IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

(ආරියරත්න රණබාහු)

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අද (05) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා 61 වන වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ යටතේ ඒ මහතා ඇමති කැබිනට් නොවන අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ලෙස තනතුරු රැසක් දරා තිබේ.

ඒ අනුව ඉඩම් සංවර්ධන හා සුළු අපනයන බෝග ඇමැති (2000 -2001) රජරට සහ ගංගානිම්න සංවර්ධන නියෝජ්‍ය ඇමැති (2004-2007) පොල් සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය (2007-2010) වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය(2010-2015)

වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වූ ඒ මහතා කුරුණෑගල මලියදේව සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙහි ආදී ශිෂ්‍යයකු වන අතර මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකි.

 

 

 

 



අදහස් (10)

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

Amara Monday, 05 August 2019 02:02 PM

සංවේගයෙන් දැනුම් දීමයි... ඊළඟට පාර්ලිමේන්තුවට එන්නේ කුරුණෑගල ප්‍රසිද්ධ වෛද්‍ය චරිතයක් නේද?

:       53       79

kamalTuesday, 06 August 2019 04:07 AM

නැහැ ඒවගේ අය ඉන්නේ ආණ්ඩුව පැත්තෙනේ

:       4       59

JanapriyaTuesday, 06 August 2019 08:37 AM

ඔව් දැන් පක්ෂේ විපක්ෂේ මොකද්ද හොයාගන්ඩ බැහැ.

:       0       1

sandy123 Monday, 05 August 2019 02:33 PM

සත්‍ය මෙයයි. මෙයට සැවොම මුහුණ දෙන්න වෙනවා. ඉපදෙන සියලුම සත්වයන් මිය යනවා. මේ කෙටි කලට ධනයට බලයට ගිජු වී වල්මත් වෙන්නේ කිමද?

:       15       273

ධම්ම Monday, 05 August 2019 04:32 PM

එතුමාට නිවන් සැප ලැබේවා! එතුමා මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරියෙකි.

:       86       206

HemanthaTuesday, 06 August 2019 08:43 AM

ධම්ම, අපි එතුමාගේ අධ්‍යාපන සුදුසුකම් හොදින් දන්නවා, කුඩා කල සිටන් ලගින් සිටි ඥාතීන් නිසා. මැරුන කෙනෙකුට බොරුවට ගරහන්න එපා.

:       2       3

abaran Monday, 05 August 2019 09:32 PM

පළමුව සංවේගය පලකරමි.. එමෙන්ම ඔය ටික හැමෝටම වෙන බව දැනගෙන රටට ජනතාවට සේවයක් කරන්න. සදාකල් ඔබගේ නාමය ජනතා සිත් සතන් තුල රැඳේවී...

:       102       124

විමලධම්ම හිමි Monday, 05 August 2019 10:49 PM

බලය ලබා කෙටි කලකින් මහජන මුදල් ගසා කා මාළිගා හදන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඉන්නා ලංකාවේ සාලින්ද මහත්මා මිය යන තුරුම වාසය කළේ ඉතා පැරණි තම මහගෙදර ය. ඇතුගල මුදුනේ බුද්ධ ප්‍රතිමාව ගොඩ නැගීමට අවසර ගැනීමට ඒ මහතා කළ අරගලය කුරුණෑගල අපි දනිමු. ජනතාව නොකඩවා එතුමන් පාර්ලිමේන්තුවට යැව්වේ එතුමාගේ හදවත හොඳින් දන්නා නිසාය. එතුමාට නිවන්සුව පතමි.

:       70       238

AmaraThursday, 08 August 2019 03:00 PM

මහා ගෙදර කොහෙද අපේ හාමුදුරුවනේ?

:       0       4

රවිඳු Wednesday, 07 August 2019 09:58 AM

ජීවත් වෙලා ඉද්දී මොන වැඩේ කළත් මැරුණම ගුණ කථන වයන එක අපේ රටේ මෝඩයනගේ පුරුද්දක්නේ. හරි හෝ වැරදි වේවා, අපිට නම් ඔය කෝකත් එකයි.

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 405 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site