IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


පොලිස් ලොක්කන් හදිසියේ කොළඹ කැඳවා හදිසියේම රැස්වීම අවලංගු කරයි

(තරිඳු ජයවර්ධන)
 
පොලිසියේ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් වහාම  හෙට (05)  දහවල් 11ට කොළඹ පොලිස් මූලස්ථානයට හදිසියේ කැඳවමින් අද උදේ නිකුත් කරන ලද විශේෂ පොලිස් පණිවුඩයක් අද සවස අවලංගු කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.
 
උසස් පොලිස් නිලධාරීන් මෙලෙස හදිසියේ කැඳවීමට හේතුවක් දැනුම් දී නැති අතර උදෑසන 11 වන විට පොලිස් මූලස්ථානයට පැමිණෙන ලෙස පමණක් ඔවුනට දැනුම් දී තිබිණි.
 
උණුසුම් දේශපාලන වාතාවරණයක් පවතිද්දි මෙලෙස උසස් පොලිස් නිලධාරීන් හදිසියේ පොලිස් මූලස්ථානයට කැඳවීම ගැන පොලිසියේ ලොකු කතාබහක් ඇතිවී තිබිණි. 
 
කෙසේ වෙතත් එම හදිසි කැඳවීම අවලංගු කරමින් පොලිස්පතිවරයා අද සවස යළිත් පොලිස් පණිවුඩ යවූ බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. ඒ වන විට ඇතැම් පොලිස් ප්‍රධානීන් කොළඹ බලා ඒමට පිටත් වී සිටි බව ද දැනගන්නට ඇත.
 
මෙලෙස හදිසියේ උසස් පොලිස් නිලධාරීන් කැඳවූයේ ඇයිද යන්න විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය



අදහස් (4)

පොලිස් ලොක්කන් හදිසියේ කොළඹ කැඳවා හදිසියේම රැස්වීම අවලංගු කරයි

chathuri Sunday, 04 November 2018 04:52 PM

පාර්ලිමේන්තුව රැස්වෙන එක කල්ගිය නිසා.

:       0       0

sam Sunday, 04 November 2018 08:24 PM

14 වෙනිදාට අලුත් ආණ්ඩුව වැටෙයි කියලා පොලිසිය බය වෙලා වගෙයි .

:       0       0

rocky Monday, 05 November 2018 02:50 AM

තීරණයක් ගන්න තරම් තිරසාර බවක් නැහැ. ලොක්කෝ වැනෙනවා ............ මේක අව්චාර යුගයක්............. රටේ අවාසනාව!

:       0       12

d.upul Monday, 05 November 2018 05:15 AM

කොහොමත් වගේ කියවන්නේ අනවශ්‍ය දේවල් විතරයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 56 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2184 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 678 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site