IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පොලිස් පරීක්ෂක රංගජීව යළි සේවයේ පිහිටුවයි

(ඉන්දිකා රාමනායක)

වැලිකඩ බන්ධනාගාරය තුළ දී 2012 වසරේ  ආරක්ෂක අංශ  විසින් සිදුකළ සෝදිසියකදී  රැඳවියන් 27 දෙනකු ඝාතනය  කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ  අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරය සිට ඇප මත මුදා හැර සිටින  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද  (21) සිට නැවත සේවයේ පිහිටුවා ඇති බව පොලිසිය කියයි.

නියෝමාල් රංගජීව මහතා නැවතත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ම  සේවයේ පිහිටුවා ඇති බවත්  ආයතන සංග්‍රහයේ  ප්‍රතිපාදන  අනුව  පොලිස්පතිවරයා  විසින් මෙම පියවර ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය.

තමන් යළි සේවයේ පිහිටුවන ලෙසට රංගජීව මහතා පෙරේදා (19) වැනි දින පොලිස්පති සහන මැදිරියට අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර එම අභියාචනය  ඊයේ  (20) දින පොලිස්පතිවරයා  පරීක්ෂා කර මෙම පියවර ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

පොලිස් පරීක්ෂක නියෝමාල් රංග ජීව මහතා රහස් පොලිසිය විසින් ඉකුත් මාර්තු මස 23 වැනි දින අත්අඩංගුවට ගෙන තබුණි.

අත්අඩංගුවට ගෙන මාස 6 ට අධික කාලයක් පුරා රිමාන්ඞ් බාරයේ සිටි රංගජීව මහතා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ඔහුගේ නීතීඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියානාධිකරණය ඉකුත්  සැත්තැම්බර් 21 වැනි දින ඒ මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී.

 

 

 

 



අදහස් (7)

පොලිස් පරීක්ෂක රංගජීව යළි සේවයේ පිහිටුවයි

Kumar (Gulf) Wednesday, 21 November 2018 07:49 PM

හොඳ වැඩක්...

:       0       34

Nandalal DE SILVA - France Wednesday, 21 November 2018 09:14 PM

සිරිසේන ජනාධිපතිවරයාගේ නව ප්‍රතිපත්ති අනුව රටේ අධිකරණ පද්ධතිය... අධිවේගී ක්‍රමයට යන බව පැහැදිලිවම පේනවා! මේ සැකකරුට එරෙහිව තිබෙන්නේ එසේ මෙසේ සුළු චෝදනාවන් නොවේ. ඇප මත මුදාහැර තිබෙන "සැක කටයුතු" පුද්ගලයෙක් මෙසේ ආපසු සේවයේ පිහිටුවීමෙන් ඔහු අත්අඩංගුවට ගත් රහස් පොලිසියටත්, රිමාන්ඞ් බාරයට පත්කළ විනිසුරුවරයාටත් නියම කම්මුල් පහරවල් දීමට ජනපති ගත් ක්‍රියාදාමය නීතිගරුක සමාජය කෙසේ පිළිගනිවිද කියා සිතීම උගහටයි...!!!

:       0       0

asad Thursday, 22 November 2018 05:04 AM

ඔබට සතුටුයිද දැන්

:       0       13

Uditha - London Thursday, 22 November 2018 06:25 AM

උබතොකොටික ප්‍රශ්නයක්... සේවය පහ කරලා තිබියදී, තවමත් නඩු වාර්තාව උසාවියේ තිබෙන්නේ ඇප මත මුදා හැරලා කියලා.. නඩුව තවම අවසන් වෙලා නැහැ.. අධිකරණයෙන් කිසිදු අවසානයක් කරලත් නැති ඇපමත සිටින රජයේ සේවකයෙක් , සේවය අත්හිටවපු සේවකයෙක්, පොලිස් පති තුමා මොන නිර්ණායකයක් උඩද නැවත සේවය පිහිටෙව්වේ.. යම් සාධාරන හේතු සාධක තියනවද? ඇතුලේ ඇතුලේ වැඩ කෑලි හොදට යනවා වගේ දැන්..

:       0       2

Rata Perata Thursday, 22 November 2018 07:09 AM

ගෝඨාගේ නියෝග දැන්මම වැඩ කරනවා වගේ? කෑ ගහන ඔක්කොම දැන් ඉතින් පරිස්සම් වුනොත් හොඳයි. පූජිත මේකට නම් බොහොම ඉක්මනින් ක්‍රියාත්මක වෙලා තියෙනවා.

:       0       2

nuwan Thursday, 22 November 2018 07:58 AM

අවංක රජයේ සේවකයෙක් මෙතුමා නිහඩව මේ රටට කල සේවය නිමක් නෑ. ජය වේවා !!

:       0       0

Thusitha Perera Friday, 23 November 2018 03:58 AM

නැවතත් සුදුවැන් සංස්කෘතිය බිහිකීරීමට ගන්නා පියවරක්......

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 21650 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18104 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10836 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 531 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 163 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 824 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site