(දයාරත්න ඇඹෝගම)
පාස්කු ඉරිදා ප්‍රහාරයේ දර්ශන ඇතුළත් වීඩියෝ පට, ජංගම දුරකතන, තව්හීත් ජමාත් සංවිධානයේ නායකයාගේ සේයාරූ, වනාතවිල්ලුව ප්‍රදේශයේ පුහුණු කඳවුරක ජායාරූප හා වීඩියෝ පට ළඟ තබාගත් මුස්ලිම් ජාතිකයන් පස්දෙනෙකු කැබිතිගොල්ලෑවේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
යුද හමුදාව සහ පොලිසිය එක්ව කැබිතිගොල්ලෑව නගරයේ කළ පරීක්ෂාවේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයන් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සේවය කළද වවුනියාව, කින්නියාව සහ කන්කසන්තුරේ යන ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
හොරොව්පොතාන මාර්ගයේ හිජ්රාගම පොලිස් යුද හමුදා මාර්ග බාධකයක් වීඩියෝ ගතකළ බව කියන පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට පත්වූවන් අතර සිටින බව පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් අද(01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
යුද හමුදාව සහ පොලිසිය එක්ව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුතර මුස්ලිම් පූජකයන් සහ පිරිස් ගල්බුතගැහිලා ඉන්නේ නැතුව මේකට විරුද්ධ වෙන්නේ නැතිඑක පුදුමයි. විස්වාශ කරන්න බැහැ...
සහෝදරයා ඔක්කෝටම ඉස්සෙල්ලා අර හිරේ ඉන්න හාමුදුරුවන්ව නිදහස් කරගෙන ඔයගොල්ලන්ගේ එකමුතුකම ලෝකෙට පෙන්නලා ඉන්න. පස්සේ හිතන්න වෙන වෙන ජාතීන්ගේ අඩුපාඩු..