(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනය කඩකිරීම් චෝදනා ලැබ සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රිනියන් 98 දෙනකුට පක්‍ෂ කාන්තා දින සැමරුමට ආරාධනා කර නොමැති බවත්, එය ඔවුන්ගේ අයිතිවාසිකම් කඩකිරීමක් බවත් එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) පැවසීය.
එම මන්ත්‍රිනියන්ට එරෙහිව විනය පරීක්‍ෂණ ක්‍රියාත්මක වුවත් මෙතෙක් විනය ක්‍රියාමාර්ග ගෙන මන්ත්‍රීධූරයන්ගෙන් ඉවත් කර නොමැති නිසා මෙම උත්සවයට ඔවුන්ට ආරාධනා කිරීමට තිබූ බව සභාපතිවරයා සඳහන් කළේය.
මෙම මන්ත්‍රිනියන් 98 දෙනා ඇතුළුව විනය පරීක්‍ෂණ පැවැත්වෙන පළාත් පාලන මන්ත්‍රීන් 250කට වැඩි පිරිස පක්‍ෂයෙන් ඉවත් කරනවාද, ඔවුන්ට දැඩි අවවාද දී තියාගන්නවාද යන්න ගැන පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ හා නිලධාරී මණ්ඩලය තුළ සාකච්ඡා කරමින් සිටින බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (8) ට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මගින් සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයට එක්වෙමිනි.
ශ්‍රී.ල.නි.ප ප්‍රාදේශීය සභා මන්ත්‍රිනියන් 248න් මෙම උත්සවය දන්වා ඇත්තේ 150කට පමණක් බව කී හිටපු ජනාධිපතිවරයා කවුරුත් කාන්තා අයිතීන් ගැන කතාකරන කාන්තා දිනයේදී එම මන්ත්‍රිනියන්ගේ අයිතිය නැතිකර තිබෙන බව කණගාටුවෙන් වුවත් කිව යුතු යැයි ද කීවේය.
තම ආණ්ඩු කාලය තුළ අපේක්‍ෂක ලැයිස්තුවල කාන්තාවන්ට 25% ක් අවස්ථාව දුන් බව ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.


COMMENTS
ලොකුමහත්තයා තවම පත්තර කියවන එක නවත්වලා නෑ එහෙනම්...
ඔය ආරාධනාව කරන්නේ අපිද? පක්ෂයේ සභාපති තමුන් නේද? ජනාධිපතිකම කළා වගේ තමයි සභාපතිකම කරන්නේ. පක්ෂයේ වෙන දේ දකින්නේ පත්තරෙන් නේද?
සිරිසේන බයිලා කියවන්නේ නැතිව ඉන්න. ඉදිරියටවත් රටට බරක් නොවී ඉන්න.