ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අද (12) උදෑසන පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වී ඇති බව ශ්‍රී ලංකා ගායක සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා පවසයි.

ඔහු මියයන විට 67 වැනි වියේ පසුවිය.

ගෙලේ රන්මාල දා හැඩ වී, මල් වසන්තයේ , මගේ පබාවියේ, අහසට සඳ සේ, පාරට කිට්ටුව දෙල්ගස මුදුනේ වැනි ජනප්‍රිය ගීත ඔහු විසින් ගායනා කරන ලදී.

(28535)