IMG-LOGO

පාර්ලිමේන්තු කටයුතු සිදු වන අයුරු ගැන විමල් කියයි

(සුජිත් හේවාජුලිගේ )

තමා සහ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී කටයුතු කරන ආකාරය ගැන පක්ෂ නායක රැස්වීමේදී  අද තීරණය කරන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

අවලස්සන ඇමරිකානුවාගේ ක්‍රියාකලාපය නිසා රට අද විනාශයට පත්වෙමින් තිබෙන බවත්  ජනාධිපතිවරයා අවලස්සන ඇමරිකානුවාගේ  බලයට යට වී කටයුතු කිරීම නිසා අද රටේ සියලු ප්‍රශ්න නිර්මාණය වී ඇති බවත්  වීරවංශ මහතා කීවේය.

 



අදහස් (14)

පාර්ලිමේන්තු කටයුතු සිදු වන අයුරු ගැන විමල් කියයි

Hafeel Friday, 04 March 2022 12:26 PM

දැන්ද ගෝඨාභය ඇමරිකන් කාරයක් වුණේ? මෙයාව ඇමති මණ්ඩලයෙන් දොට්ට දැමීමෙන් පස්සේ තමයි තේරෙන්නේ ජනාධිපති ගෝඨාභය ඇමරිකන් කාරයෙක් කියලා. මෙච්චර කල් ඔහුට මේ ජනාධිපති ලීකුවාන්, රට බේරාගත්තු මිනිහා. අපිට නම් මේ විමලුත් එකයි, ජනාධිපතිත් එකයි, මහින්දත් එකයි, සජිතුත් එකයි, රනිලුත් එකයි...

:       2       41

Rasika Friday, 04 March 2022 12:42 PM

ඔහු කියන්නේ බැසිල් ගැන... නමුත් අවලස්සන ඇමරිකානුවා ගේන්න කරපු ව්‍යවස්ථා සංශෝධනයට මේ අයත් එකඟ වුණා...

:       0       38

විජිත්Friday, 04 March 2022 01:38 PM

විමල් ෆේල් නම් රනිල් ෆේල් වෙන්න විදියක් නෑ. හිතට එනඑන විදියට දේශපාලන විචාර කරන්න බෑ. රනිල් විරෝධය, ඔහු දේශද්‍රෝහියෙකු කිරීමේ පෙර ගමන්කරු තමයි විමල්. විමල් ඒකෙ සංකේතයක් විදියට ගන්නත් පුළුවන්. 2002 යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩ පිළිවෙළ කරගෙන යන්න තිබුණා නම් අද ලංකාව සිංගප්පූරුව‍ත් පහු කරලා ගිහින්. මෝඩ දේශප්‍රේමියන් තමයි මේ රට කෑවේ. එම්සීසී එකත් නැති කරගත්තා. ඔය බටහිර විරෝධය කියන්නේ මොකක්ද කියලා ඔවුන්ටවත් පැහැදිලි කරගන්න බෑ. පාවිච්චි කරන දේවල්වලින් හතරෙන් තුනක් ගේන්නේ යුරෝපයෙන්...

:       8       11

චන්දන Friday, 04 March 2022 02:24 PM

බැසිල් තමයි රට වටෙන් අගාධයකට වගකිවයුතු පුද්ගලයා...!

:       0       10

Mohan Friday, 04 March 2022 12:43 PM

හෆීල්, අවලස්සන ඇමෙරිකානුවා... බැසිල්..!

:       1       25

Hafeel Friday, 04 March 2022 01:17 PM

සහතික ඇත්ත. ඔවුනුත් එකතුවෙලා විස්ස සම්මත කරලා දීලා, ඇමරිකන් කාරයෝ ටික පාර්ලිමේන්තුවට ගෙනැල්ල, දැන් ඉල්ලන් කනවා...

:       1       24

Hafeel Friday, 04 March 2022 12:45 PM

ලීකුවානුත්, මගදීර් මුහමදුයි එකතුවෙලා රට හදන්න එක කොහොම වුණත්, මෙයා දොට්ට දැම්මා. දැන් තේරෙනවද නිකම් පුස්සක්ව වර්ණනා කරලා ඉල්ලන් කෑවා කියලා....!

:       1       25

sharm warn Friday, 04 March 2022 01:17 PM

මේක පොඩි නාටක එපිසෝඩ් එකක් කියලා හිතෙන්නේ මට විතරද? මේ අය කවුරුවත් විශ්වාස කරන්න පුළුවන් සත්තු නෙවෙයි. අර ඇට මැස්සා පොතේ කියනවා වගේ මේ අයගේ කුර දෙකට බෙදිලා තියෙන්නේ... කොහොම වුණත්... මෙයාලට මෙහෙම වෙන්න ඕනෑ. පොළව පැලෙන බේගල් කිය කියා අසරණ මිනිස්සුන්ව ගොනාට අන්දලා මේ කරපු හරියට...

:       1       19

ravin Friday, 04 March 2022 01:42 PM

දාන්න තව තියෙන කුණු එළියට. මේ දවස්වල වැස්සත් නැති නිසා දුම්ගඳ හොඳටම පැතිරේවි. ගඳගහන පැතිවල ඉඳලා මෙරට මිනිස්සුන්ට හොඳට පුරුදුයි.

:       0       8

siri Friday, 04 March 2022 02:17 PM

ඇමෙරිකානු පුරවැසියන්ට රට පාවාදීලා දැන් බයිලා ගහනවා.

:       0       7

uk ran Friday, 04 March 2022 02:58 PM

ඔය කපුටාස් ඇමැතිකම් ගත්තේ 10% ගන්න. එයා රටට කරලා ඇමෙරිකාවට යයි. එයාට පුළුවන් කොමිස් ගන්න විතරයි.

:       1       5

අගුපිලගේ Friday, 04 March 2022 04:46 PM

කලකට පෙර ගම්මන්පිල හිස මුදුනේ අත්බැදගෙන සිටින රූපයක් දැකලා මම කිව්වා හරිම මූසලයි කියලා... පේනවා නේද එහෙම හිටියාම සිද්ධ වෙනදේ...? ඒවා පැරැණි මිනිස්සු කිව්වේ කට කහනවාට නොවෙයි...

:       0       2

විපරමා Friday, 04 March 2022 08:36 PM

කටේ නරිවාදම පෙන්නන්න හැදුවට වැඩක් නැහැ.. තමුනුත් මේ සිද්ද වෙච්චි දේවල් වලට හවුල් කාරයෙක්. මහින්දගේ සාටකේ එල්ලිලා ආපු දවසේ පටන් කටයුතු කරපු හැටි අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       0       3

Senkola Sunday, 06 March 2022 02:57 PM

කටේ තිබ්බ ක්‍රියාවන් මොකද්ද පල්ලේ හැදිලා... තව මොනවහරි කුට්ටියක් බාගන්න ඉඩ ඇහිරිලා වගෙයි. දෙන්නාම මරිසි කාරයෝය. තවත් රැවටෙන්න එපා.. බඩ පොත්ත පිටට ඇලිලා ඉඳපු බයියන් අද හුස්ම ගන්න බැරිතරමටම තරහවෙලා... ඔහොම යමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site