(සුජිත් හේවාජූලිගේ)
කතානායක කරු ජයසූරිය මහතා හා ජාතික පොලිස් කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(23) පැවැත්විණි.
කතානායකවරයාගේ කැඳවීමක් අනුව ජාතික පොලිස් කොමිසමේ හිටපු සාමාජිකයෝ පාර්ලිමේන්තුවට අද පැමිණියහ.
පොලිස් කොමිසමේ සාමාජිකයන් මෙතෙක් කළ සේවය ඇගයීමට ලක්කර ඇති කතානායකවරයා ඒ වෙනුවෙන් ඔවුනට විශේෂ ස්තූතියක් ද පිරිනමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් කොමිසමේ ප්‍රශ්න හා අභියෝග පිළිබඳව ද මෙහිදී කතානායකවරයා කරුණු විමසා ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.