(නිමන්ති රණසිංහ)
ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ගොනු කළ පැමිණිල්ලේ තීන්දු නියෝගය ජුලි 17 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කළේය.
පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනිඅවි ආඥා පනත යටතේ ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති , ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිසියට නියෝග කර තිබිණි.
එම නියෝගයෙන් පසු අපේක්ෂිත ඇප අයැදුම්පත් ඉදිරිපත් කළ සමන් දිසානායක මහතා තමා අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.
එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සමන් දිසානායක මහතාගේ පාර්ශවයෙන් ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය නිලධාරියකු වන එම නිලධාරියා ඉහළ නිලධාරින්ගේ නියෝග අනුව කටයුතු කළ බවයි.
ඉහළ නිලධාරීන් අත්අඩංගුවට නොගෙන පහළ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම අසාධාරණ යැයි සමන් දිසානායක මහතාගේ පාර්ශවයේ නීතිඥයා අධිකරණයට පැවසීය.
2025 දෙසැම්බර් මස 04
262
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
403
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිස් කොමිසමේ ලේකම්ගේ අපේක්ෂිත ඇප අයැදුමේ තීන්දු නියෝගය බදාදා
Prabha Monday, 15 July 2019 09:15 AM
දැන් මොන ජාතියටද ප්‍රශ්න තියෙන්නේ....