
(ඩයනා උදයංගනී)
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් පියවර ගැනීමේ වගකීම නීතිපතිතුමාට පමණක් භාර දී අතසෝදා ගන්නට එපා යැයි රටේ බලවත් අයගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (19) පැවසූහ.
මේ ප්‍රහාරයට අනුබල හා අනුග්‍රහය දුන් අය ගැන සොයා නොබලා උඩින් පල්ලෙන් අතගාමින් පැලැස්තර අලවන්න ගියහොත් කොයිම දේශපාලන නායකයකුටවත් අන්තවාදී ව්‍යසනයෙන් රට මුදවාගැනීමට හැකිවන්නේ නැතැයි කාදිනල්තුමෝ පැවසූහ.
ඒ නිසා මෙය අතීතයේ සිදුවූ සිද්ධියක් ලෙස අමතක කර දමන්නට එපා යැයි රටේ නායකයින්ගෙන් ඉල්ලා සිටින බව කාදිනල්තුමෝ කීහ.
කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ බොරැල්ල අගරදගුරු නිල නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(ඡායාරූප ළහිරු හර්ෂණ)



COMMENTS
අපට පව් නොදී කටවල් වහගෙන ඉන්නවද කට්ටියම? මැරුණු අය ස්වර්ගස්ථ වුණා කියලා අපි හිත හදා ගෙන ඉවරයි. ඔක්කොම හිතාගෙන ඉන්නේ අපි බබ්බු කියලා වෙන්න ඇති? ඡන්දෙ ඉල්ලන්න නම්, කට්ටියට ඕනෑවටත් වඩා සුදුසු කම් තියනවා. දෙවියන්ටම පෙනිච්චාවේ මේ කරන විගඩම්??? පාස්කු ප්‍රහාරය තවත් විකුණගෙන ඡන්ද ගන්න එන්න එපා
එදා ඉදලා අපේ පාලකයෝ කරන්නේ පැලැස්තර විසඳුම් තමයි. හරියට පිළීයම් දුන්නා නම් 83 කළු ජුලියේ වගේ දේවල් ඇති වෙන්නේ නෑ
ඔයත් එකම දේ යළිත් කියන්න