(විනීතා එම් ගමගේ)
තනි භාවිත සහ කෙටිකාලින ප්ලාස්ටික් මාර්තු මස 21 වැනිදා සිට තහනම් කෙරෙමින් ගැසට් පත‍්‍ර දෙකක් නිකුත් කරනු ලැබ ඇත.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම ගැසට්ටුවට අත්සන් තබා තිබිණි.
ජාතික පාරිසරික පනතෙන් පරිසර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප‍්‍රකාරව ප්ලාස්ටික් නියාමනයට අදාලව ගැසට් පත‍්‍ර දෙකක් නිකුත් කර ඇති අතර අදාළ නියාමන කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදුකිරීමට නියමිතය.
ඒ අනුව කෘෂි රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සදහා පොලි එතිලින් ටෙරප්තැලේට් හා පොලිවියනයිල් ක්ලෝරයිඞ් යන ප්ලාස්ටික් වර්ග දෙක තහනම් කරනු ලැබ ඇත.
එමෙන්ම ශුද්ධ පරිමාව මිලි ලිටර් 20 ට හෝ ග‍්‍රෑම් 20ට අඩු සැෂේ පැකට් තහනම් කර ඇති අතර එය ආහාර හා ඖෂධ ඇසුරුම් සදහා අදාල නොවේ.
හුළංවලින් පිරවිය හැකි සෙල්ලම් බඩු නිශ්පාදනය තහනම් වන අතර එය ද බැලූන්, බෝල, දියමත පාවෙන හා පිහිනුම් තටාගවල දී භාවිතා කරන සෙල්ලම් බඩු හා ජල උපකරණ වලට අදාල නොවනු ඇත.
ප්ලාස්ටික් කූර සහිත කොට්න බඞ් තහනම් කර ඇත. එහි දී වෛද්‍ය හා සායනික ප‍්‍රතිකාර සඳහා භාවිතා කරන ප්ලාස්ටික් කොට්න් බඞ් සදහා එම නීතිය අදාල නොවේ.
ඕනැම ප්ලාස්ටික් නිෂ්පාදනයකට අදාලව එම නිෂ්පාදන සදහා යොදාගත් ප්ලාස්ටික් වර්ගය සදහන් කිරීම අනිවාර්ය කර ඇති එක් එක් ප්ලාස්ටික් වර්ගය හඳුනාගැනීම සදහා යෙදිය යුතු ජාත්‍යන්තරව භාවිත කරනු ලබන සංකේත ක‍්‍රමයක් ද මෙම ගැසට් පත‍්‍රය මගින් හදුන්වා දී ඇති අතර ඒවා සදහන් කිරීම අනිවාර්ය වනු ඇත.
ප්ලාස්ටික් ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රිකරණය පහසු කිරීම මඟින් පරිසර දූෂණය අවම කිරීම එහි අරමුණ යැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි.
එකී ගැසට් පත‍්‍රවල දක්වා ඇති කරුණු උල්ලංඝණය කල අවස්ථාවක දී ජාතික පාරිසරික පනතේ 31 වන වගන්තිය ප‍්‍රකාරව දඩුවම් හිමි වන බව ද මධ්‍යම පරිසර අධිකාරියේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
2025 නොවැම්බර් මස 21
5
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පොලිතීන් තහනම ගැසට් කරයි
දිලාන් Sunday, 31 January 2021 02:55 PM
ඉතාම කාලෝචිත ක්‍රියාවක්. එදා අපි පොලිතීන්වලින් ලෝකය වැහැව්වා, අද ලෝකය පොලිතීන් වලින් අපිව වහනවා..
sharm warn Monday, 01 February 2021 03:14 AM
බලමුකෝ අපේ රටේ ඉන්න සමහරක් මේක කොහොම පිළිපදියිද කියලා...
ජන Monday, 01 February 2021 04:28 AM
ශොපින් බෑග්, යෝගට් කප්, යෝගට් හැඳි, මෑතක පටන් බහුලව ගන්නා වරක් භාවිතා කරන ආහාර පෙට්ටි, ෂැම්පු බෝතල් ආදී දෑ ඉතා විශාල ලෙස පරිසරයට හානි කරයි. මේවාට විකල්ප තිබේ. උදාහරණයක් ලෙස ප්ලාස්ටික් මාරයා එන්න පෙර තිබූ කාඩ්බෝඩ් විශේෂයකින් නිපදවූ අයිස්ක්‍රීම් කප්, යෝගට් කප්, බීම බට, ලී වලින් නිර්මිත යෝගට් හැදි ආදී දෑ දියුණු තාක්ෂණය යොදා නිපදවීම කල හැකි අතර ෂැම්පු බෝතල් ආදී දේ සඳහා තුනී ඇලුමිනියම් ආදිය යොදා ප්ලාස්ටික් අත්‍යාවශ්‍ය දේ වෙනුවෙන් පමණක් යොදා ගතහැකියි. වියතුන් මග යන ඔබගෙන් රට ජාතිය බලාපොරොත්තු වන්නේ විසිල් නොවේ බල්ටි ය.