IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කරන්නයි කතානායකගෙන් ඉල්ලති

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේම භාෂණයේ නිදහස සුරක්ෂිත කිරීමටත්, ඔවුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමටත්, මන්ත්‍රී වරුන්ගේ ජීවිත ආරක්ෂාව සැලසීමටත් උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස මැදිහත්ව කටයුතු කරණ ලෙස ඉල්ලා විපක්ෂයේ  මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් අද (13)  සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් කතානායකවරයා වෙත භාරදුන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
 
එම ලිපියේ මෙසේ සඳහන් වේ,
 
"සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යානුකූලවම ලබාදී ඇති බව ඔබතුමා හොඳින් දන්නා කරුණකි. එසේ නිත්‍යානුකූලව එම  අයිතිය ලබාදී  ඇත්තේ අන් කිසිවක් නිසා නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහජන නියෝජිතයන් ලෙස තමන්ගේ අදහස් මහජනතාව වෙනුවෙන් රටට ප්‍රකාශ කිරීමට ඇති පරම ආයතන පාර්ලිමේන්තු වන බැවිනි.
 
නමුත් ගරු හරීන්  ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කරන ලද තමන්ගේ ප්‍රකාශයට ගරු ජනාධිපතිවරයා මන්ත්‍රීවරයාගේ නම සදහන් කරමින් ඔහුගේ කතාවට පාර්ලිමේන්තුවෙන් පිටතදී මාධ්‍ය ඉදිරියේ පිළිතුරු ලබා දෙනු අපි දුටුවෙමු. එම සමස්ත ප්‍රකාශය අධ්‍යයනය කිරීමේ දී එහි භාෂණයේ නිදහසට එරෙහිව යමින් යම් තර්ජනාත්මක  ස්වරූපයක් දක්නට ලැබේ.ගරු ජනාධිපති වරයා පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගිවීමට අයිතිය ඇති බව සහ ඊට පිළිතුරු දීමට අයිතිය ඇති බවද ඔබතුමා දන්නා කරුණකි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හා සමානව ම ඔහුගේ අනුගාමිකයින් හා රාජ්‍ය මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළින් ද ඔහුගේ ප්‍රකාශයට සමාන ප්‍රකාශ සිදුවනු අපි දුටුවෙමු.
 
එම තත්ත්වය භාෂණයේ නිදහස මෙන්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල බලපෑමක් බව අපගේ විශ්වාසයයි.
 
එම නිසා උත්තරීත පාර්ලිමේන්තුවේ නායකයා වශයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස සහ ජීවිත ආරක්ෂාව  පිළිබද කටයුතු කළ හැකි පුද්ගලයා වශයෙන් මෙම තත්වය හමුවේ ගරු මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස සුරක්ෂිත කිරීමටත් ඔවුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමටත් ගරු මන්ත්‍රීවරුන්ගේ ජීවිත  ආරක්ෂාව සැලසීමටත් උත්තරීත පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස මැදිහත් වී කටයුතු කරන ලෙස එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.



අදහස් (6)

පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කරන්නයි කතානායකගෙන් ඉල්ලති

සිරිබිරි Wednesday, 13 January 2021 04:21 PM

කවදාවත් ගම්සභාවකවත් හිටියේ නැති එක්කෙනෙක් රටේ මුල් පුටුවට ගියාම ඔහොම දේවල් වෙනවා. එහෙම අය පරිණත නැහැ .

:       5       3

shanikaThursday, 14 January 2021 08:44 AM

සරත් ෆොන්සේකා ජනාධිපති වෙන්න ඉල්ලනකොට කාටවත් ඕක මතක් වුණේ නැහැ නේද?

:       0       4

Demuni Uduwara Wednesday, 13 January 2021 06:07 PM

මේ ඉල්ලීමට කථානායකවරයා ගරුකරයිද?

:       0       0

Bamunuarachchi Thursday, 14 January 2021 04:23 AM

පාර්ලිමේන්තු වරප්‍රසාද කියන්න.. ඒක පාර්ලිමේන්තුවේ උත්තර දෙන්න බැරි අයට මෙතන ඉඳන් අපහාස උපහාස කරන එක නොවෙයි. එහෙම අපහාස උපහාස ලබපු කෙනෙක් පාර්ලිමේන්තුව තුළදී දෙන පිළිතුරත් ප්‍රශ්නයක් නොවෙයි. හොඳම උදාහරණ වාසුගෙන් කාටදෝ ලැබුණු පිළිතුර. එසේ නැතිව පාර්ලිමේන්තුවෙන් පිටදී උත්තර දුන්නොත් අන්න කනට ගැසුවා වගේ වදිනවා. ඊළඟට ආරක්ෂාව හොයනවා...

:       0       3

Upal Thursday, 14 January 2021 04:46 AM

සිංහයා සිංහනාද කරනකොට හිවලුන්ට මුත්‍රා යනවා.

:       1       5

මුණසිංහ Thursday, 14 January 2021 06:09 AM

මෙයාලා ආණ්ඩුවක් කරන විට මේවා මතක් වුනේ නැත්ද?

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 31 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site