IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පෙත්සම් විභාගය හෙටට කල් තබයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් පාර්ශ්ව 13 ක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අතරමැදි පෙත්සම්කාරුවන්ගේ වැඩිදුර කරුණු දැක්වීම හෙට (6)දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (5) තීන්දු කළේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට එරෙහිව අතරමැදි පෙත්සම් ගොනු කළ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ නායක ජී.එල් පීරිස් මහතා වෙනුවෙන් කරුණු දැක් වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙසේ ද කීය.

       ‘‘නීතිපතිවරයා විසින් මීට පෙර අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණුවලට මා එකඟ වෙනවා. මේ ගැසට් නිවේදන නිකුත් කිරීම සිදුකෙරුණේ ව්‍යවස්ථාවේ 33 (2) සී සහ 62 (2) වගන්තීන් වලින් ජනාධිපතිවරයා වෙත ලැබී ඇති ප‍්‍රතිපාදන යටතේයි.

62 (2) වගන්තීන් ඉංග‍්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් සඳහන්වී ඇති කරුණු වල වෙනස්කම් පවතිනවා.පාර්ලිමේන්තුවේ විධි විධාන අනුව යම් වගන්තියක භාෂා ගැටලූවක් මතු වුවහොත් සිංහල භාෂාවෙන් සඳහන් දෑ පිළිගන්න කියා එම පාර්ලිමේන්තු විධි විධාන වල සඳහන් වනවා‘‘. 62(2) වගන්තිය සිංහල භාෂාවෙන් මෙසේ සඳහන්වේ.

‘‘ පාර්ලිමේන්තුව රැස්වී පළමු දින සිට වසර 5ක කාලයක් සම්පූර්ණ වු පසු විසුරුවා හැරිය හැකියි.එම නියමිත කාලයට පෙරත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසුරුවා හැරිය හැකිවේ. ’’

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු කළ හැක්කේ අවුරුදු හයකට පසුවයි.නමුත් ව්‍යවස්ථා සංශෝධනයෙන් අවුරුදු පහකට පමණක් යන්න වෙනස් වූවා.

62(2) වගන්තියේ ඉංග‍්‍රීසි භාෂා පිටපතේ සඳහන් වන්නේ පාර්ලිමේන්තුව රැස්වී නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු කළ හැකියි යන්න සඳහන් වී නැහැ.ඒ අනුව ජනාධිපතිවරයා 62(2) වගන්තිය යටතේ විෂය මූලිකව සිංහල භාෂාවෙන් සඳහන් වන දෑ අනුව කටයුතු කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන්, විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය, නීතිඥ අරුණ ලක්සිරි සහ ශ‍්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශ්ව 13 ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම් මීට පෙර අගවිනිසුරු නලින් පෙරේරා , ප‍්‍රසන්න ජයවර්ධන සහ ප‍්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන්ගෙන් යුතු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කරුණු සලකා බැලූ අතර එම පෙත්සම් විභාගයට අවසර දුන් එම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් මස 7 වැනිදා දක්වා ක‍්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ද ඉකුත් නොවැම්බර් 13 වැනිදා නිකුත් කරනු ලැබීය.

විනිසුරුවරුන් පහට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි ඉල්ලා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහාචාර්ය ජී.එල් .පීරිස් මහතා ඇතුළු පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මෝසමක් සලකා බලමින් අගවිනිසුරුවරයා විසින් හත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවීමට තීන්දු කළේය.

මෙම පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට (06) දක්වා කල් තැබිණි.

 



අදහස් (4)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පෙත්සම් විභාගය හෙටට කල් තබයි

menna Wednesday, 05 December 2018 03:09 PM

ලංකාවේ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට සා.පෙළ නැහැ කියල කියනවා. ඉංග්‍රීසි කතා කර කර වටේ අරින්න හදන දේශපාලකයන්ට අහුනොවී හොඳට සිංහලවත් ඉගෙන ගත්තොත් හොඳයි කියලා මට නම් හිතෙන්නේ... ඒ කෙසේවෙතත් සමහර දියුණුයි කියන රටවල්වල රාජ්‍ය නායකයන් තම මව් භාෂාව හොඳට කතා කළාට ඉංග්‍රීසි හොඳට කතා කරන්න බැහැ. ලංකාවේ විපක්ෂ නායකයාට හරියට සිංහලවත් බැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කලින් තිබ්බ ආණ්ඩුවයි, විපක්ෂ නායකයි දැන් එකතුවෙලා. ඒ කියන්නේ ඔයිට කලින් පාර්ලිමේන්තුවේ වැඩ වෙලා තියෙන්නේ ප්‍රජාතාන්ත්‍රි විදියටද කියලත් මට ප්‍රශ්නයක් තියෙනවා. මට හිතෙන විදියට මහා බැංකුව වගේම පාර්ලිමේන්තුවත් මංකොල්ල කාලා කියලා තමයි මට නම් හිතෙන්නේ.

:       442       463

CiscoWednesday, 05 December 2018 04:01 PM

Menna මහතා, ඔබගේ විග්‍රහයට මමත් එකඟයි. ලංකාවේ දැනට පවතින ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ නිවැරදි ප්‍රකාශයක්...

:       161       75

athuraThursday, 06 December 2018 04:01 AM

මෙන්න ඔන්න ඔක්කොම මහත්වරු එදා සිට අද දක්වා අදහස් දක්වන්නෙ එක පාර්ශවයකට පමණයි. මෙය හැමදාම බලන අය දන්නවා ඇති.

:       2       3

nimasi Thursday, 06 December 2018 07:30 AM

මෙන්නා කතාව නිවරදියි. ඉංග්‍රීසි සහ සිංහල දෙකම එකම දෙය කියනවා කියලා අපට හිතෙන්නෙ. බලන්න. 2) In addition to the powers, duties and functions expressly conferred or imposed on, or assigned to the President by the Constitution or other written law, the President shall have the power – (c) to summon, prorogue and dissolve Parliament; [33. 2 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප‍්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට – ඇ. පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේ ය; මෙය තේරුම් නොගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීන් සියලු දෙනාම තම මූලික රාජකාරිය ඉටු කිරීමට අසමත් වෙලා. ජනතා නාමයෙන් සියලු දෙනා ඉල්ලා අස්විය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 635 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 831 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 358 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site