(නිමල කොඩිතුවක්කු)
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ස්ථාවර දුරකථන සම්බන්ධතා අද (26) දිනයේ සිට විසන්ධි කර ඇත.
මේ හේතුවෙන් විෂය භාර අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාගේ දුරකථන සම්බන්ධතාවය, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ දුරකථන සම්බන්ධතාවය, අමාත්‍යාංශ ලේකම්වරයාගේ දුරකථන සම්බන්ධතාවයේ සිට සියලුම ස්ථාවර දුරකථන සම්බන්ධතා ඇන හිට තිබේ.
අද දිනය පුරාම ස්ථාවර දුරකථන සම්බන්ධතා විසන්ධි කර තිබීම හේතුවෙන් අමාත්‍යාංශයේ කටයුතු බොහෝමයක් ඇණහිට තිබූ බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු සඳහන් කළේ අද උදෑසන සිටම ස්ථාවර දුරකථන සම්බන්ධතා ක‍්‍රියා නොකළ බවයි. ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වලින් කළ විමසීමකදී මුදල් ගෙවා නොමැතිවීම හේතුවෙන් ස්ථාවර දුරකථන සම්බන්ධතා විසන්ධි කර තිබූ බවට දැනුම් දුන් බවත් ඔහු පැවැසීය.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය බත්තරමුල්ල පිහිටි සොබාදම් පියස ගොඩනැගිල්ලේ පිහිටා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි සඳහන් විස්තර සියල්ලම නිවැරදි නම් මේ මිනිස්සු මොන තරම් ලැජ්ජාවට පත්විය යුතුද? ඔය කියන ඇමතියෝ ඔක්කොම අමාත්‍යංශයේ ප්‍රධාන දොරටුව ඉදිරියේ නානතුවා ඇඳගෙන ඔලුවෙන් හිටගෙන හිටියා නම් වඩාත් සුදුසුයි සහ නම්බුයි..
ඒ සල්ලිත් හොරකල වගේ......
ඇත්තට මේ රට කවද ගොඩ යාවිද ?
වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා රජයේ සේවකයන්ට පඩි ගෙවන්නත් සල්ලි නැහැ කියාවි
රටත් කළුවරේ.ජනාධිපතිභාර පරිසර අමාත්‍යංශයේ දුරකතන ‘ගොළු වෙලා. නිදහස් දින සමරද්දී රටේ ජනාධිපති ඇතුළු වගකිව යුත්තනුත් මර නින්දේ. පාර්ලිමේන්තුවේත් නිදා ගන්නවා. ඉතින් කොහොමද රට ගොඩනගන්නේ?
හලෝ ගොළු වෙන්නේ ඒගොල්ලෝ කතා කරවනම් නේ.......... ඒගොල්ලෝ කවදාකවත් අපිට කතා කරන්නේ නැත. අපිටයි කතා කොරන්න බැරි එමනිසා කියන්න පරිසර අමාත්‍යාංශය බිහිරිවෙයි කියලා