IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ප්‍රහාරයක් ගැන අසත්‍ය කෙටි පණිවුඩ යැවූ සැකකරු දැලේ

 

(ඉන්දිකා  රාමනායක)

ඉරිදා දිනයේ දේව මෙහෙයන් සඳහා පල්ලි වලට නොයන ලෙසත්, පල්ලි වලට ප්‍රහාරයක් එල්ල වීමේ ඇති බවත් කඳාන ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසකට ජංගම දුරකථනයෙන් කෙටි පණිවිඩ යැවූ පුද්ගලික සමාගමක ගණකාධිකාරිවරයෙකු  අද  (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති   අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකරු ජාඇල වැලිගම්පිටි ප්‍රදේශයේ පදිංචි  (31) පුද්ගලයෙක් බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඊයේ දිනයේ ඉරිදා දේව මෙහෙයන් සඳහා සහභාගි නොවන ලෙසට මොහු විසින් මෙම පණිවිඩය ඊයේ  (19) කිහිපදෙනකු වෙත ම යවා ඇති බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකර  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට  (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

විවිධ පුද්ගලයන්ගෙන් ජංගම දුරකථනයට  වට්ස්අප්, වයිබර් , ⁣⁣සහ කෙටි පණිවිඩ මගින් මේ ආකාරයේ  ලැබෙන කෙටි පණිවිඩ සම්බන්ධයෙන් සොයා නොබලා තවත් කෙනෙකු වෙත බෙදා හැරීමෙන් වළකින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව අජිත් රෝහණ මහතා කීය.

මෙවැනි අසත්‍ය කෙටි පණිවිඩ යවන  පුද්ගලයන්ට මෙන් ම ඒවා සොයා නොබලා තවත් අයට බෙදා හරින පුද්ගලයන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කරන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

ප්‍රහාරයක් ගැන අසත්‍ය කෙටි පණිවුඩ යැවූ සැකකරු දැලේ

isurandi Sunday, 20 December 2020 01:45 PM

බොරු ප්‍රචාර අනුමත නොකරමි. නමුත් සමහරවිට මෙය ඇත්තක් වෙන්නට ඉඩකඩ තිබ්බා නම් මොකක්ද ඊළඟ පියවර..? පාස්කු ප්‍රහාරය දැනගෙන නොකියා හිටියයි කියලා සමහරුන්ගේ පතුරු අරිනවා නේද තවමත්...?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 20 December 2020 06:01 PM

පෙරදී තිබූ අසම්මත හා අශිෂ්ඨ සන්නිවේදන ක්‍රමයක් තමයි කැලෑ පත්තර කියන්නේ. එවැනි දේ තමයි අද දියුණු තාක්ෂණයද සමග මේ අසත්‍ය පණිවිඩ බවට පත් වී තිබෙන්නේ... කිසියම් රටක මේ වර්තමාන කැලෑ පත්තර සම්ප්‍රදාය පවතින්නේ නම් එයට ප්‍රධානම හේතුව වශයෙන් ගතහැකි වනුයේ, එම රටේ තොරතුරු සේවාවෙහි පවතින කුමන හෝ උදාසීන තත්වයක් බවයි පෙනීයන්නේ... එම සේවා රටක නිසි අයුරින් මහජන විශ්වාසය දිනා සිටින්නේ නම්, ව්‍යාජ උත්සාහයන්වලට කිසිඳු ඉඩක් ලැබෙන්නේ නැත. එසේ නම්, වගකිවයුතු අංශ අනියම් ක්‍රමයකින් මේ තත්ත්වය ඇතිවීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව කටයුතු කොට ඇති බව පෙනේ. එසේ හෙයින් කළයුතු වන්නේ, රටේ, ජනතාවගේ විශ්වාසය නොබිඳෙන අයුරින් කටයුතු කිරීමය. එහෙත්, අවාසනාවකට සිදුනොවන්නේද එයයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 540 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site