
(ක.ග.කරුණාරත්න)
පවතින වියලි කාලගුණික තත්වය හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක වෙසෙන 30,000කට අධික පිරිසක් මේ දිනවල බීමට ගනු ලබන්නේ බවුසරයෙන් සැපයෙන ජලය බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
වැලිකන්ද.දිඹුලාගල,හිඟුරක්ගොඩ,තමන්කඩුව,ලංකාපුර,මැදිරිගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම පානීය ජල හිඟය බලපා ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා අද(18) ප්‍රකාශ කලේය.
එයින් වැඩිම පිරිසක් අයත්වනුයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට යැයිද ඒ මහතා කීය.
එහි ග්‍රාම නිලධාරී වසම් 11ක වෙසෙන පවුල් 4659කට අයත් පුද්ගලයන් 14700ක් පානීය ජල හිඟයෙන් පීඩා විඳිති.


COMMENTS
ජනාධිපති කෙනෙක් පහල උන ගමකට වුන දෙයක්. පක්ෂ දේශපාලනයෙන් මිදිලා දැන්වත් බුද්ධියෙන් වැඩකරපල්ලා . ගම් රටවල් දියුණු කර ගනිල්ලා .
ඔය ජෝගින් ට්‍රැක් එකක් හදන්න දුන්නේ නැති එකේ විපාකේ.
තවත් ඇවිදින මංතිරූ හදමු.!!!!
පොලාන්නරුවේ ඉන්න සද් ගුණවත් හාල් මුදලාලිලා ට බැරිද බවුසර් දාල වතුර බෙදා හරින්න. 50 ට ගන්න වී 200ට විකුණලා ගන්න ලාබෙන් හෝටල් විතරක්ම හදන එක එතරම්ම හොඳ මදි.