


අජිත්ලාල් ශාන්තඋදය
රත්නපුර ප‍්‍රදේශයේ පසුගිය 19දා ඇතිවූ ගංවතුර නිසා බඹරබොටුව ගග හරහා රත්නපුර සහ පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාස දෙකේ ගම් දෙකක් යාකර ඉදිකර තිබූ සංගිලි පාලමක් ද ගැලවී විනාශ වී ගියේය.
ගල්ලෑල්ල සිල්වර්ලෑන්ඞ් ප‍්‍රදේශය සහ එගොඩඋයන ගම යාකළ මෙම සංගිලි පාලම වසර තිහක් පැරණි එකක් විය.
ගසාගෙන ගිය සංගිලි පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරිමට කඩිනමින් පියවර ගන්නා බව පැවසූ සබරගමු පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඊයේ (31) ඊට මුල්ගල් ද තැබීය.
එගොඩඋයන ගම්මානයේ පවුල් 45ක දෙසීයකට අධික පිරිසක් නිතර ආගියේ මෙම සිල්වර්ලෑන්ඞ් කම්බි පාලම හරහාය.
දැන් පාලම නැති නිසා උණ ලී යොදා තැනු පාරුවකින් ගම්වැසියෝ එගොඩ මෙගොඩ යති. පාරුව පැද යන්නට බඹරබොටුව ගග හරහා කම්බියක් ඇද තිබේ.
එහෙත් ගගේ වතුර වැඩි අවස්ථාවල ඉන් එගොඩ මෙගොඩවීම දැඩි අවදානම් බව ගම්වැසියෝ කියති.
එගොඩඋයන ප‍්‍රදේශයේ සහ ඉන් එපිට ගම්වල වැසියන්ගේ නිෂ්පාදිත අමු තේදලූ ඇතුළු කෘෂි නිෂ්පාදන පවා රැගෙන ආවේද කැඩීගිය කම්බි පාලමෙනි.
දැරුවන් පාසල් යාමට මෙන්ම ගල්ලෑල්ල රෝහලට ප‍්‍රතිකාර ගන්නට මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගන්නට ගල්ලෑල්ල කුඩා නගරයට ජනයා පැමිණියේද මෙම කැඞීගිය කම්බි පාලමෙනි.
බඹරබොටුව ගග දෙගොඩතලා ගලායද්දී ඉහළ සිට ගගේ ගසාගෙන ආ විශාල ගසක් කම්බි පාලමේ වැදී එය කැඩී ගියේ ගම්වැසියන් බලා සිටියදී ය.
COMMENTS
තව තව පාලම් සේදිලා යාවි... ඉස්සරහට ගල්, වැලි, පස් ඉවක්, බවක් නැතුව හාරන කොට වෙන එකදෙයක් විතරයි.. එස්.එම්. චන්ද්‍රසේනලාට මේ වගේ විනාශය වැඩක් නැහැ.. ඔවුන්ට ඕනෑ බලය තියෙන කාලේ රට දියකරලා හෝ මඩිය තරකරගන්න රට කරන විරුවගේ වැඩ කොහොමද...? දැන් පාරුවෙන් ගිහිල්ලා ඡන්දෙ දාලා වරෙල්ලා..
අවුලක් නැහැ... අපි හිඟාකාලා හරි ක්‍රිකට් ගහන්න පට්ටනියක් හදාගන්න යන්නේ...
දුෂ්කර ප්‍රදේශයක් නිසා ලී මුදලාලිලා නැතිව ඇති.. ගස යන මාර්ගය වෙනස්කිරීමට හෝ විදුලි කියත් යොදවා ගස කුඩා කෑලිවලට කැපීමට...
මේවා ගැන හිතලා කොළඹ, මහනුවර අධිවේගී මාර්ගය එහෙම පමා කරනවා නොවෙයි ඔන්න....
ශුද්‍ර ජාන තියෙන කෙනෙක්ගේ ගමක් ඕක...