පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ අද (06) තුන් වැනි දිනටත් විභාගය අරඹා තිබේ.
අගවිනිසුරු නලීන් පෙරේරා, විනිසුරු බුවනෙක අලුවිහාරේ, සිසිර ද අබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න එස්. ජයවර්ධන, විජිත් කේ. මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ මෙය විභාග කෙරේ.
පසු ගිය නොවැම්බර් 13 දා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබු බවට නිකුත් කළ ගැසට්ටුව අහෝසි කිරීම සඳහා උසාවි නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබිණි.
දෙසැම්බර් 4 වැනිදා ඇරැඹු මෙම පෙත්සම් විභාගය ඊයේ (5) ද පැවැති අතර අද (6 ) තෙවැනි දිනටත් විභාගය අරඹා ඇත.
(36698)
(ඡායාරූප - ලහිරු හර්ෂණ)





COMMENTS
විධායක ජනපතිට බලය ලැබෙන්නෙ ව්‍යවස්ථාදායකයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරි ඇත්තෙ විධායකයට එවැනි තීරණයක් ගන්නට ව්‍යවස්ථාමය ප්‍රතිපාදන තිබේද, නැතිද යන කරුණ ප්‍රකාශයට පත්කිරීම පමණයි.
අපි මහ මැතිවරණයක් දෙනකන් බලන් ඉන්නවා අනික් අය තානාපති ගාව නාහෙන් අඞනවා මොන තීන්දුව අාවත් සාමකාමීව ඉමිමු. පැරදුන අය හොටු පෙරන් අඞමු හරිද.