(විනීතා එම් ගමගේ)
පවතින රටාව වෙනස් කරන්න මැතිවණයකට ගොස් ශක්තිමත් ආණ්ඩුවකට සුදුසු පිරිස් පත් කර ගන්නැයි පාලකයින්ට අනුශාසනා කිරීමට මහා විහාරය ඇතුළු ත්‍රෛනිකායම තීරණය කොට ඇතැයි ආචාර්ය මැදගම ධම්මානන්ද, ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි නාහිමියෝ පැවැසූහ.
පවතින්නේ බල ලෝභය මුල් කරගත් අර්බුදයක් යැයි සියලූ දෙනාම වටහා ගත යුතු යැයි ද දැනට ඇති එකම විකල්පය මැතිවරණයකට යාම පමණක් බව ද උන්වහන්සේ කීහ.
නීති විශාරදයන් යැයි කියා ගන්නා පිරිස් ජනතා හදවත් පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව හැදු 19 වන ව්‍යවස්ථාව මේ අර්බුද සියල්ලට හේතු වූ බව ද එය රාජපක්ෂ පවුල මුල් කරගෙන සැකසූ එකක් බව පෙනී යන්නේ යැයි ද ධම්මානන්ද හිමියෝ පැවසූහ.
එම සංශෝධනය යම් ආකාරයකට විධායක බලතල ජනාධිපතිවරයා ගෙන් සූක්ෂම අයුරින් උදුරාගෙන පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරගන්නට කටයුතු කර ඇතැයි ද 19 තම වාසියට අර්ථකතන දෙන අන්දම 33 වගන්තිය 62 වගන්තිය 70 වගන්තිය ඇතුළු වගන්ති තුළින් පෙනෙන බවත් යම් අවුල් සහගත තත්ත්වයක් ඇති කර ඇතැයි පෙනෙන බවත් උන් වහන්සේ කීහ.
අධිකරණ තීන්දුව ලැබෙන තුරු නොසිට කතානායක පාර්ලිමේන්තුව රැස්කළ අවස්ථාවේ කළ යුතුව තිබුණේ න්‍යාය පත්‍රය අනුව කටයුතු කිරීම වුවත් 2015 සිටම ක්‍රියාත්මක බලවේගයක් විසින් එය වළක්වනු ලැබී යැයි ද ලේඛකාධිකාරී හිමිපාණෝ පැවැසූහ.
මූලධර්මවාදී අන්‍යාගමික බලවේග දේශපාලනයට අතපොවා ඇතැයි ද මේ නිසාම බුදුදහමට නිග්රහකිරීම සිදුවන්නේ යැයි ද කී ධම්මානන්ද හිමියෝ මෙහි මූලිකත්වය ගන්නේ ටී එන් ඒ මන්ත්‍රීවරු පමණකැයි ද පෙබරවාරි හතරවැනිදාට පෙර සෙංකෝලය මුල්ලකට ගෙන මයික් එකක් ගෙන අවශ්‍ය තීන්දු තීරණ ගන්නට ඔවුන් සූදානමින් සිටින්නේ යැයි ද උන්වහන්සේ පැවැසූහ.
කෙසේ වෙතත් පවතින තත්ත්වය වැළැක්වීමට කතානායකවරයාට මූලික වගකීමක් පවතින්නේ යැයි ද පැවැසූහ.
පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ සිටින බටහිර රටවල නියෝජිතයෝ උපවාස කරන තැන්වලත් පෙනී සිටින බවත් ඉන්දියාව චීනය හා මැද පෙරදිග රටවල් නිහඟව සිටීම ගැන සතුටක් පවතින බව ද උන්වහන්සේ කීහ.
දේශපාලන කඹ ඇදීම් තිබීම තුළින් සිදුවන්නේ රට ටිකෙන් ටික අගාධයට යාම යැයි ද ධම්මානන්ද හිමියෝ තව දුරටත් පැවසූහ.
මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරි හිමියෝ මේ අදහස් දැක්වූයේ කොළඹ නෙළුම් පොකුණේ අද (30) පැවැති මහ සඟ සමුළුවට සහභාගි වෙමිනි.
එම සමුළුවට මල්වතු පාර්ශවය වෙනුවෙන් සහභාගි වූ වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැකව ජිනරතන හිමියෝ ප්‍රකාශ කරන ලද්දේ 1948 න් පසු මෙවැනි ශෝචනීය ස්වරූපයක් නොදුටු බවය.
මේ අවස්ථාවේ රටට ආදරය නම් කළ යුතු එකම දේ නම් වහාම ඡන්දයක් පවැත්වීමට කටයුතු යෙදීම යැයි ද ජිනරතන හිමියෝ පැවැසූහ.
උසස්ම තීන්දුව වන්නේ ජනතාව ගන්නා තීන්දුව යැයි ද ඒ ස`දහා ජනතාවට අවස්ථාව ලබා දිය යුතු යැයි ද උන්වහන්සේ කීහ.
ගන්තුනේ අස්සජි, ශ්‍රී ලංකා අමරපුර මහ සංඝසභාවේ සභාපති හා අමරපුර චූලගන්ධි නිකායේ මහනායක හිමියෝ අදහස් දක්වමින් පැවසූයේ බුද්ධිමත් ලෝකය සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගෙන තිබෙන බවය.
කාදිනල් තුමන් මෙන්ම කිර්තිමත් ක්‍රීඩක මුරලිදරන් පවා මේ රට සිංහල බෞද්ධ රටක් බව පිළිගත යුතුයැයි පවසා ඇති බවත් ව්‍යවස්ථාව අනතුරට ලක් කරමින් පාර්ලිමේන්තුව පවත්වමින් ඇමතිවරු නැති වැය ශීර්ෂ කපමින් කටයුතු කරන්නේ යැයි ද කීහ.
මෙයින් සිදුවන්නේ ව්‍යවස්ථාව පිළිබ`ද ඇති විශ්වාසය නැතිවීම යැයි කී අස්සජි හිමියෝ විධායකය අවුලක පැටලී ඒ දෙක දෙපැත්තට අදිමින් සිටින්නේ යැයි ද පැවැසූහ.
ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරි හෝ වැරදි විය යුතු නමුත් කෙනෙකුට හරියටත් කෙනෙකුට වැරදියටත් දෙවිදියකට පෙනෙන්නට නොහැකි යැයි ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
බහුතරය සෙවිය යුතු පාර්ලිමේන්තුවේ නොව ජනතාවගෙන් යැයි ද 113 ලෑස්තියි කියමින් යන්නේ නැතිව ඡන්දයක් පවත්වා ස්ථාවර ආණ්ඩුවක් හැදීම සිදුවිය යුතු යැයි ද අස්සජි හිමියෝ කීහ.
විපක්ෂ නායක ඇතුළු කණ්ඩායම හිටපු අගමැතිට රාජ්‍යයක් පිහිටුවීමට උපකාර කරන්නට යන බවට ආරංචියක් තමන් වහන්සේට ලැබුණේ යැයි පැවසූ උන්වහනසේ පාර්ලිමේන්තුව ඉදිරියට නොව ජනතාව ඉදිරියට යන්නැයි තමන් ජනතා නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බව ද පැවැසූහ.
ශ්‍රි ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමියෝ අදහස් දක්වමින් පැවැසූයේ අනාගත රට ශක්තිමත් මට්ටමකට ගන්නට නම් වැඩිහිට පරපුර බුද්ධිමත් අයුරින් කටයුතු කළ යුතු යැයි පැවසූහ.
මේ යන ගමන ගියහොත් රටට මෙතැනින් එහාට ගමනක් ඇත්දැයි සැක හිතෙන්නේ යැයි ද උන්වහන්සේ පැවසූහ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය රට ස්ථාවර ගමනකට ගෙන ආ බවත් අනතරුව වැටුණු බවත් කී උන්වහන්සේ මහින්ද රාජපක්ෂ මහතා රට ස්ථාවර තත්ත්වයකට ගෙන ආ පසු එය ද 2015 දි ආපස්සට ඇද දැමුණු බවත් පැවසූහ.
1978 දි ඇතිවූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ එකී වචන අනුව ව්‍යවස්ව කටයුතු කළේ දැයි තමන්ට විමසිය යුතුව ඇතැයි කී පේ‍්‍රමරතන හිමියෝ මහජන ඡන්දයෙන් තේරී ආ බොහෝ දෙනා කළේ නමෙහි ඇති ප්රජාතන්ත්රවාදී යන වචනය මරා දැමීම නොවේ දැයි ප්‍රශ්න කළහ. අවුලෙන් අවුලට පත් නොකර මේ ප්රශ්නය වහා විසඳාගන්නැයි තමන් සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින බව ද උන් වහන්සේ කීහ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අදහස් දක්වමින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නට ඔන්න මෙන්න කියා තිබිය දී එයින් රට බේරා ගන්නට ගත් පියවරක් ලෙස අගමැති වරයා වෙනස් කිරීම හඳුන්වා දිය යුතුව ඇතැයි ද එයින් රටට සිදුවන්නට තිබු හානියෙන් බේරුණු බව ද කීහ.
මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ සියලූ දෙනා එක්ව මැතිවරණයකට ගොස් ජනතා අභිප්‍රාය ජය ගැන්වීම යැයි ද අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ.
කැළණිය විශ්ව විද්‍යලයේ සංස්කෘතික අංශයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ ප්‍රකාශ කරන ලද්දේ පවතින ප්රශ්නය සාමකාමිව විසඳාගන්නට වහාම ක්‍රියා කළ යුතු බවය. එහි දී වඩාත් ම උචිත යෝජනාව වන්නේ මැතිවරණයක් පවත්වා ජනතාවගේ අදහසට ප්‍රමුඛත්වය දීම යැයි ද එයින් ජනතා පරමාධිපත්‍යය රැකෙන්නේ යැයි ද උන්වහන්සේ පැවැසූහ.
කොළඹ 7 ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියෝ අදහස් දක්වමින් පැවැසූයේ රට විශාල ආක්‍රමණයකට අසුවී ඇති බවය. භික්ෂු කතිකාවත ඇති කරමින් ද ජතිවාදි ආගම්වාදි ජනත ගෙන එමින් ද භික්ෂු බලය දියකර හැරීමට පැවති රජය කටයුතු කළ බව උන්වහන්සේ කීහ.
මෙම සමුළුව අමතමින් බෙල්ලන්විල ධම්මරතන, බෙල්ලන්විල රජමහා විහාරාධිපති හිමිපාණෝ ඉංග්‍රිසි භාෂාවෙන් අනුසාශනාවක් කළහ. සභාව පිළිගනිමින් අදහස් දක්වන ලද්දේ කැළණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය මල්වානේ චන්දරතන හිමියන් විසිනි.
පුණ්‍යානුමෝදනාව කැලණිය විශ්ව විදයාලයේ වාග්විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමියන් විසින් සිදුකළහ.
සභාව මෙහෙයවනු ලැබුයේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික වල්ගම චන්ද්‍රරතන හිමියන් විසිනි.
මහා සංඝ රත්නයේ අධිෂ්ඨාන ප්රකාශනය එහි දී ඉදිරිපත් කරනු ලැබිනි. එම ප්රකාශනය ඉදිරිපත් කරන ලද්දේ පැපිලියාන සුනේත්රාදේවී පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති ගොම්බද්දල දමිත හිමියන් විසිනි.
ඡායාරූප - ළහිරු හර්ෂණ
’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවස
ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයේ 2026 වසර සඳහා නව සභාපතිවරයා ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පසුගිය සත
කොටහේන ශාන්ත බෙනදික්ත විද්‍යාලය අධ්‍යාපනයට වඩා තමන්ගේ ජීවිතයට වටිනාකමක්, ශක්තියක් සහ අරමුණක් ලබාදී ජීවිතය ගැන කියාදුන් බව යුද හමුදාපති ලුතිතන් ජනරා
ඉන්දියාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය මන්සුඛ් මන්දාවියා සහ ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහත්වරුන් අතර හමුවක් ඉ
මුල්ලේරියාව සහ දෙමටගොඩ ප්‍රදේශවලින් අද සවස ගිනි ගැනීම් දෙකක් වාර්තා වූ බව පොලිසිය කියයි.
නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර 3 ම අක්‍රීය වී ඇති බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
පවතින්නේ බල ලෝභය මුල් කරගත් අර්බුදයක්
kaweenga Friday, 30 November 2018 04:09 PM
කාලෙකට පස්සේ බෞද්ධ හිමිනමකගෙන් ඉතා වැදගත් දෙයක් අසන්න ලැබුණු එක ගැන හරිම සතුටකි.
Bamunuarachchi Friday, 30 November 2018 04:28 PM
අපේ හාමුදුරුවනේ බලලෝභය දේශපාලකයින් උප්පත්තියේම ගෙනඑන කෑදරකමකි. ජනතාව හැටියට අපි බැලිය යුත්තේ බලලෝභීකමිනුත් රටට වැඩක් සේවයක් කළ ලෝභියා රටේ පාලනයට තොරාගැනීමටයි. තමන්ගේ පැවැත්ම සඳහා රනිල් සූක්ෂම ලෙස ව්‍යවස්ථාව තමවාසියට වෙනස්කර ගත් බව ඔබවහන්සේලා තේරුම් ගැනීම මට මහා අස්වැසිල්ලකි. ඔය වග තේරුම් නොගත් ගොබ්බයො කොපමණ සිටීද? 2005 මහින්ද මහතා බලයට නාවානම් අද අපිට ශ්‍රී ලංකාවක් නොමැතිබව එ් අය නොදනී. මහබැංකු කොල්ලයෙන් රටේ ආර්ථිකය කඩා වැටුණා කියා පිළිගැනීමට මෙන්ම ගතවූ අවුරුදු 4 ට රටේ සංවර්ධනයක් නොවුණු බව පිළිගැනීමට ඔවුන් කැමති නැත.
vidya Saturday, 01 December 2018 02:30 AM
කඩේ යාමට දක්ෂ කෙනෙක්... වාචාලකමට කියවනවා මිසක් කිසිම වැඩක් ඇති කෙනෙක් නෙමේ. සෝරත හාමුදුරුවෝ හිටියා නම් පළාතේ ගන්න එකක් නැහැ. මුළු විශ්ව විද්‍යාලයටම ලැජ්ජාවක්...
sudath Saturday, 01 December 2018 02:35 AM
රටේ අර්බුද ඇතිවිටක මහා සංඝයා වහන්සේලාගේ අනුශාසනා ජනතාවට ලොකු ආශිර්වාදයක්...
aruna Saturday, 01 December 2018 04:34 AM
දැන් මැතිවරණයකට යාම කිසිවිටකත් නොකළ යුතුය. ප්‍රථමයෙන් කළ යුත්තේ ජනාධිපතිගේ තීරණවලට අධිකරණය මගින් නීති අර්ථ නිරූපනයක් ලබාගැනීමයි. මැතිවරණයකට යාම මෙන්ම අනෙකුත් කටයුතු ව්‍යවස්ථාවට අනුකූලව පසුව සිදුවිය යුතුමයි. එසේ නොවුණහොත් සිදුවන්නේ මේ රට බලලෝභී දේශපාලකයන්ගේ කෙලි බඩුවක් වීමයි. මේ රටේ අනාගතය අඳුරුවීම නියතයි. අපගේ වගකීම අනාගතය හා දරුවන් වෙනුවෙන් රටක් හැදීමයි.. මේ රටේ සංඝයා වහන්සේලා බහුතරය රට වෙනුවෙන් ස්වාධීනව කටයුතු කර නැති බව මම බුදුදහම අදහන අයෙකු වශයෙන් කියන්නේ කණගාටුවෙනි...
නීල් පෙරේරා Saturday, 01 December 2018 04:48 AM
මේ විදිහට ඡන්දයක් තිබ්බොත් සාධාරණ ඡන්දයක් පවත්වන්නේ නැතිබව ඔබට නොතේරෙන්නේ, ඔබ බුද්ධං සරණං පැත්තකට දමා මහින්ද සරණං ගිහින් නිසා නේද හාමුදුරුවනේ? අඩු තරමින් අපේක්ෂකයන් ලෙස මේ හොර නඩේ පත්නොකර දෙපැත්තෙන්ම අළුත් අවංක අය පත්කරනවා කියලා සහතිකයක් දෙන්න ඔබට පුළුවන්ද? අහිංසක හය, හතර නොතේරෙන මිනිසුන්ගේ මොලේ දේශපාලකයින් බොරු කියමින් කාලා දානවා වගේ, ඔබවහන්සේලාත් ඔවුන්ට පිරිසිදු බුද්ධ ධර්මය වෙනුවට පුන්නක්කු කවන එක නිවැරැදිද කියලා සිතා බලන්න...
amarap ku Saturday, 01 December 2018 04:54 AM
හාමුරුවනේ, රාජපක්ෂට කඩේ යන්න එපා. ඉලෙක්ෂන් නොවෙයි විසඳුම... ඒකෙනුත් බහුතරය නැතිවුනොත් කව්ද? මේ සල්ලි ගෙවන්නේ? රාජපක්ෂ දැන් විශ්‍රාම ගන්න ඕනෑ... සිරිසේනට රට කරන්න දැනුමක් නැත. වහාම ඔහු තනතුරෙන් පහකළ කාලය එළඹ ඇත. සංඝරත්නය ජාතිවාදී ලක්ෂණ පෙන්නුම් කරනවා. ඔවුන් ගිය රජයෙන් වරප්‍රසාද අරගෙන ඒවාට කඩේ යනවා. බුදුන්ගේ ධර්මය අනුව ක්‍රියා කරන්න. මෙය පැහැදිලි කුමන්ත්‍රණයක්... ඒකට අනුබලදී පව් වැඩ නොකර ඉන්න.
මුදලි Saturday, 01 December 2018 06:35 AM
පෙනෙයි මොවුන්ගේ මොලයේ තරම... පිනට කනකොට ඕක තමයි වෙන්නේ...
chamath Saturday, 01 December 2018 06:37 AM
අපේ රට බේරගන්න ඔබවහන්සේලා ඉදිරියට එන්න.
චම්පික Saturday, 01 December 2018 06:52 AM
කවුරුවත් නැතිද දේශපාලන හාමුදුරුවන්ගෙන් බුදු දහම බේරාගන්න?
suranjith Saturday, 01 December 2018 07:11 AM
ඔබ වහන්සේලාගෙන් ගිහි අප බලපොරොත්තු වන දේ ගැන අවබෝධයක් තිබේ දැයි මෙයින් පැහැදිලි නොවේ. රටේ ජනතාවට දහම කියලා දීලා පළමුව ප්‍රධාන වගකීම ඉටු කරන්න. දේශපාලනය කරනවා නම් බුදුදහමට නිඟා නොකට ගිහි ජීවිතයට නැවත පැමිණ ඒ දෙය කරන්න. නීතිය කුමක්ද කියා අපට කියලා දෙන්න. මේ රටේ ඇති උතුම් මහා උසාවියට මිස ඔබවහන්සේලාට බලයක් තිබෙනවද?
Wijebahu Saturday, 01 December 2018 07:37 AM
ඉතින් හාමුදුරුවනේ... ඡන්දෙ දිනුවත් මේ යන විදියට හිටන්ට ඕන එක්කෙනාවනේ පත් කරන්නේ. ඉතින් ඡන්දෙ මොකටැයි.
BamunuarachchiSunday, 02 December 2018 10:40 AM
හිටන්ගේ කතා දෙකම අැසුවා නම් ඔය ගොන් ප්රශ්නය අසන්නේ නැත....
wasantha Saturday, 01 December 2018 08:18 AM
හාමුදුරුවන්ගේ චීනා අපද ටිකටික ගිල ගන්නවා. මේ ටිකට චීන කඩ කොපමණක්ද කියා සොයලා බැලුවද?
Priyankara Saturday, 01 December 2018 12:38 PM
බෞද්ධ භික්ෂූන් වහන්සේලා දේශපාලනය රැකියාව වශයෙන් කරන එක නම් අවාසනාවන්ත සිදුවීමක්...
V.warnakulasuriya Saturday, 01 December 2018 03:06 PM
ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකිකයන්ගේ රටකි. රටක පුරවැසියන් රටක් වශයෙන් ඉදිරියට යාමත්, මිනිසුන් වශයෙන් ජීවත් වීමත් හැම ධර්මයකින්ම ඉගැන්විය යුතුව ඇත. දේශපාලකයන් වගේම ආගමික නායකයන්ද තම තමන්ගේ පැවැත්ම ගෙනයාමට අයිතිය කොටස් කරන්නට යාම නිසා ඇතිවෙන ගැටුම් නිසා අහිමිවෙන ජීවිතවල වගකීමද ඔවුන් සතුය. කිසියම් ධර්මයක් මිනිස් ජිවිත හානි කිරීමකට හේතුවන්නේ නම් එය සතුටුවිය හැකිද? භාෂාව, ආගම, ශරීර වර්ණය මත රටක අයිතිය ගැන කතා කිරීම තවමත් ගෝත්‍රික යුගයක පසුවීමකි. අපේ අවාසනාව අපි දනිමු. එහෙත් අපි ඒ තුළම ගත කරන්නෙමු.
BamunuarachchiSunday, 02 December 2018 10:34 AM
හලෝ... ලංකාවේ ඉතිහාසය පුරාවටම මෙරට භික්ෂූන් නිසා ආරක්ෂා වී අදටත් ශ්‍රී ලංකාව ලෙස පවතියි. යම් ලෙසකින් 2009 අපි යුද්ධයෙන් පරාද වුණානම්, අද ශ්‍රී ලංකාවක් නොමැත. ඔබගේ ඔය බණ අපේ හාමුදුරුවරුන්ට දේශනා නොකර ටැමිල් නෙට් එකට ලීවා නම් ඉතා අගනේය. නැතිනම් සිංහලයා විතරද? අපි ශ්‍රී ලාංකිකයෝ කියා සිතන්න ඕනේ. අපි මේ රටේ 75% ඉන්න බව අමතක කරන්නෙපා...
V.warnakulasuriya Sunday, 02 December 2018 12:31 PM
"අදටත් ශ්‍රී ලංකාව ලෙස පවතී" චීනයට, ඉන්දියාවට ශ්‍රී ලංකාවේ භුමියේ අයිතිය බලන විට සහ ලෝකයට තියෙන ණය සළකන විට පවතින යමක් තිබේද යන්න සිතා ගත නොහැකියි. පවතින යමක්ද ඇත. ඉතිහාසයේ රාජ තේජස කියමින් වර්තමානයේ පීඩිත පන්තියක් බඩගින්නේ තබමින් ලෝකයෙන් ණයට කෑමක් නම් පවතී.
BamunuarachchiSunday, 02 December 2018 10:44 PM
කියන්නේ මොනවාද කියා හිතලා කතා කරන්න පිස්සු කියන්න එපා...............
himal Saturday, 01 December 2018 03:50 PM
ඒකීය ශාසනයක් නැති රටේ ඒකීය රටක් තනන්න දේශනා කරන්නේ, අඩුම ගානේ නිකාය භේදයවත් නිරාකරණය කරගන්න බැරිව නේද? එක නිකායක මහණ කරවන්න පරම්පරා හතකට ගොවිගම ද බලනවා. හාමුදුරුවරු අතර ඉඩම් නඩු, පන්සල් බෙදා ගන්න බැරි නඩු. දැන් තව ටික දවසකින් තව හාමුදුරුවරු කට්ටියක් තව දෙයක් කිව්වම සංඝ භේදය ඇති කරේ කවුද කියලාම බලන්න හාමුදුරුවනේ.
ගස්පෙ Saturday, 01 December 2018 04:02 PM
හාමුදුරුවො පන්සලට වෙලා බණක් දෙසල භාවනා වැඩල හිටියනම් හොදයි.
BamunuarachchiSunday, 02 December 2018 10:38 AM
කොයිකාලේද ඉපදුනේ? රටක්, ජාතියක්, ජන්මයක් කියලා දෙයක් ඔබටත් තිබෙනවාද? පාංශුකූලේට කෝවිලකින් හරි, පල්ලියකින් හරි පූජකයෙක් ගෙන්වාගන්න.
bandula Saturday, 01 December 2018 04:47 PM
ඇයි මේ අය දේශපාලනය ගැන කතාකරන්නෙ ?
සෙනෙවි Saturday, 01 December 2018 07:17 PM
මෙම අර්බුදයේ ඇරඹුම කුමක්ද? විසඳුමත් එතනම ඇත.
Bamunuarachchi Sunday, 02 December 2018 11:14 AM
බන්දුල ඒ අය සිංහල ජාතියේ මුර දේවතාවන් නිසයි. හාමුදුරුවරු නොසිටින්න පෘතුගීසි කාරයා එන්නත් කලින් අපි ඉන්දියාවේ වැසිකිලි නැති ප්‍රාන්තයේ කොටසක් වෙලා.