ඒ.එෆ්.පී. පුවත් ඇසුරිනි - (3 වැනිදා කොළඹ)
x බුද්ධි තොතුරු ලැබුණ බව පොලිසියෙන් තහවුරු කරයි
x ”මේ තර්ජනය ඉවරයි කියලා කියන්න බෑ” - රාජිත
x තවත් ”ත‍්‍රස්තවාදීන් හතර දෙනෙක්” සොයා මෙහෙයුම්
x විදේශීය බුද්ධි අංශ වලින් උපකාර
ඉස්ලාමීය අන්තවාදීන් විසින් කොළඹ නගරයට ඇතුළු වන පාලම් පුපුරුවා හැරීමට සූදානම් වන බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි බලධාරීහු කියති. පාස්කු ඉරිදා කළ බෝම්බ පිපිරීම් මාලාවට අනුබද්ධ තවත් බොහෝ කුමන්ත‍්‍රණ ඇතැයි ද ඔවුහු අවවාද කරති.
පොලිස් දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස කොළඹ ආසන්නයේ පිහිටි සියලූම පොලිස් ස්ථාන වලට දන්වා ඇති බවත් ගංගා සහ පාලම් ආරක්‍ෂා කරගැනීම සඳහා වැඩි වැඩියෙන් යාත‍්‍රා යොදවන ලෙස නාවික හමුදාවට දැනුම් දී ඇති බවත්ය. පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී ඇති බුද්ධි තොරතුරු වලින් වාර්තා වන්නේ කොළඹ නගරයට ඇතුළු වන පාලම් කිහිපයක් පුපුරුවා හැරීමට සැලසුම් කර ඇති බවයි.
පාස්කු ඉරිදා කළ ප‍්‍රහාරයෙන් 257 දෙනෙක් මියගිය අතර 500 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
ජිහාද්වාදීන්ගේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා මැඩ පැවැත්වීම සම්බන්ධීකරණය සඳහා ආරක්‍ෂක හමුදා විසින් ඒකාබද්ධ අණදෙන මූලස්ථානයක් ස්ථාපිත කර තිබේ. මේ අතර යුද හමුදා ප‍්‍රධානීන් පවසන්නේ සෝදිසි මෙහෙයුම් සඳහා වැඩි වැඩියෙන් හමුදා සොල්දාදුවන් යොදවා ඇති බවයි.
පසුගිය දින කිහිපයේදීම විශේෂ සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක කළ ආරක්‍ෂක හමුදා දිවයිනේ ස්ථාන රැසකින්ම පුපුරණ ද්‍රව්‍ය මෙන්ම අවිආයුධ රැසක් අත්අඩංගුවට ගත්හ. එහෙත් නිල වාර්තා වලින් කියැවෙන්නේ මෙම ආයුධ අපරාධ අල්ලි වලට අයත් නමුත් ජිහාද්වරුන්ගේ ඒවා නොවන බවකි.
”යුද හමුදාවත් අනෙක් ආරක්‍ෂක හමුදාත් එක්ව, පොලිසියේ ද සහයෝගය ඇතිව විශේෂ සෝදිසි මෙහෙයුම් දිගින් දිගටම කෙරෙනවා. ත‍්‍රස්තවාදීන්, ඔවුන්ගේ සැඟවෙන තිප්පොළවල්, පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ මෙන්ම අනෙකුත් යුධෝපකරණ සොයනවා. ඒත් මේ වෙලාවේ තියෙන අවශ්‍යතාව අනුව තව තවත් සොල්දාදුවන් ඕනෑ කරනවා” යයි යුද හමුදාව විසින් නිකුත කරන ලද නිවේදනයක සටහන් වේ.
කුඩා කැරළිකාර කණ්ඩායම් කිහිපයක් තවත් ප‍්‍රහාර කිහිපයකට සූදානම් වන නමුත් පාස්ක ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසුව අන්තවාදීන් සොයා කළ මෙහෙයුම් ඉතාමත් සාර්ථක වී තිබෙන බව රජයේ ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.
”මේ තර්ජනය ඉවරයි කියලා කියන්න බෑ. ඒත් අපි තත්ත්වය හොඳින් පාලනය කරලායි තියෙන්නේ. ඒක අපි බලාපොරෙත්තු වුණාට වඩා හොඳ තත්ත්වයක්” යයිද රාජිත සේනාරත්න මහතා කීවේය.
ප‍්‍රංශ පුවත් සේවය සමග බ‍්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සේනාරත්න මහතා කියා සිටියේ පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ තවත් ”ත‍්‍රස්තවාදීන් හතර දෙනෙක්” සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.
ලබන ඉරිදා (5 වැනිදා) සිට කතෝලික දේවස්ථානවල දේව මෙහෙය ආරම්භ කිරීමට නියමිතව තිබුණ නමුත් කතෝලික සභාව විසින් බ‍්‍රහස්පතින්ද සවස එය අවලංගු කර දමන ලදි. කොළඹට මඳක් එපිටින් පිහිටි දේවස්ථාන දෙකක් ඉලක්ක කරමින් ”කිසියම් ප‍්‍රහාරයක්” සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බැවින් සියලූම දේවස්ථාන වල ඉරිදා දේව මෙහෙය අවලංගු කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ බ‍්‍රහස්පතින්දා සවස සියලූම දේවස්ථාන වලට දැනුම් දුන්හ.
සියලූම කතෝලික පාසල් ද දින නියමක් නැතිව වසා දමා තිබේ. කෙසේ වෙතත් රජයේ පාසල්, ආරක්‍ෂාව ඇතිව, සඳුදා විවෘත කිරීමේ සූදානමක් තිබේ.
මේ අතර රාජිත සේනාරත්න ඇමැතිවරයා ප‍්‍රකාශ කරන්නේ මුස්ලිම්වරුන්ම පැමිණ අන්තවාදීන් පිළිබඳව ඔත්තු දෙන බවයි.
”හැමෝම අපට තොරතුරු දෙනවා. ඔවුන් ඉදිරියට ඇවිත් බොහෝ තොරතුරු දෙනවා” යයිද සේනාරත්න මහතා පැවසීය.
මෙම ප‍්‍රශ්නයේදී ශී‍්‍ර ලංකාවට විදේශීය බුද්ධි අංශ වලින් ආධාර ලැබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
”අපට ඇමෙරිකාවේ, බි‍්‍රතාන්‍යයේ වගේම ඉන්දියවේ සහයෝගයත් ලැබෙනවා. තවත් රටවල නිල බුද්ධි ඒකක අපට සහාය දෙනවා” යයිද හෙතෙම පැවසීය.
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවට වගකිය යුත්තේ ඉස්ලාමීය රාජ්‍යය” යනුවෙන් හැඳින්වෙන අයි.එස්. සංවිධානයට අනුබද්ධ යැයි කියැවෙන ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම ද දරුවෝ ස්කොලේ යවනේ ... මේක හරියට ඉවර නේ
වගකීමකීමි විරහිත ආණ්ඩුවක් හා පොලිසියක් මෙහෙම ජනතාව බිය වද්දමින් රට විනාශ කරන මෙවන් බියගුලු ආණ්ඩුවක් අප රට තුළ බිහිවී නැත යන්න මාගෙ අදහසයි. බුද්ධි තොරතුරු ලැබුණත් එවාට පිලියම් යොදනවා මිසක් මෙවන් ප්‍රකාශ කිරීමෙන් ජනතාව කලබල වී අනවශ්‍ය ලෙස පීඩාවට පත් වීම මෙම රජයට විහිලුවක් ද මොකක්ද මෙකරන විකාර වල තෙරුම මෙවගේ කටිටියක්........ මේක මහ විකාරයක් නේ...ඇයි අපි බය වෙන්නෙ අපිත් ඕනම දේකට සුදානම් ජාතියක් බව අමතක කරන්න එපා...අපිට සෘජු කොන්දක් තියෙන නායකයන් අවශ්‍ය වෙලා දැන්.. 30 වසරක සාපය අමතක කරන්න පුලුවන්ද අයිඑස් අයිඑස් බැරිනමි මොකා පරදවන්නත් අපෙ හමුදාවට පුලුවන් මෙි වගේ විගඩමි නටල ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි බව දන්නැත්තමි 5 පන්තියෙ ළමයෙක් ගෙන් වත් අහල දැනගනිල්ලා...
"ජිහාඩ්වරු"? යළිත් මෙවැනි යෙදීම් යොදන්න එපා.. ජිහාඩ් ත්‍රස්තවාදීන් කියනවා මිසක්...
බලයට තියෙන මල පෙරේතකම නිසා ආණ්ඩුවේම ඉන්නා අන්තවාදීන්ට උපරිමයෙන් සහාය වෙන ඇමතීන්ව අල්ලන්නේ නැහැ. මට හිතාගන්නවත් බැහැ මෙහෙම රටක ආණ්ඩුව කියන සහ කරන දේවල් මිනිස්සු විශ්වාස කරන්නේ කොහොමද කියලා. දැන් මිනිස්සු විශ්වාස කරන්නේ ආරක්ෂක අංශ ගැන පමණයි. අවස්ථාවාදී දේශපාලකයෝ මගේ රට විනාශ කරලා දැම්මා.
සාමාන්‍ය ජනතාව කොහොමත් දැන් විමසිලිමත්, රාජිත ඇමතිතුමා ඔබතුමාලා ඔබතුමාලගේ රාජකාරිය දැන්වත් හරියට කරන්න. එතකොට මේ රට ආරක්‍ෂිත වේවි...!!!
බුද්ධි අංශ එල්.ටී.ටී.ඊ. පරාජය කලේ විදේශීය බුද්ධි අංශ වලින්ද ඇමතිතුමෝ?
ආමි එකේ කොල්ලන්ට යුද්ධ කරන්නයි, හිරේ යන්නයි දෙකක් කරන්න අමාරුයිනේ... සොල්දාදුවන් ඕනේ ඕනේ කිව්වට...
අනේ... ඇයි රාජිත කියන ඒවා දාන්නේ? ඒවා හොඳයි කාටුන්වලට... නැවත එයාගේ සාකච්ඡා දාන්න එපා..
ශ්‍රී ලංකාවේ වහබ් හා ජිහාඩ් වැඩ තහනම් කිරීමට පාලකයින්ට මොලය ලැබේවා !!!
බුද්ධි අංශ තොරතුරු ලැබුණාට අගමැතිතුමා දැනුවත්ද දන්නේ නෑ... සමාජ ජාලවලට යන්න වුනේ නැත්තම් ජනාධිපතිතුමාත් නොදැන ඉන්න ඉඩ තියෙනවා..
ෆොන්සේකා කිව්වා වගේ මේක තුවක්කු වලින් කරන්න පුළුවන් සෙල්ලමක් නෙවෙයි. බුද්ධි තොරතුරු පදනම් කරගෙන උපක්‍රමශීලිව කළයුතු දෙයක්. ඇතැම් රටවල් වල ඉතා සූක්ෂම නිරීක්ෂණ සහ තොරතුරු පදනම් කරගෙන දිනපතාම වගේ ත්‍රස්තවාදීන් අල්ලා ගන්නවා. එහෙම කියලා රටේ මිනිස්සු ගෙවල් අස්සට වෙලා ඉන්න ඕනෑ නෑ. මිනිස්සු තමන්ගේ වැඩක් බලාගන්නවා. ආරක්ෂක අංශවලට තමන්ගේ වැඩේ කරගන්න දීලා ආණ්ඩුව සහ ඔවුන්ගේ ජනතාව පැත්තකට වෙන්න කාලේ හරි...
මේ වගේ අයත් එක්ක මොන කතාද? ඊයේ, පෙරේදා මේ දත් කාරයා රටම අන්දන්න හැදුවා මතක නැද්ද? මගේ මතය අනුව පළමුව ප්‍රශ්න කළයුත්තේ මොහුගෙන්..
කොයි පාලම්ද කියලා හරියටම කිව්වා නම් තමයි වටින්නේ...
තවුහීත් ජමාත් වගේ සංවිධාන ආරම්භ කිරීමට සහ ඒ මඟින් රටපුරා මේ ත්‍රස්තවාදීන්ට අවශ්‍ය ජීවය ලබාදෙමින් අමුතු ජාතියේ පල්ලි සහ පාසල් ආරම්භ කිරීමට අවසර දුන්නු දේශපාලඥයින් හිරභාරයට ගන්නේ නැද්ද? එහෙම කරන්න ගියොත් ඔය 225න් වැඩි පිරිසක් අල්ලන්න වෙනවා.
රාජිතයි, කොල්ලයි මේ රට අද මෙවන් තත්වයකට ඇද දැමීම සම්බන්ධයෙන් වගකිව යුතුයි..!! දකින්න කැමති නැති මුහුණක්. කට ඇරියොත් බේගල් ඇද බාන්නේ..!!
නිවට, නියාලු ආණ්ඩුවක් පත්කරගෙන අපි විඳින දුක්..
මොවුන් තමා රට කෑවේ... දැනුත් කරන්නේ සැකකරුවන් වහාම උසාවි දමලා අප ලබාදෙන්නට මග පාදාදීමයි. මීළඟ ඡන්දය ඉලක්ක කරගෙනයි ඔක්කොම වෙන්නේ...