවට වැරදි සහගත තො


තලාවේ ශ්‍රීලනිප 55ක් සජබට එක්වෙති
2024 මැයි මස 29 214 0

තලාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු, අපේක්ෂකයන් පස් දෙනකු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු 55 දෙනෙක් සමග


බේබද්දෙක් මගීනුත් එක්ක ගලේවෙලදී බසයක් පැහැරගෙන
2024 මැයි මස 29 12 0

පෞද්ගලික මගී බස් රථයක් ගලේවෙල ප්‍රදේශයේ හෝටලයක් අසල නතර කර රියැදුරා සහ කොන්දොස්තරවරයා ඇතුළු මගීන් පිරිසක් ආහාර ගැනීම සඳහා ගොස් සිටියදී බීමතින් සිටි


පාසල් නේවාසිකාගාරය වධකාගාරයක් කළ පාලිකාව අල්ලයි
2024 මැයි මස 29 349 0

යාපනය කයිට්ස් ප්‍ර දේශයේ කාන්තා පාසලකට අයත් නේවාසිකාගාරයේ රැදී සිටි දැරියන් 8 දෙනකුට පහරදී හිරිහැර කළ බව කියන පාලිකාවක අත්අඩංගුවට ගත් බව කයිට්ස් පොලි


වරායේ තෙල් හැලූ කපිතාන්ට රටින් පිටවීම තහනම්
2024 මැයි මස 29 356 0

කොළඹ වරාය පරිශ්‍රයේ මුහුදු තීරයට තෙල් කාන්දුවීමක් සහිත නෞකාවක් නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයකුට මාසයක කාලයකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන්


දොස්තරල නැතිව රෝහල් වැඩ අඩපණයි
2024 මැයි මස 29 194 0

ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් රට පුරා පර්යන්ත රෝහල් රැසක රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යෑම දැඩි අභියෝගයක් බවට පත්ව ඇතැයි රජයේ වෛද්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1026 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2600 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2218 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site