(විනීතා එම් ගමගේ )
පාර්ලිමේන්තුවේ දිනක වියදම රුපියල් දෙකෝටි පනස් ලක්ෂය ඉක්මවන බව එහි තොරතුරු දැනගැනීමේ නිලධාරි දන්වා තිබේ.
ඉකුත් වසරේ සැසි වාර 95ක් පවත්වා ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි 245 කට අධික මුදලක් වැය වී තිබේ.
මෙතරම් ජනතා මුදල් වැය කරමින් රැස්වන පාර්ලිමේන්තුව ජනතා යහපත උදෙසා බුද්ධිමය සංවාද සිදු නොකිරීම කණගාටුවට කරුණක් යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
වැය වන මුදල බැලීමේ දී ගහ බැණ ගැනීම් පමණක් සිදුවූ පසුගිය දිනඉතුනට ද රුපියල් කෝටිඅටකට ආසන්න මුදලක් වැයවන්නට ඇතැයි කී හෙට්ටිආරච්චි මහතා ජනතා මුදල් මෙසේ නාස්ති නොකීරීමට ජනතා නියෝජිතයන් සිතට ගත යුතු යැයි ද කීය.
ගහගන්නට නම් පාර්ලිමේන්තුව ට පැමිළනිය යුතු නැතැයි ද ඒ සදහා එළියේ අවශ්‍ය තරම් ඉඩකඩ ඇතැයි ද හෙතෙම සදහන් කළේය.
නීතියට සම්ප්‍රදායට අනුව යමින් සංයමයෙන් රටේ පුශ්න විසඳාගන්නට හැකි නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට එවීමට ජනතාවත් සිතට ගත යුතු යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.
හෙට්ටිආරච්චි මහතා මේ අදහස් පල කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවති මාධ්‍ය හමුවකදී ය.
COMMENTS
මේ මුදල් රටේ යහපතට මිනිසුන්ගේ යහපතට යෙදෙව්වා නම් රටට ලොකු වෙනසක් වේවි රටේ ප්‍රශ්න විසඳන්න අමාත්‍යාංශ හරහා පුළුවන්... මේ රැස්වීම් අවශ්‍ය නැහැ.
කරුණාකර අංගොඩ මානසික රෝහලේ හා අනිකුත් මානසික චිකිත්සාගාරවල දිනක වියදම මෙහි පළ කළොත් සියලු දෙනාටම දැනගත හැකිවේවි... වැඩි ප්‍රතිලාභයක් පොදු ජනයාට ලැබෙන්නේ කොහෙන්ද කියලා...
මේ රටේ බත් කන ඇඹලයින්ට නොතේරෙන එකනේ ප්‍රශ්නේ... ඔක්කොම එකයි...
මහජනතාවගේ සල්ලි කකා මේ අය පොංගල් නටනවා.
නව නීති ගෙනත් දවසේ කටයුතු නීති විරෝධී ලෙස අවුල් කරන මොවුන්ගේ මන්ත්‍රීකම පක්ෂ බේදයෙන් තොරව සදහටම තහනම් කළයුතුයි...
පාර්ලිමේන්තුව කියන්නේ බලාගෙන යනකොට මහජන මුදල් මංකොල්ල කන ස්ථානයක්.
කන්න දෙන්න ඕනෙ බත් නෙමෙයි.
හැමදාම කියන්නේ ණය තියෙනවා කියලා.. ජනතාව ළඟදී ඕවට විසඳුම් දෙයි...
එහෙමනම් මෙය විසුරුවා හැරීමෙන් රටට කලේ විශාල සේවයක්.
අනේ මේක වහලම දැම්මනම් මේ මුදල්වලින් ජනතාවට සේවයක් වේවි... දැන් මේක නාඩගමක් නටල හොදට කාල ගෙදර යනවා. කෝලම් මඩුවක්
එච්චර සල්ලි යන්නෙ ඇයි?