යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබානු ලබන පළමු ජාත්‍යන්තර ගුවන් යානය ලෙසින් ඉන්දියාවේ එලායන්ස් එයාර් ගුවන් යානයක් ඔක්තෝබර් 17 පරීක්ෂණ චාරිකාවක යෙදෙන බව ‘ද හින්දු‘ පුවත් සේවය අනාවරණය කර සිටී.
එයාර් ඉන්දියා ගුවන් සේවයේ අනුබද්ධිත සමාගමක් වන එලායන්ස් එයාර්, චෙන්නායි සිට යාපනය දක්වා සතියකට ගුවන් වාර 3 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ‘ද හින්දු‘ වැඩිදුරටත් සඳහන් කරයි. එසේම ඉදිරියේ දී යාපනය සිට නවදිල්ලිය, මුම්බායි හා කොචි දක්වා ද ගුවන් ගමන් ආරම්භ වීමට නියමිත බව එහි සඳහන් වේ.
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ එළඹෙන ඔක්තෝබර් 17 වනදා ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට නියමිතය.
මේ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හැරුණු විට ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වන මෙරට තෙවැනි ගුවන්තොටුපළ බවට යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ පත්වනු ඇත.
(125)
(ඡයාරූප - රොමේෂ් මධුෂංක)






COMMENTS
මේ යුඑන්පි නඩේ ඉනකන් රට කනවා, මෙචර පුංචි ලංකාවකට ජාත්‍යන්තර එයාර්පෝර්ට් 3ක්. අනිත් ඒකතමයි සුළු ඡන්ද බලාගෙන මුළු රටම විනාශයකට තල්ලු කරනවා.
දුපත් මානසිකත්වය.........
දැන් ඉතින් හොර රත්තරන් ජාවාරම ගමේ ඉඳන් කරන්න පුලුවන්.
ගුවන් තොටුපලවල් හදල රට සංවර්ධනය කරන ඒක හොදයි... ඒය උතුරෙද දකුෙණද නැගෙනහිරද කියන ඒකත් අපිට ගැටලුවක් නෑ.... හැබැයි ඒ් වගේම තමා ගුවනේ අාරක්ෂාව ගැනත් රජය මීට වඩා සිය දහස් ගුණයකින් සැලකිලිමත් වෙන්න ඕන... ගුවනේ ආරක්ෂාව උදෙසා හොද ගුවන් ආරක්ෂක පද්ධති.... නවීන ප්‍රහාරක යානා වලින් අපේ ගුවන් හමුදාව සන්නද්ධ කරන්න ඕන...
කරන්න තියෙන්නේ තැන තැන ගුවන් තොටුපොළවල් හදන එක නෙමෙයි. ලංකාවේ සල්ලි ගෙවලා ප්‍රාදේශියව ගුවනෙන් යන්න මිනිස්සු නැහැ. උතුර නැගෙනහිර සනසන්න මේවා කරලා වැඩක් නැහැ. ඒකෙන් වෙන්නේ නිකන් බොරුවට රටේ සල්ලි ටික වියදම් වෙන එකයි. ලංකාවටම එක ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හොඳටම ප්‍රමාණවත්. කටුනායක ඉඳලා යාපනේටම දුර කිලෝ මීටර් 400 ක් විතර තියෙන්නේ. කරන්න තියෙන්නේ ඒ පැත්තට සහ මුළු රටේම අධිවේගී මාර්ග හදන එකයි. එහෙම උනොත් පැය 5 කින් විතර යාපනේ කෙනෙක්ටත් කටුනායකට එන්න පුළුවන්. රට යන්න විතරක් නෙමෙයි කොළඹ වැඩක් කරගන්න එන මනුස්සයටත් ඒක වටිනවා. දැන් බලන්න මත්තල ගුවන් තොටුපොල අපරාදේ සල්ලියක් නේද.. මත්තලට අධිවේගී එක හදපු හින්ද එහෙ කෙනෙක්ට මොන තරම් කෙටි වෙලාවකින් දැන් කටුනායකට එන්න පුලුවන්ද.. මොකද මත්තල හෝ පලාලි වලින් ලෝකේ ඕන රටකට යන්න පුලුවන්ද. බැහැ. පලාලි හදපු එකෙන් වාසිය ලංකාවට නෙමෙයි ඉන්දියාවට. බලන්නකෝ හෙට අනිද්දා වෙද්දී ලංකාවේ කට්ටිය ඔක්කොම ශ්‍රී ලන්කන් එකට බයි බායි කියල පලාලි වලින් ඉන්දියාවට ගිහින් ඉන්දියන් එයාර් එකේ නැගල වෙන රටවල් වලට යද්දී .
පලාලි කඳවුර ඉවත් කිරීමේ පළමු සාර්ථක පියවර.
මේක ඉතාමත් හොද දෙයක් අනිවාර්යයෙන් යාපනය සහ ඉන්දියාව අතර හොද ගුවන් සේවාවක් පවත්වාගෙන යන්න පුළුවන් .
නියම වැඩේ. අච්චර ලස්සනට, විශාල ජනතා මුදලින් ණයක් ලෙස ලබාගෙන ගොඩ නගපු මත්තල ගුවන් තොටුපොල වී ගබඩාවක් කරලා, යාපනේ වැසියන්ට තමිල්නාඩු යන්න පහසු කරන්න ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් යාපනේ පටන් ගත්තා. කොහොමද ටිකිරි මොලේ? මට තිබෙන ප්‍රශ්නයනම්, මේ වගේ තීරණ ගන්නා අපේ අර්ජුන ඇමතිතුමා, කොහොමද 1996 දී ලෝක ක්‍රිකට් තරගාවලියට නායකත්වය දුන්නේ කියාලා.
මෝඩ මිනිස්සු. 1960 / 70 දශකයේත් යාපනය / චෙන්නායි අතර ගුවන් ගමන් තිබ්බ. එක නැවැත්තුවේ යුද්දේ නිසා . හැම දේම ජාති වාදෙන් බලන අයට මේවා අරහන්. උතුරේ ඉන්නෙත් ලංකාවේ මිනිස්සු.