IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොලිසිය අකුරටම සාමය රකී

(අජිත්ලාල් ශාන්තඋදය)

ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂික ආධාරකරුවන් පිරිසකට ‘හූ’ කියා අසභ්‍ය වචනයෙන් ජනාධිපතිට දොස් පැවරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුවිට ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලිසිය පවසයි.

විවාහ මංගල උත්සවයට ගොස් එමින් සිටියදී සභාපති ඇතුළු පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැමිණීමට නියමිතව තිබූ රත්නපුර ලොරි රථගාලේ රැස්වීම් භූමිය සරසමින් සිටි පිරිසකට අත්අඩංගුවට ගත් පිරිස ‘හූ’ කියා අසභ්‍ය වචනයෙන් ජනාධිපතිට දොස් කියමින් පලා ගිය බවට රත්නපුර පොලිසිය ලද පැමිණිල්ලක් අනුව මොවුන් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසියට කළ පැමිණිල්ලත් ඉල්ලා අස්කර ගැනීමෙන් පසු සිද්ධිය සමථයකට පත්කර නැවත ගැටුම් ඇතිකර නොගන්නා ලෙස තදින් අවවාද කර අත්අඩංගුවට පත් පිරිස සහ සහ බස්රථය අද (15) අලුයම පිටත් කර යැවූ බව පොලිසිය පවසයි.



අදහස් (4)

පොලිසිය අකුරටම සාමය රකී

sam Sunday, 15 September 2019 05:40 AM

පොලිසියට ලැබුණු ටෙලිෆෝන් කෝල් අනුව කටයුතු කළා කිව්වා නම් තමයි නිවැරදි...

:       0       21

Wijaya Abeywardena Sunday, 15 September 2019 09:49 AM

තමන්ගේ නොදන්නා කම ප්‍රදර්ශනය කරන්න එපා. පොලිසියට ලැබෙන පැමිණිල්ල ලිඛිත එකක් වෙන්න පුළුවන්, වාචික එකක්, ඊමේල් එකක්, ටෙලිෆෝන් කෝල් එකක් වෙන්න පුළුවන්...

:       9       3

ලුම්බිණි Sunday, 15 September 2019 07:19 AM

ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සභිකයන් මෙහෙම හැසිරෙන්නේ මහ ජනතාවට ඉදිරි අනාගතය ගැන පෙන්වා දෙන්නයි...

:       12       26

sirimal Sunday, 15 September 2019 08:31 AM

ගණිතාචාර්යතුමා "පොල්ලෙලි" කියලා කිව්වේ කට කහනවට නෙවේ වෙන්න ඇති කියලා හිතෙන්නේ දැනුයි. මේවගේ කණ්ඩායමකටද දැන් රටම බාරදෙන්න දඟලන්නේ..?

:       16       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site