(සුජිත් හේවාජුලිගේ )
පොල් සංවර්ධන අධිකාරිය විදේශයන්හි ප්‍රදර්ශන පැවැත්වීම සඳහා රුපියල් කෝටි 13 කට වැඩි මුදලක් වැය කර ඇතැයි තොරතුරු අනාවරණයවූ බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ.
මින් එක් කෝටි තිස්පන් ලක්ෂයකට වැඩි මුදලක් වැයවී ඇත්තේ නිලධාරීන්ගේ ගුවන් ගමන් සඳහා යැයි එම කමිටුව පවසයි.
විදේශ ප්‍රදර්ශන සඳහා මෙම මුදල වැය කර ඇතැයි පැවසෙන්නේ 2017 --2019 අතර කාලයේදීය.
විදේශයන්හි ප්‍රදර්ශන පැවැත්වීම සඳහා මෙපමණ විශාල මූල්‍ය ප්‍රාග්ධනයක් වැය කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව පොල් සංවර්ධන මණ්ඩලයට නියෝග කර ඇත.
එසේම මෙම ප්‍රදර්ශනය සඳහා විදේශගත වන නිලධාරීන් ඒ සඳහා ප්‍රමාණවත් දැනීමක් සහිත නිලධාරින්ද යන වග පරීක්ෂාකර වාර්තා කරන ලෙසට වැඩිදුරටත් දැනුම් දී ඇත.
මේ අතර පොල් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසි හත් දෙනකුට කෝටි දෙකකට ආසන්න මුදලක් කම්කරු දීමනාවක් ලෙස 2011- 2015 අතර කාලයේදී ගෙවා ඇතැයි පවසන එම කමිටුව මෙම මුදල අයකර ගැනීමට මෙතෙක් කටයුතු කර නැතැයිද චෝදනා කරයි.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
’’පොල් ප්‍රදර්ශන’’ පිටරට තියන්න කෝටි 13 ක් වැය කරලා
Bamunuarachchi Saturday, 12 March 2022 12:41 PM
මේවට තමයි කියන්නේ එලොව පොල් පෙනෙන වැඩ කියලා. අනුර සහෝදර මල්ලි මචන් මේවා ගැන කතා නැත්තේ අර මම කියන ඩීල් නිසාද? නැතිනම් 2020 ට ඉස්සෙල්ලා ඉතිහාසය අමතක නිසාද?
චමින්ද Saturday, 12 March 2022 12:43 PM
මගේ ගෙවත්තේ පීදීමට ආසන්න පොල් ගසක් කෘමින් කාලා විනාශ වෙද්දී කඩේකින් ගත් රසායනික දියරයක් යොදා බේරාගත්තා. ඉන්පසුව එවැනිම ගහක් සම්පූර්ණයෙන් විනාශ කරලා, තවත් බලනවිට තෙවැනි ගසකුත් හාරලා රසායනික ද්‍රව්‍ය සෙව්වත් නැහැ. ඒවා ගැන නොසොයා තම තමන්ගේ සුඛවිහරණයට මෙහෙම නාස්ති කරනවා. ප්‍රදර්ශනය අවසන් වෙද්දී ලංකාවේ පොල් වගාවත් අවසන් වේවි...!!!
ජනයා Saturday, 12 March 2022 01:01 PM
මෙම කෝප් කමිටු වාර්තා රටට ඉතා වැදගත් වූවත් මෙයින් නාස්තිය වැළැක්වීමට පියවර නොගතහොත් පළක් නොවනු ඇත. රජයේ සිටින දක්ෂ සහ දැනට වැඩ පෙන්වූ නිලධාරීන් පසෙකලා දේශපාලන හිතවාදීන් එතෙර සංචාරය කරන්නේ විවිධ බොරු හේතු ගෙනහැර පාමින්ය. මේ රටට මෙයට වඩා පහළ වැටෙන්නට තැනක් නැති නිසා සුදුස්සාට සුදුසු තැන ලැබෙන ලෙසත් ඇමැතිලාට සිතූ ලෙස තමන් කැමැති අයුරින් ප්‍රදර්ශන පැවැත්වීම නොව රටට ඵලදායි ලෙස රටේ සම්පත් පරිහරණය කිරීමට හැකිවන අයුරින් නීති සකස්විය යුතුයි. මෙම රටේ උගත් හා ඇතිහැකි අයගේ අවස්ථාවාදී හැසිරීම නිසාත් දියුණු රටවල මෙන් දක්ෂයාට තැනදීම වෙනුවට ප්‍රාථමික ගති ඇති අපේ මිනිසුන් ‘හිතවත්’ සහ ‘අපේ’ යන වාසිසහගත හැඟීමට තැන දෙන්නට ගොස් අද රට වැටී ඇති තත්වය ඉතා කණගාටු සහගතයි...!
Pradeep Kumara Saturday, 12 March 2022 01:05 PM
ප්‍රදර්ශන පවත්වා ඉන් රටට ලබාගත් ප්‍රතිලාභ ගැන පළමුව විමර්ශනය කරන්න. මම දන්නා තරමින් පොල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවලින් ලබාගන්නා වාර්ෂික විනිමය කලාපයේ අනෙකුත් රටවල් හා සැසඳීමේදී ඉතාමත් අල්පයි. ඊට වඩා හොඳයි මේ නාස්ති කරන මුදල පොල්වගාව නගා සිටුවීමට යොදාගන්නා එක....
BamunuarachchiSaturday, 12 March 2022 03:44 PM
පොල් වවන්න කෝ ඉඩම්? ඔක්කොම කෑලි කඩලා විකුණලා. නුවර පාරේ යන සැම විටකම හොරගොල්ලවත්තේ පොල් දැකලා මටත් මේකෙන් කෑල්ලක් තිබෙනවා නම් කියලා හිතුවා. දවසක් මම යනකොට පොල්වත්ත කෑලි කඩලා. වාහනේ හරවාගෙන ආවා ඔක්කොම කට්ටි විකිණිලා 17ක කෑල්ලක් ඉතිරිවෙලා තිබිලා ගත්තා. අද ඒ පොල්වත්ත නැහැ. දැන් පොල්වතු කෑලි කඩ විකුණන්න බැහැ. ඒත්... වැඩේ යනවා...!
Pradeep KumaraSaturday, 12 March 2022 05:09 PM
පොල් වගාව නගා සිටුවනවා කියන්නේ මහත්මයා, අලුතින් වගා කිරීමම නොවෙයි. ශ්‍රී ලංකාවේ පොල් අක්කරයකට ලබාගන්නා ඵලදාව ආසියාතික කලාපයේ අනෙකුත් රටවල් සමග සැසඳීමේදී ඉතා අඩු අගයක තියෙන්නේ. අළුතින් වගාකිරීම පසෙක තිබියදී කරන්න ඕන පොල් ඵලදාව වැඩිකර ගැනීමයි. තායිලන්තය වගේ රටවල් ඒ සඳහා කරලා තියන දේවල් හොයලා බැලුවොත් අපිට අදහසක් ගන්න පුළුවන්...
ranjith Saturday, 12 March 2022 04:23 PM
ඔහොම තමයි ඩොලර් කාබාසිනියා කරලා ඇත්තේ...!
BamunuarachchiSaturday, 12 March 2022 05:08 PM
වැඩේ වෙලා තිබෙන්නේ 2017-2019 කාලේ...
වහල් වැසියෝSaturday, 12 March 2022 06:03 PM
2011- 2015 කාලෙත් කෝටි දෙකක දීමනාවක් දී ඇති බව නුදුටුව එක පුදුමයක් නොවේ. මේ රට මේ තරම් පහළට ඇද වැටුණේ දශක ගණනාවකට පෙර වුවද එළිපිට සිදුවූ මැර බලය පෙරටු කරගත් හොරකම සහ ණයට ගෙන ඉන් මුදල් නොඑන සංවර්ධන ව්‍යාපෘතිත් අද තත්වයට බලපා ඇත. පාර්ලිමේන්තුව සිට රජයේ ආයතන තෙක් ඇත්තේ මෝඩයින් පෙරටු කරගෙන දක්ෂයින් පසුපසට දමන ඊර්ෂ්‍යයාව සහ හිතවත්කම යන විරුද්ධ බලවේග පාදක කරගත් ක්ෂණික තීරණ පමණි. අප පැමිණ ඇත්තේ ප්‍රතිපත්ති ගරුක ජාතියක් ලෙස නොවන බව දන්නෝ දනිති. එහි ප්‍රථිඵල දුටුවද නොදැක්කා සේ සිටීම හෘද සාක්ෂිය නැත්තන්ට සුවදායක විය හැක...
BamunuarachchiMonday, 14 March 2022 09:34 AM
2011- 2015 කාලෙත් කෝටි දෙකක දීමනාවක් දී ඇත්තේ රජයේ නිලධාරින්ට, මේ දීමනා ලේඛන ගතවී තිබෙනවා. 2011-2015 වියදම් කර තිබෙන්නේ විදේශ ප්‍රදර්ශන සඳහා. ඒවායේ ගනුදෙනු ගැන විශ්වාසවන්තකමක් නැත. පිළිගන්නවද?