
(එම්. සුසිල් ප්‍රියන්ත)
පොලිස් නිලධාරීන් බව අඟවා බලපිටියේ විහාරාධිපති හිමිනමකගෙන් ලක්ෂ 10ක කප්පම් ඉල්ලූ 5දෙනෙකුගේ කල්ලියක් අද (18) පස්වරුවේදී බලපිටියේ දි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අහුන්ගල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ ඒකකයේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් බව පවසමින් බලපිටියේ පාතේගම යෝගාශ්‍රම විහාරාධිපති බ්‍රාහ්මණවත්තේ විමලවාස තිස්ස හිමියන්ගෙන් මෙම කප්පම් මුදලක් ඉල්ලූ කණ්ඩායමේ, පොලිස් ස්ථානාධිපතිවරයෙක්සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ද වෙති.
මේ සැකකරුවන් අතර සිටින පොලිස් ස්ථානාධිපතිවරයා නුවර පොලීසියක රථ වාහන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පොලිස් පරීක්ෂකවරයෙකු බවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයෙකු බවත් පොලීසිය කියයි.
මෝටර් රථයකින් ඊයේ (17) රාත්‍රි 9.30 ට පමණ මේ පිරිස පැමිණ, විමලවාස තිස්ස හිමියන් මත්කුඩු වෙළදාමට සම්බන්ධ යයි තමන්ට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳ පරීක්ෂණය යටපත් කිරීමට නම් සිය කණ්ඩායමට රුපියල් ලක්ෂ 10 ක් ලබා දෙන ලෙසත් නැත්නම් උන්වහන්සේ රැගෙන යාමට සිදුවන බවත් පවසා ඇති බව විමලවාස තිස්ස හිමියන් පොලීසියට පැමිණිලි කර ඇත.
ඒ සමගම ක්‍රියාත්මක වූ විමලවාස තිස්ස හිමියන්ගේ ගෝලයකු මේ බව පොලීසියට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවත් පොලීසිය මේ ස්ථානයට පැමිණීමත් සමගම මේ පිරිස පලා ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
පලා ගිය මේ පිරිස පිළිබදව ලැබුණු තොරතුරු මත කළ පරීක්ෂණවලදී මේ කණ්ඩායම අද (18) බලපිටිය වදදූව ප්‍රදේශයේ නිවසක සැගවී සිටියදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැනීමට අහුන්ගල්ල පොලීසිය සමත්වී ඇත.
මේ සැකකරුවන් පස්දෙනා හෙට (19) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
236
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
388
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිස් නිලධාරීන් බව අඟවා කප්පම් ඉල්ලූ කල්ලියක් අල්ලයි