ඉන්දිකා රාමනායක
තම මානව හිමිකම් කඩ වු බවට පවසමින් උසස් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා අද (8) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
තෙඹුවන ප‍්‍රදේශයේ දී බලපත‍්‍ර නොමැතිව වැලි ටිපර් රථයක් තමන් විසින් අත්අඩංගුවට ගෙන නීතිය කටයුතු කිරීම සඳහා තෙඹුවන පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසු උසස් නිලධාරීන් අධිකරණ කටයුතු සිදු නොකර එම සැකකරු මුදා හැරීම සම්බන්ධයෙන් තමන් වැරදිකරු කරමින් කෲර ලෙස සැළකීමත් මානසික පීඩාවට පත්වන ලෙස කටයුතු කිරිමටත් එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
මතුගම සහකාර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, තෙඹුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුලානන්දන්, දොඩංගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර යන මහත්වරුන්ට එරෙහිව පොලිස් සැරයන්වරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පොලිස් ලොක්කන් සිව් දෙනෙකුට එරෙහිව සැරයන්ගෙන් පැමිණිල්ලක්
Ananda Friday, 09 November 2018 07:29 AM
නියමයි.බලමු කොමිසම කොහොමද කියල.