(සුජිත් හේවාජුලිගේ )
බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතාගේ පෞද්ගලික රථයේ රෝද දෙකක ටයර් කපා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මේ සිද්ධිය වී ඇත්තේ එම රථය මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පෙරේදා රාත්‍රී(19)නවත්වා තිබියදීය .
මේ සම්බන්ධයෙන් අප මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා සමග උරණව සිටින පුද්ගලයකු මේ පහත් ක්‍රියාව කරන්නට ඇති බවයි .
තමා පසුව වාහනයට අලුත් ටයර් දෙකක් දා ගත් බවද මන්ත්‍රීවරයා කීවේය .
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් ජානක තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගෙන ඇත
. පත් කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් නම සඳහන් වූඅනෙක් මන්ත්‍රීවරයා වූයේ තිස්සකුට්ටිආරච්චි මහතාය.
COMMENTS
මිනිහව කපලා වැඩක් නැහැ. ටයර් කැපුවොත් කඩේක මුදලාලිටවත් සෙතක් වෙයි කියලා හිතන්න ඇති.
අපෝ ඉතින් ඒ වියදමත් අපේ සල්ලි වලින්ම ගොඩදාගනියි ඉතින්.
කොරෝනා එන්නතින් ඩොලර් 5ක් කොමිස් එකක් ආණ්ඩුව ගහගන්නවලු. හෙට අනිද්දම ඔය කාගෙ කාගෙත් බෙල්ල ගහලා යන දවස වැඩි ඈතක නොවේ...
වාචාලයින්ගේ නම් කටවල් කපන්න ඕනෑ. කිසිම හැදියාවක් නැහැ..
කොහොමටත් මෙයා හොඳ කෙනෙක් නම් නෙමෙයි...
මේ අයගේ බොරු...
මේ වගේ පින් බතාලාගේ... ටයර් 2ක් කපලා මදි 04ම කපන්න ඕනෑ...
දෙකේ පන්තියේ වැඩක්.... අන්තිම ඡේදයේ තියෙනවා විස්තරේ. කරන්නේම ගොං වැඩ තමයි.
ටයර් නොවෙයි... ඔය හැකර කට තමයි කපන්න තිබුනේ...
තිස්ස, තිස්ස ඔබ පාර්ලිමේන්තු ගියාට ජනතාවට වැඩක් නැහැ.. ඒක නිසා ඡන්දෙ දීපු කෙනෙක් ඕක කරන්න ඇත්තේ තරහට...
අලුත් ටයර් අතින් දන්නේ නැහැනේ... අනේ අපොයි අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ... හුළං ඇරියා නම් ඉවරයි. තරහා කාරයා කරපු දෙයින් වුණේ අලුත් ටයර් 02ක් හම්බවුණ එක විතරයි. මේක අනිවාර්යයෙන් මිතුරෙකුගේ වැඩක් වෙන්න ඇති.