රුසියන් හමුදා සිදු කරන ප්‍රහාරවලින් යුක්රේනයේ දරුවන් 37 දෙනකු මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මියගිය දරුවන් 37 දෙනාට අමතරව, තවත් දරුවන් 50 දෙනකු රුසියන් ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා සිටින බව ද යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
‘මා රුසියාවෙන් අහන්න කැමතියි යුක්රේන දරුවන් කළ වරද මොකක්ද? රුසියන් ප්‍රහාරවලින් යුකරේන දරුවන්ගේ ජීවිත උඩු යටිකුරු වෙලා. ඔවුන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා. පාසල්වලටත් රෝහල්වලත් රුසියාව පහර දෙනවා. මිලියනයකට වැඩි යුක්රේන දරුවන් සරණාගතයන් ලෙස අද යුක්රේනයෙන් පිටවෙලා. මේ දරුවන්ගේ අනාගතය අඳුරුයි. ඔවුන්ට ඕනෑ යුද්ධය නොවෙයි, සාමයයි’ යැයි යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකා කැතරීන් රසෙල් පවසා තිබේ.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ප්‍රහාරවලින් යුක්රේන දරුවන් 37 ක් මියගිහින්