IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


පෙරවරු 11න් පසු පාසල් ළමුන් එළිමහනේ නොතබන්නැයි දැනුම්දීමක්

(රංජන් කස්තුරි)

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන් පෙරවරු 11 ත් සවස 3.30 ත් අතර කාලයේදී එළිමහනේ නොතබන ලෙසත් අධික දහඩිය දමන ව්‍යායාම්වලට යොමුනොකරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන්ට දන්වා තිබේ.

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ආතතිය , මස්පිඩු පෙරලීම , සිහි මුර්ජාව , හෘද රෝග පෙනහළු රෝග වැනි රෝග උත්සන්න විය හැකි බව සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

එම නිසා පාසල් සිසුන් එම සංකූලතාවයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් සිසුන්ට දන්වා තිබේ.

නිතර නිතර  ජලය පානය කිරීම සීනි අධික බීම භාවිතයෙන් වැළකීම එළිමහනේ සිටින විට තොප්පි පැළදීම කුඩ භාවිතා කිරීම , එළිමහනේ ගැවසීම අවම කිරීම , ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇඳීම , මුහුණේ සහ අවයව වල වතුරු ගෑම ආදිය කළ යුතු බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.



අදහස් (3)

පෙරවරු 11න් පසු පාසල් ළමුන් එළිමහනේ නොතබන්නැයි දැනුම්දීමක්

පබුදු සපුතන්ත්‍රී Wednesday, 12 February 2020 05:26 AM

පාසල් දරුවන්ට නිතර නිතර ජලය පානය කරන්න කිව්වට කළුතර සිට බේරුවල, බෙන්තර දක්වා දරුවන්ට පාසල් ගියත් නිවසේ සිටියත් බොන්නට වෙලා ඇත්තේ ලුණු වතුරයි. කළු ගඟට මුහුදු ජලය මුසු වීමෙන් කෙත්හේන ජල පොම්පාගරයෙන් බෙදා හරින නල ජලය කටට ගන්න බැරි තරමට ලුණුය. කළුතර - බේරුවල වෙරළ තීරයේ ජනතාව මෙන්ම පාසල්ද තම එදිනෙදා ජල අවශ්‍යතාවයන් සපුරා ගනුයේ ජල සම්පාදනය මඟින් බෙදා හරින නල ජලයෙනි. තත්ත්වය මෙසේ වීනම් මේ ප්‍රදේශයේ පාසල් දරුවන්ට වැඩියෙන් බීමට සිදුව ඇත්තේද ලුණු මිශ්‍ර ජලයයි. ලුණු මිශ්‍ර ජලය පානය කිරීමෙන් ඇතිවිය හැකියැයි අනතුරු අඟවා ඇති සංකූලතා දෙගුණ තෙගුණ වන බව නොරහසකි. කළු ගං මොයේ සිට ක්‍රිලෝමීටර් දහහතරකට වඩා දුරින් පිහිටි කෙත්හේන ජල පොම්පාගාරයට ලබා ගන්නා ජලයට මෙසේ මුහුදු ජලය ගලා ඒම වැලක්වීමට ස්ථිර විසඳුමක් දීමට බලයේ සිටි හා බලයේ සිටින කිසිඳු රජයක් සමත් නොවීම කණගාටුවට කරුණකි.

:       0       37

mendisWednesday, 12 February 2020 12:13 PM

ලවණ ජලය ගඟ දිගේ ඉහළට ගමන් කරන්නේ හේතු දෙකක් නිසායි. එකක් වියළි කාලයේ එකතුවන ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් ජල යෝජනාක්‍රම වලට යොදාගැනීම. අනෙක ගඟ පත්ල මුහුදු මට්ටමේ හෝ ඉන් පහළ තිබීම. සුදුසු තැනක salinity barrier එකක් ඉදිකිරිම මගින් මෙය විසඳීමට පුළුවනි. මෙය ජලසම්පාදන මණ්ඩලය කල් මරමින් සිටීමේ ප්‍රතිඵලයකි...

:       0       0

rana Wednesday, 12 February 2020 06:57 AM

මෝය කට වර්ෂාවේ අධික කාලයට යට වැඩි කිරීමෙන් නේද ඔය දේ වෙන්නේ ? එය කරන්නේ ජලය ඉන්මනින් බැසීමට නේ , එය අවශ්‍ය වී ඇත්තේ වැසි ජලය පිටාර ගැලීමට අවශ්‍ය ඉඩ අහුරා දැමීම නේද ? ඉවක් බවක් නැතිව වැලි ගැනීම, ඉතිරි ටික ඔබලාම සිතා බලන්න හොඳේ .

:       6       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1242 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site