IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


පුෂ්පිකා - කැරොලින් සාකච්ඡා අසාර්ථකයි

(ඩයනා උදයංගනී සහ නිපුන් ගරුක)

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස තමන් කිරුළු පැළඳූ අවස්ථාවේ එය බලහත්කාරයෙන් ගලවාගත් ලෝක විවාහක රූ රැජිණ වන කැරොලින් ජූරි සහ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර සමඟ සාකච්ඡා කර සමථයකට පත්වීමට උත්සාහ කළත් එය අසාර්තකවීම නිසා නීතිමය පියවර ගැනීමට තීරණය කළ බව විවාහක රූ රැජිණ වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය පැවසූවාය.

ඔවුන් දෙදෙනා සමඟ සමාදානවීමට පැය හතරක පමණ කාලයක් උත්සාහ කළත් තමාට කළ අපහාසය සම්බන්ධයෙන් සමාව ඉල්ලීමට ඔවුන් අකමැතිවීම නිසා තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇය කීවාය.

පුෂ්පිකා ද සිල්වා මහත්මිය රූ රැජිණ තේරීමේ තරඟයේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් කර තිබූ පැමිණිල්ල විභාග කිරීමට ඇය සහ සහ කැරොලින්වි ජූරි, චූලා පද්වාමේන්ද්‍ර මහත්මීන් කුරුඳුවත්ත පොලීසියට අද (8) උදෑසන කැඳවා තිබූ අතර පොලිස් ස්ථානයෙන් ආපසු පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවසුවාය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය

මොකද අද සිදුවුණේ

පිළිතුර

අපි පැය 4ක් පමණ උත්සාහ කළේ දෙපාර්හවය අතර සමතයකට එන්නයි. මට මේ දේ වැඩිදුර ගෙනියන්න ඕනෙ වුණේ නැහැ. මම වගේම ඔවුනුත් දරුවන් ඉන්න අම්මලා නිසා මට අවශ්‍ය වුණේ මේ ප්‍රශ්නය නවත්වන්නයි. මා අපකීර්තියට පත්කිරීම ගැන මාධ්‍ය සාකච්ඡාවකින් හෝ මගේ නම කියා සමාව ඉල්ලන්නැයි මම ඔවුන්ට කීවා. ඔවුන් එයට කැමති වුණේ නැහැ.

මෙයින් මහ අසාධාරණයක් වෙන නිසා නීතිමය පියවර ගැනීමට මමත් මගේ නීතීඥවරියත් තීරණය කළා.

ඔවුන් මාව වේදිකාවක් උඩ අපහසුතාවයට පත්කළේ ලෝකයක් බලා සිටියදීයිත එයින් මා ‍මානසිකව වැටුණා. ඒ වුණත් මට ඔවුන් දෙදෙනා අපහසුතාවයට පත්කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒත් ඔවුන් එයට අකමැති වුණ නිසා මට කරන්න දෙයක් නැහැ. ඒ ඔවුන්ගේ කර්මය වෙන්න ඇති. මම සැමවිටම හිතන්නේ ඔවුන් ගින්දර නම් මම වතුර කියලයි. හැමෝම කැමති වතුරට මිස ගින්දරට නෙවෙයි. මම ඔවුන්ට හැමදාම සමාව දෙනවා. මට සමාව දෙන්න පුළු්වන්ත නමුත් අමතක කරන්න බැහැ.

ප්‍රශ්නය

කැරොලින් ජූරි මහත්මිය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බව කියනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර

ඒ ගැන මම දන්නේ නැහැ. ලෝක රූ රැජිණ සංවිධායකයින් විසින් ගතයුතු තීන්දුවක් තිබෙනවා නම් ගනීවි.

ප්‍රශ්නය

නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ කුමන චෝදනා යටතේද?

පිළිතුර

ඒ ගැන පොලීසියේ සඳහන් කර තිබෙනවා.

(ඡායාරූප ළහිරු හර්ෂණ)



අදහස් (9)

පුෂ්පිකා - කැරොලින් සාකච්ඡා අසාර්ථකයි

Ruhunu Thursday, 08 April 2021 11:56 AM

මින් මතුවටත් මේ වගේ විකාර වැඩ නවත්වන්න ඕනෑ. මේ අයට පළඳවන්න ඕනෑ අං තට්ටුවක්...

:       0       57

Nirmal Thursday, 08 April 2021 12:00 PM

ඊට පස්සේ මොකද වෙන්නේ? යුද්ධ ප්‍රකාශ කරනවද? නැත්තන් එක්සත් ජාතීන් ගාවට හරි, ආරක්‍ෂක කවුන්සිලයට හරි යනවද?

:       1       32

vikum Thursday, 08 April 2021 12:16 PM

ඔය ඔටුන්න පළන්දන්න ඕනෑ, උඹලත් එක්ක දීගකන පිරිමින්ට...

:       2       58

Kumara Thursday, 08 April 2021 06:00 PM

දැන් ඉඳන් දෙවන මහා ලෝක යුද්ධය බලාගන්න පුළුවන්...

:       0       2

channa - gampaha Thursday, 08 April 2021 06:30 PM

මේ තරඟයේ අවසන් වටයේ ලකුණු ලිස්ට් එක කෝ..? ආණ්ඩුවේ ඉන්න ලොකු ලොක්කෝ ගැන කියමින් පුෂ්පිකා බොස්ටින් කරපු හඬපටිත් එළියට. මෙය සම්පූර්ණයෙන්ම පොහොට්ටු මෝඩ බයියන්ගේ වැඩක්...

:       0       2

gamunu Thursday, 08 April 2021 08:42 PM

ලංකාවේ ජනතවට පිස්සු නම් මේවගේ අයව පාර්ලිමේන්තුවට පත් කරවී. අනෙක වංක චේතනවවෙන් සහ වංකව මුදල් උපයාගෙන එම මුදල් යොදවා කරන කිසිම දෙයක් සාර්ථක වන්නේ නැත.

:       0       20

Pradeep Friday, 09 April 2021 03:22 AM

මේ වන විට රටේ ඇති දැවෙන ප්‍රශ්ණය.. "මිසිස් ශ්‍රී ලංකා කිරුල කාටද".. මුං ඇට, පොල් තෙල්, කහ සහන මලු ඔක්කොම ප්‍රශ්ණ දැන් ඉවරයි. එන්න සාමකාමීව අවුරුදු සමරමු.

:       1       13

jayasekara Friday, 09 April 2021 04:14 AM

ලෝක තරගයෙන් මුළු ලෝකන්ම දිනලා ඔටුන්න ගත්ත කෙනා... එකෙදී අහපු බුද්ධි පරික්ෂණයෙන් කොහොම සමත් වුණාද දන්නේ නැ.... එදා ලංකාවේ වෙච්ච සිද්ධියෙන් එයාගේ මොලේ තියෙන්නේ කොහෙද කියලා හිතා ගන්න පුළුවන්..

:       0       14

nimelen Sunday, 11 April 2021 03:09 AM

මුන් තව දේශපාලනෙටත් එන්න හදනවා ලු නේ? .නලු නිලියෝයි විකටයොයි මොඩල්ස් ලා යි.. කසිප්පු කාරයෝයි තව කවුද කියපන් අඩු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 981 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1033 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site