IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහි පෙත්සම විභාගයට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිනු ලැබීමට  එරෙහිව ගොනු කළ පෙත්සම් සත් පුද්ගල  විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අගවිනිසුරුවරයා තීරණය කර ඇත.

විනිසුරුවරුන් පහට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සළකා බලන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහාචාර්ය ජී.එල් .පීරිස් මහතා ඇතුළු පස් දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මෝසම සළකා බලමින් අගවිනිසුරු මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව අගවිනිසුරු නලින් පෙරේරා , ප්‍රසන්න ජයවර්ධන , ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන මස 04, 05 ,06 යන දිනවලදී විභාගයට ගැනීමට නියමිතය .

එම විනිසුරු මඩුල්ල මෙසේය.

අගවිනිසුරු නලින් පෙරේරා , ප්‍රසන්න ජයවර්ධන , ප්‍රියන්ත ජයවර්ධන, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ, සිසිර ද අබෘෘ,මෘදු ප්‍රනාන්දු වේ.



අදහස් (5)

පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහි පෙත්සම විභාගයට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක්

Sapumal. Monday, 26 November 2018 10:51 AM

විනිසුරුවරුන් කොපමණ පත්කරන්නැයි කියා ඉල්ලීම් කලත් විනිසුරුතුමන්ලාට නීති රාමුවෙන් පිට තීන්දු තීරණ ගත නොහැකියි. අගවිනිසුරුවරුන්ව මන්ත්‍රීවරුන් නඩු අසා ඉවත්කළ කාලය මෙන් නොව වර්තමානයේ නීතියේ ස්වාධීනත්වය හරිහැටි තිබෙනා බව පැහැදිලියි. පුදුමය කියන්නේ එදා නීතිය හෑල්ලුවට ලක්කළ අයම අද නීතියේ ස්වාධීනත්වය පැතීම හරිම පුදුමයි නේද ?

:       0       117

sirimal Monday, 26 November 2018 11:39 AM

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරෝධීයැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කළ සත් පුද්ගල විනිසුරු මඬුල්ලේ විනිසුරුවරුන් තිදෙනෙකුම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ඉල්ලා අස්වූ විනිසුරුවරුන් බව "ලංකා නිවුස් වෙබ් " අන්තර්ජාල වෙබ් අඩවිය වාර්තා කර ඇත. එම වාර්තාවේ තවදුරටත් දැක්වෙන්නේ "ඒ, ප්‍රියන්ත ජයවර්ධන, බුවනෙක අළුවිහාරේ සහ මෘදු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ය. 2015 වසරේ මැයි 13 වන දින ගෝඨාභය මහතාගේ පෙත්සම මුලින්ම සලකා බැලූ අවස්ථාවේදී බුවනෙක අළුවිහාරේ මහතා පුද්ගලික හේතුවක් මත ඉන් ඉවත් වූ අතර මැයි 25 වනදා තමන් පුද්ගලික හේතුවක් මත පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව ඊවා වනසුන්දර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි. 2016 ජනවාරි 28 වන දින ප්‍රියන්ත ජයවර්ධන මහතා පුද්ගලික හේතුවක් මත එම පෙත්සම් විභාගයෙන් ඉවත් වූ අතර ප්‍රනාන්දු මහත්මිය පුද්ගලික හේතුවක් මත පෙත්සම් විභාගයෙන් ඉවත් වූයේ 2018 ජුනි 01 වැනිදායි."

:       83       152

KamalRMonday, 26 November 2018 01:19 PM

එතකොට ඉතුරු 4 දෙනා?

:       0       0

ජානක Monday, 26 November 2018 01:24 PM

මොකද්ද වෙන්න යන්නේ කියලා හැමෝටම තේරෙනවා නේද?

:       0       1

BamunuarachchiTuesday, 27 November 2018 02:57 AM

අධිකරණය විස්වාස නැද්ද? එතකොට පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නැවත් වීම ගැන මොකද කියන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31200 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13361 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10970 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 69 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 904 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 270 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site