(ඉන්දිකා රාමනායක)
කිසියම් පුද්ගල කණඩායමක් විමර්ශන සඳහා යැයි නිවසකට හෝ ස්ථානයකට පැමිණයහොත් ඔවුන්ගේ පොලිස් හැඳුනුම්පත පරීක්ෂා කිරීමට ජනතාවට අයිතියක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රේහණ මහතා පැවසීය.
මේ ආකාරයෙන් නිවසේවලට කිසියම් කණ්ඩායමක් පැමිණියහොත් ඔවුන්ගේ හැදුනුම්පත ඉල්ලා පරීක්ෂා කරන ලෙසට සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වෙනත් විමර්ශන කණ්ඩායම්වල නිලධාරීන් වශයෙන් අඟවමින් සංවිධානාත්මක කණ්ඩායම් නිවෙස් වෙත පැමිණ කොල්ලකෑමේ නිරත සිද්ධීන් ගණනාවක් වාර්තා වී ඇති බවද, මේ සිද්ධීන්වලට ආසන්නතම සිදුවීම් කතරගම දී අහුංගල්ල විහාරස්ථාන දෙකකින් වාර්තා වී ඇති බවද හෙතෙම කීය.
කතරගම විහාරස්ථානයකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බවට අගවමින් පැමිණි පිරිසක් එහි වටිනා පිළිමයක් හා ජංගම දුරකතනයක් පැහැරගෙන ගොස් පලා ඇති බවත්, බස්නාහිර පළාතේ විමර්ශන කණ්ඩායමක පිරිස් බවට පවසා අහුංගල්ල විහාරස්ථානයකට පැමිණ පිරිස් මුදල් කොල්ලකෑමට තැත් කිරීමේ දී ගම්වැසියන් එම ස්ථානයට පැමිණීම නිසා ඔවුන් පිරිස පලාගොස් ඇති බවද හෙතෙම කීය.
සංවිධානාත්මක කල්ලි විසින් මෙම ක්‍රියාවන් දිගින් දිගටම සිදුකිරීමට උත්සහ ගන්නා හෙයින් ජනතාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම් දෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.
2025 නොවැම්බර් මස 04
339
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2148
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1623
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිස් කණ්ඩායම්වලින් හැඳුනුම්පත් ඉල්ලන්න
fairoos Thursday, 18 February 2021 09:19 AM
අන්තිමට අර SI කෙනෙක් මන්ත්‍රී කෙනෙක්ගේ හැඳුනුම්පත් ඉල්ලුවා වගේ වෙයිද දන්නේ නැහැ..
Prabha Thursday, 18 February 2021 12:23 PM
ඔය හැඳුනුම්පත පොඩ්ඩක් තුනීවට හදන්න.. එතකොට අපිට දොර අරින්නේ නැතිව දොර යටින් ඉල්ලගෙන බැලුවහැකි.