(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
රජයට පවරාගෙන ඇති ආයතන කිහිපයක් භාණ්ඩාගාර ලේකම්වරයා යටතට පවරාගැනීම සඳහා ගෙන ආ ඌන ක්‍රියාකාරී ව්‍යවසාය හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ (ඉවත් කිරීමේ) පනතින් පැලවත්ත සහ සෙවණගල කර්මාන්තශාලාවල නම් ඉවත් කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ බිල්පත් ගෙවන දයා ගමගේ මහතාට මෙම කර්මාන්තශාලා යළි පවරාදීමට රජය ගන්නා උත්සාහය පරාජය කළ යුතු බවද මන්ත්‍රීවරයා කීවේය.
රජයේ ආයතන යළි රජයට පවරාගැනීමේ තේරුම කුමක්දැයි තමා ප්‍රශ්න කරන බව කී මන්ත්‍රීවරයා මෙහි එකම අරමුණ සීනි කර්මාන්තශාලා දයා ගමගේ මහතාට ලබාදීම බවද සදහන් කළේය.
COMMENTS
රාජ්‍ය ආයතන සියල්ලම පාහේ හොර ගුහාවල්ය. රජයේ පාසල් වලවත් හරියට උගන්වනවා ද? හරියට කරනවානම් එහි උගන්වන විෂයන්ම ඉගෙනගන්න පුද්ගලික පාසල් වලට යයිද? හොරකම හා දුෂණය රජයේ පාසල් වල කරන්නේ එසේය. අනිත් හැම රජයේ ආයතනයකම ඒ ඒ තැනේ හැටියට හොරකම හා දුෂණයම තමයි සිදුවෙන්නෙ. ඉහල ඉදල පහලටම හොරකම හා දුෂණයෙන් ඉහ වහ ගිහින්. පුද්ගලික තැන් වල නුල්පොටක දෙයක් හොරකම් කරන්න බැහැ. නිරන්තර සාකච්චා පවත්වමින් ලාභ වැඩි කරගැනීමට පාඩු වීය හැකි තැන් මැන බලමින් ඵලදායිතාව වැඩිකර ගැනිමට ලෝකයේ භාවීතා කරන දීයුණු ක්‍රම පිළිබඳ පුහුණු වීම පිටරටවලින් පවා සේවකයින්ට ලබා දෙමින් ලාබෙට නිෂ්පාදණ භාණ්ඩ නිමවයි. එනිසා සිනි කර්මාන්තය කලහැකි පුද්ගලයෙකුට දීම රජයේ හොර ගුහාවක් කර පාඩුවිඳිනවාට වඩා හොද නැත්ද? අද පවතින වෙළඳ ලෝකයට අනුව ක්‍රියා කරනවා විනා මනෝ මුල ස්වභාවයන්ට අනුව ක්‍රියා කරන්ට යන්නන්ට පැවැත්මක් නැත.
ඉතින් මොකද වෙන්නේ එතුමාට පවරලා දුන්නට.... එතුමා අපේ හොද පාක්ෂිකයෙක්..
දැන් ඕවා කියලා වැඩක් නැහැ සහෝදරයා. වෙන්න තියෙන ඔක්කොම නරක දේවල් වෙනකම් බලන් ඉදලා. ඔබතුමාලා හොදටම දැනගෙන නේද මේ ආණ්ඩුවට සහයෝගය දුන්නේ. තරගකරුවෝ දෙන්නෙක් විතරක් ඉන්නකොට, එක තරගකරුවෙක්ට ඡන්දෙ දෙන්න එපා කිව්වහම අනෙක් තරගකරුවට ඡන්දෙ දෙන්න කිව්වත් එකයි නැතත් එකයි.. ඔබ පැහැදිලිවම මේ ආණ්ඩුව දිනවන්න උදව් කලා. ඒ වගකීමෙන් මිදෙන්න බැහැ. ඒ නිසා මොවුන් කරන වැරදි නිවැරදි කරන්න ඔබට අයිතියක් තිබුනා. මිනිස්සු ඔබට චන්දය නොදුන්නට ඔබ කියන දේ හරි කියන මතේ හිටියා. නමුත් දැන් ඒ සියල්ල වෙනස් වෙලා
රසික, ස්වාධීන කොමිෂන් අැතිකර විධායකය බලරහිතකර ව්‍යවස්ථාදායකය බලවත්කර මෙතෙක් තිබුණු ඒකාධිපති ක්‍රමය අහෝසිකර ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ඇතිකර තිබෙන බව පසුගිය ඔක්තෝබරයේ දින 51න් රජයට වූ වැඩෙන් ඔප්පු විය. ඒ සියල්ල සිදු වුනේ උපායදත් රනිල්ගේ දේශපාලන පරිණතභාවය නිසාය. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී මූලයන් සොයා පැය කිහිපයකදී පොලිස් හා හමුදා අත්අඩංගුවට ගන්න හැකි වුනේ විවිධ අකුල් හෙලීම් හා බාධක මැඩගෙන රනිල් නිසි කළ නිසි දේ කළ නිසාය. එසේ නොවන්නට වෙන්න ගිය විපත සිදුවී තිබෙන විපතට වඩා අතිප්‍රබල බව කාටත් පැහැදිලිය. එතරම් සියුම් ප්‍රඥාවක් තිබුණ රනිල් මෙය වෙන්න පෙර වළක්වා නොගත්තේ, මිනී 999ක් මැරෙන තුරු අංගුලිමාල දමනය කරන්ට බුදුන් වහන්සේ බලා සිටියේ යම් හේතුන් නිසාද? එවැනිම හේතුන් නිසා රනිල්ට කාලය එනතුරු සිටින්නට සිදුවිය...