
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.ඒ සරත් කුමාර මහතා නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කරනු ලැබ සිටියි.
නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කිරීමෙන් පසුව ඔහු බස්නාහිර පළාත රථවාහන දිශාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
සරත් කුමාර මහතා නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කිරීමෙන් පසුව හිස්වූ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල සෙනරත් මහතා පත්කරනු ලැබ සිටි.
සෙනරත් මහතා නව තනතුරට පත්වීමට පෙර පොලිස් මුලස්ථානයේ රාජකාරි කළේය .
ඔහු පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස අද (12) වැඩ භාර ගත්තේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd