IMG-LOGO

පාර්ලිමේන්තුව විසිරවීමේ අවශ්‍යතාවක් නෑ - අගමැති මහින්ද

නාලක සංජීව දහනායක
 
අවශ්‍යතාවයක් ඇත්නම් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (7) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී පැවසූ බව සන්ධානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය. 
 
එහෙත් නව රජයට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිව තිබෙන බැවින් මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද අගමැතිවරයා පැවසූ බවද එම ප‍්‍රකාශකයා කීවේය.
 
නව අගමැතිවරයකු පත්කිරීමට මූලික වූ කරුණු පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කර තිබෙන බවත් නව රජයට ජාත්‍යන්තරය සහය ද නොවඩුව ලැබෙන බවත් එබැවින් රජය පිළිබඳව කිසිම සැකයක් තබා නොගත යුතු බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද   (7) පස්වරුවේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
 
එමෙන්ම කතානායකවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව හා කතානායකවරයා සම්බන්ධයෙන් ගනුලබන ක‍්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකාච්ඡා කළ බව එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. 
 



අදහස් (8)

පාර්ලිමේන්තුව විසිරවීමේ අවශ්‍යතාවක් නෑ - අගමැති මහින්ද

V.warnakulasuriya Wednesday, 07 November 2018 09:48 PM

මේ මොහොතේ බහුතරය මහින්ද රාජපක්ෂ මහතාට නිසා ඔහු අගමැතිවරයා වේ. ලබන මාසේ මන්ත්‍රී අඩු වැඩි වීම අනුව අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා වේද? මේ ප්‍රජාතන්ත්‍රවාදය නම් තේරුම් ගැනීම පහසු නැත.

:       0       14

ගල්කටස් Wednesday, 07 November 2018 10:23 PM

ඔබතුමාට නම් අවශ්‍ය නැහැ නමුත් අපට අවශ්‍යයි එක .එ් ඔබතුමාව අපේ ඡන්දයෙන්ම පත් කර ගන්න ඔනා නිසා. ඔය මොකා කෑගැවුවත් ඡන්දයකට උන් බයයි. ඡනදය දෙන්න ඉතුරු හරිය ජනතාව බලා ගනී.. අපිත් විදෙස්වල හිටියට මෙවර නම් අනිවාර්යයෙන්ම එනවා ඔබතුමා වෙනුවෙන් ඡනදය දෙන්න.

:       711       403

Jayampathi Thursday, 08 November 2018 03:21 AM

"එහෙත් නව රජයට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිව තිබෙන බැවින් මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද අගමැතිවරයා පැවසූ බවද එම ප‍්‍රකාශකයා කීවේය." ඒ කියන්නේ 113 නැත්තම් පාර්ලිමේන්තුව විසුරුවා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව කොහොමහරි බලය ගන්නවා කියන එක නේද

:       4       129

Ravi Thursday, 08 November 2018 03:36 AM

ඔව් ඔව් මහින්ද මහත්තයෝ ඔයා කියන විදියටම වෙයි.....

:       3       2

appuhami Thursday, 08 November 2018 04:59 AM

18 ද කියෙව්වේ?

:       0       159

mangala Thursday, 08 November 2018 07:00 AM

2002දී මේකම වුනා. පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණයකට යන එක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයිද? එජාපය මැතිවරණයට බයද?

:       0       0

sirimal Thursday, 08 November 2018 10:49 AM

ඔබ තුමාට අනවශ්‍ය උනාට රටේ අනිත් බොහෝ දෙනෙක්ම ඕනෑ කියල නේද කියන්නේ?

:       2       67

Nandalal DE SILVA - France Thursday, 08 November 2018 10:54 AM

එක නේ කියන්නේ. පාර්ලිමේන්තුව විසුරුවාහැර පැවැත්වෙන ඡන්දෙන් පැරදුනාම දෙන්නටම වෙන්නේ මදමුලනටත්, පොලොන්නරුවටත් ගිහින් කරපු පව් සමා කරගැනීම සඳහා භාවනා කරන එක විතරයි......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 21 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2159 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 668 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site