(නිමන්ති රණසිංහ)
වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන 07ක් තහනම් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හෙට (30) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.
මෙලෙස තහනම් කිරීමට අදාළ වන ද්‍රව්‍ය වන්නේ, ප්ලාස්ටික්වලින් සකස්කරන ලද බීම බට, හැඳි, බීම කොප්ප, ගෑරැප්පු, පිහි, ඉදිආප්ප වට්ටි සහ ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිර්මිත මල්මාලා ආදිය වන බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.
ඉකුත් මාර්තු මස 31වන දින සිට ෂැශේ පැකට් ඇතුළු එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන පහක් තහනම් කිරීමටත් අගොස්තු මස පළමුවැනි දින සිට දිරාපත් නොවන ලන්ච්ෂීට් තහනම් කිරිමට ත් පියවර ගත් බව ද එම නිවේදනයේ සදහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිතින් ප්ලාස්ටික් සම්පුර්ණයෙන්ම තහනම් කලොත් නියම ප්‍රතිපල. මේ කුණු මුළු රටටම ඇතිවෙන්න පොහොර හදන්න පුළුවන්.