( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මහ මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට ගෙන ඇත තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබූහ.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන එන්.ජේ. අබේසේකර සහ රත්නජීවන් හූල් මෙන්ම නීතිපතිවරයාද නම් කර ඇත.
විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම මගින් පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වූ දින සිට මාස තුනක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇති බවයි.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉකුත් මාර්තු මස දෙවනදා එවක පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ තුළින් මහ මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට දින නියම කෙරුණු බව ද පෙත්සමේ සඳහන් වේ.
එහෙත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මස 25 වන දා මහමැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතවූ බැවින් එය ලබන ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයිද පෙත්සම්කරුවන් කියා සිටිති.
මෙලෙස ජුනි මස 20 වනදා මැතිවරණයකට දින නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ද නීතිය ඉදිරියේ බල රහිත වන බවද එම පෙත්සමේ සදහන් වේ.
එමෙන්ම කොරෝනා වසංගතය තවමත් පාලනයකට නතු වී නොමැති හෙයින් මෙම අවස්ථාවේදී මැතිවරණයක් පවත්වනු ලැබූවොත් ජනතාවට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි වනු ඇති බවත් ඒ හරහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අවකාශය ඇහිරී යනු ඇතැයි ද පෙත්සම්කරුවන් කියා සිටිති.
කොරෝනා වසංගතය අවසන් වීමට පෙර මැතිවරණයක් පැවැත්වීම තුළින් තමා ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතීන් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසද ,ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු
ජූනි මස 20 දා මහමැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉකුත් මාර්තු මස 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් සිය පෙත්සම් මඟින් අධිකරණයෙන් ඉල්ලා සිටිති.
මීට පෙර සමගි ජන බගවේගයේ මහලේකම් , හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාද මෙවැනිම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉකුත් 06 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළේය.
COMMENTS
අපට අපේ පාඩුවේ මහජන මුදලින් තවත් චිරාත් කාලයක් පිනට තුන් වෙලා සහිතව සියලු සැපසම්පත් ලබාදෙන මෙන් ගරු අධිකරණයෙන් යටහත් පහත්ව ඉල්ලා සිටින්නෙමු. මිට යටහත් පහත් දියවන්නාව පට්ටියේ 225.
කොරෝනා වසංගතය පාලනයට නතු වී ඇති බව නම් පෙනේ. මැතිවරණ පැවත්වීම බලරහිත කරන්නැයි ඉල්ලීම ප්‍රජාතන්ත්‍රවාදී ද නොවේ. නියම පාලන යාන්ත්‍රණයක් අවශ්‍ය කාලයකි මේ. පාර්ලිමේන්තුවෙන් කාලීන ජනමතය පිලිබිඹු විය යුතුමය. ඒ නිසා සෞඛ්‍ය උපදෙස් අනුව මහා මැතිවරණය පැවත්වීම යහපත් දෙයකි.
රටේ වසංගත තත්වයක් පැතිරෙන බැවින් සැවොම සමගියෙන් කටයුතු කිරීම වැදගත්. දේශපාලනයට, චන්දයට වඩා මේ වෙලාවේ ඉතා වැදගත් වනුයේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමයි. සියලුම පක්ෂ හා දේශපාලකයන් මෙය සිහිතබා ගතයුතු කාරණයක්.
අනේ අපේ රටට ආදරේ තවත් නායක දෙපලක්...
බලන්න රටට සේවය කරන්න තියෙන කැමැත්ත. කොයිතරම් හොඳ මිනිසුන්ද? මේච්චර හොඳ මිනිසුන් වෙලත් ඡන්දයක් තිබ්බොත් කූණු කූඩෙට විසිවෙන බව දැනගෙන නෙ මේ වෙට්ටුවක් දාලා නැවත පාර්ලිමේන්තු යන්න හදන්නෙ. දුකේ බෑ අප්පා...!
මෙ රට කරන්න දෙන්නැද්ද?
මැතිවරණ කොමිසමට.. ජනාධිපතිතුමා මුලින් ප්‍රකාශ කරපු දිනයට පසු දිනයක මැතිවරණය තියන්න බැහැ කියල හිතෙනවා. මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ දිනයත්, අභිනව පාර්ලිමේන්තුවේ පළමුවන රැස්වීමත් ප්‍රකාශ කරන්න පුළුවන් ජනාධිපතිතුමාට විතරයි කියල හිතෙනවා. 70 (5) (ඇ) කියන විදියට පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා කරන ලද දිනය ඉන් පසුව කරන ප්‍රකාශනයක් මගින් වෙනස් කල හැක්කේ ජනාධිපතිට විතරයි කියල හිතෙනවා. එහෙත් පසුව කරන ප්‍රකාශනයේ දිනය මුල් ප්‍රකාශනයේ දින සිට මස තුනකට පසු දිනයක් නොවන දිනයක් විය යුත්තේය...කියල කියන බැවින් සහ ව්‍යවස්ථාවේ 70 (5) (ඇ) අභිනව පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම කල් දැමීම ගැන විස්තර කරන බැවින් ජනාධිපතිතුමා විසින් අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 13 වත් රැස්වෙන්න කියලා ප්‍රකාශක් කරන්න ඕනේ කියල හිතෙනවා. මාර්තු 2වෙනිද පාර්ලිමේන්තුව විසිරවපු ගැසට් නිවේදනය අත්හිටවන්න බැරිවෙයි කියල හිතනවා.
ජනපතිවරණයට දින නියම කලේ මැතිවරන කොමිසම. ඒක එ ගොල්ලන්ට තියෙන බලතල අනුව. එහෙම නම් ඒ ගොල්ලෝ උසාවි යන්නෙ? මේක තනිකරම ගේමක්. සෝම හිමිගෙ පිහිටෙන් ගොඩ ගිය අතුලන්තය හිස්කරගත් ඉන්ජිනෙරුවෙක් තමයි මේ.
බොරදියේ මාලු බෑම හෙවත් කොරෝනාවේ පිහිටෙන් එගොඩ යාම
හැමෝම බලයට ආසයි. ඒත් හැමෝටම බලය ගන්න බැහැනේ. සත්‍යට ඉඩ දීල රටේ මිනිස්සුන්ට ඒ අයට කැමති කෙනෙක් තෝරා ඉඩදී බලන්න. කොච්චර නැටුවත් මිනිස්සු කැමති කාටද? එයා තමා රටේ නායකයා විය යුත්තේ.
රටේ පවතින අවදානම් තත්ත්වය අඩු වුනාම මැතිවරණ කොමිසම ජන්දය තියයි. එතකම් කලබල නොවී ඉන්න. ජන්දය තිබ්බේ නැහැ කියලා අර පරණ පාර්ලිමේන්තුව කැඳවන්න කිසිම අවශ්‍යතාවක් නැහැ . කරුණාකරලා ජනාධිපතිතුමාට මේ රට ගෙනියන්න ඉඩ දීලා පැත්තකට වෙලා ඉන්න. ඔයාල කරන කාලේ කිසිම දෙයක් කොරගන්ඩ බැරුව හිටපු හැටි මේ රටේ මිනිස්සුන්ට මතකයි...
අනේ නිකන් පව් නොදී ඉන්න. පින් බත් කන අය...
මට තියෙන ප්‍රශ්නය මේ වෙද්දි පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාල සීමාව අවසන් වී තිබුනේනම්.... මේ අය මේ වගේ තත්වයකදී ජන්ද කල් දාන්න කියයිද කියලා.
මේ දෙන්නට පිස්සු.
තියෙන්න ඕන හැම පහසුකමක්ම තිබිලත් කලින් අනතුරු හැගවීම් කරලා තිබිලත් සහරාන්ලා පල්ලිවල බෝම්බ පුපුරවපු කාලයට වඩා පළාත් සභා නැතුව, පාර්ලිමේන්තු නැතිව කෝවිඩ් මර්ධනය කරන ආකාරය ඉතාමත්ම ප්‍රශංසනීයයි. ඒ වෙනුවෙන් දේශපාලනය පසෙකලා ජනාධිපතිතුමාටත්, අමාත්‍ය මණ්ඩලයටත්, රාජ්‍ය යාන්ත්‍රණයටත් ස්තුතිවන්ත විය යුතුයි. සහරාන්ගේ බෝම්බ සමයේ පීඩාවට පත්වූ කතෝලික ජනතාවට සහ කතෝලික පල්ලිවලට සහන සලසනවාට වඩා තමතමන්ගේ පල්ලි අලුත්වැඩියාවට ආධාර දීමට ඇතැම් නායකයින් කඩිනමින් කටයුතු කළ බවද මා අසා ඇත. එහෙත් මෙවර සැමට සමානව කඩිනමින් සහන සහ ආධාර ලබාදීමද අගය කළ යුතුයි. ඉක්මණින් අමතක වන අයට නැවත මතක් කර ගැනීම සඳහා සටහන් තබන්නෙමි....
බයියෝ දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කරනවා. මිනිස්සුන්ගේ මරණ උඩින් හරි ඡන්දෙ තියාගන්න තමයි සැලසුම... නැත්නම් දැන් ඉන්න නායකයා ඇතුළු කෙනෙක්. මෛත්‍රීපාල මහින්ද පත් කරන්න හදනකොට විරුද්ධ වුණාද? මහින්දත් ඇවිල්ලා පත්වීම ගත්තා, දැන් කයිය ගහන අයත් අත්පුඩි ගහගහ බලාගෙන හිටියා. අනිත් එක දැන් 5000බෙදන එක බලන්න. එ්කත් ඡන්ද වැඩක් විතරයි. හරක් පට්ටියකට තණකොළ දානවා වගේ, 5000 දෙනවා තමන්ට ඕන අයට... ජනතා අභිමානය බල්ලට ගිහින්... එ්ක කරන්නේ කවුද? බයියෝ, මේ වෙලාවේවත් ඇහැ ඇරුනේ නැත්නම්, රට ගැන බලාපොරොත්තු තියාගන්න එපා.
පාර්ලිමේන්තුව විසිිරෙව්වේ වෛරසය ගැන තොරතුරැ ලැබෙමින් තිබුනු වෙලාවකදියි. කළයුතුව තිබුනේ තව සති කිහිපයක් ඉවසා සිටි්මයි. මේ අර්බුදයට මුල පිරුවේ බල ලෝභයයි.