(නිමල කොඩිතුවක්කු)
ව්‍යවස්ථාවට පටහැනි ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර නව අග‍්‍රාමාත්‍යවරයකු පත් කිරීම සහ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට විරෝධය පළ කරන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ කලාකරුවෝ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසූහ.
ජනාධිපතිවරයාගේ මේ ක‍්‍රියාව නිසා රට බරපතල කඩා වැටීමකට ලක්ව ඇති බව සඳහන් කළ ඔවුන් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවා රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ කලාකරුවෝ රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කාර්‍යාලයේ අද (29) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ අතර එහිදී අදහස් දැක්වූ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මෙසේද කීවේය.
‘‘රටේ බරපතල අර්බුදයක් ඇතිවී තිබෙනවා. පැරණි දුර්දාන්ත පාලන ක‍්‍රමය වෙනස් කර යහපාලන රජය ස්ථාපිත කිරීමට කලාකරුවන් කැපවුනා.
කිසියම් දේශපාලනික කුමන්ත‍්‍රණයක් ව්‍යවස්ථා විරෝධී ලෙස රටේ සිදුව තිබෙනවා. අප විසින් පත්කරපු ජනාධිපතිවරයා විසින්ම එය සිද්ධ කරලා තිබීම පිලිබඳ අපි කණගාටු වෙනවා. ඒ නිසා අපිට මේක තවදුරටත් බලාගෙන ඉන්න බැහැ.
ඒකාධිපති පාලනයට එරෙහිව පැමිණි ජනාධිපතිවරයෙක් විසින් අත්තනෝමතික විදියට අගමැතිවරයෙක් පත්කරනවනම් අපේ රටේ දේශපාලනය වෙනත් මගක යනවා කියලා තමයි කියන්න වෙන්නේ.
කලාකරුවන් , විද්වතුන්, සිවිල් ක‍්‍රියාකාරීන් ඇතුළු හැට දෙලක්ෂයක ජනතාවක් එක්ක මේ පාලන ක‍්‍රමය ස්තාපිත කරගත්තෙ මේ මග යන්න නෙමෙයි.
ඒකාධිපති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව කටයුතු කරන්නේ නැතුව වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කලාකරුවන් හැටියට අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ ගැන ජනාධිපතිවරයාට බල කිරීමටත් ජනතාව දැනුවත් කිරීමටත් කලාකරුවන් කටයුතු කරනවා.
ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර වහාම පාර්ලිමේන්තුව කැඳවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් වැඩිම කැමැත්ත ඇති අයෙකු අගමැති ලෙස පත් කරන්න කියලත් අපි ඉල්ලා සිටිනවා‘‘ යැයිද පැවැසීය.
COMMENTS
ඇයි පාර්ලිමේන්තුව රැස් කරන්නේ නැත්තේ? යමක් කරන්න පැහැදිලි ක්‍රමයක් තියෙද්දී මොකෝ මේ රටේ මිනිස්සුන්ට කරදර කරන්නේ?
මෙම කලාකරුවන්ට නොතේරෙන කරුණු රාශියකි. මේ මොහොතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වී ඇත්තේ දක්ෂ පාලකයෙකි. රට විකුණන ද්‍රෝහීන්, සොරුන් මේ රටට දැන් අවශ්‍ය නැත. ආර්ථිකය කඩා වැටී ඇති මේ මොහොතේ, එය ගොඩ නැගීම සඳහා අපට පිටරටින් ආයෝජන අවශ්‍යව ඇත. ඒ වගේම කොටි ඩයස්පෝරාව තුළින් කරන කූට ව්‍යාපාර නතර කළ යුතුය. රට නොවිකුණන පාලකයෙකුට එය පහසුවෙන් කළ හැක. එම නිසා රාජපක්ෂ අගමැති වීම උතුම් කරුණකි.
දැන් රනිල් වික‍්‍රමසිංහ මහතා 2015දී තිබුණු හැට දෙලක්ෂය, 2018 දී හතලිස් හය ලක්ෂයට බස්සගෙන ඉවරයි. කුමන්ත්‍රණය කලේ නිදහස් පක්ෂයේ අපේ නායකයාව මරන්න. ඒක නිසා අපි මේ වෙනසට කැමතියි. ඔයාලට ටටා බයි බායි.
පාර්ලිමේන්තුවෙන් ජනතා ප්‍රජාතන්ත්‍රවාදයක් නොපෙනේ.. වහාම මහා මැතිවරණයක් කැඳවන්න.
කලාකරුවෝ කියන බහු වචනයෙන් කියන්න එපා.. එතකොට ඔක්කොම කලාකාරයෝ වගේනේ... එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශවයට හිතවත් කලාකරුවෝ පිරිසක් කියල දාන්න.. එතකොට තමයි හරි...!
පහුගිය අවු. 3ක කාලය තුළ ඡන්ද ලක්‍ෂ 62 ප්‍රමාණය රැක ගැනීම කෙසේ වෙතත්, ලක්‍ෂ 42 කට වඩා අඩු කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්තනෝමතික පාලනය හේතු වුණා. තවත් රට විනාශයට යාමට පෙර ජනපති ගත් තීරණය රට වෙනුවෙන් ගත් ඉතා වටිනා තීරණයක්. කෙසේ වුවත් විදේශ බලවේග සහ රාජ්‍ය නොවන සංවිධාන සමග එක්වී නැවත බලය ගැනීමට දරන උත්සහය ඉතා කණගාටුදායකයි. රටට අවශ්‍ය වී ඇත්තේ රට සහ සම්පත් වෙන්දේසි කිරීමට නායකයකු නොවන බැවින් රාජපක්‍ෂ මහතා පත් වීම ඉතා සුදුසුයි. නමුත් වංවා සහ නාස්ති වැලැක්වීමට ඔහු ක්‍රියා කිරීමට මතක තබා ගත යුතුය. ජය වේවා...!!!
ඔච්චර බලයක් තිබෙනවා නම් පාර්ලිමේන්තුවට මෙච්චර බිය මොකද? එ්ක කැඳවලා බහුතරය පෙන්වන්න අද හෙටම...
අනේ පව් ....
කවුද මේ කලාකරුවෝ? ඔබලාට මොනවද ලැබුනේ? සැබෑ කලාකරුවෝ ඇත්ත දන්නවා.
ව්‍යවස්ථාවට පටහැනි යමක් සිදු වී ඇත්නම් එය විසඳා ගත හැකි ස්ථානය පාර්ලිමේන්තුව නොවේ. ඒ සදහා ශ්‍රේෂ්ඨාධිකරණය විමසිය යුතු බව ව්‍යවස්තාවේම සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවේ බහුතර පිරිසක් කැමති වූ පලියට ඔහු අගමැති විය යුතුයි කියලා ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ නෑ. එය එසේ නම් අගමැති පත් කල යුත්තේත් පාර්ලිමේතුවේ ඡන්ද විමසීමකින්. එය එසේ නොවෙයි. 'පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත හැකි යැයි ජනාධිපතිවරයාට හැඟෙන පරිදි' එම පත්වීම කල හැකියි. ඒජාප ය 'බහුතර විශ්වාසය' යන කොටසේ පමණක් එල්ලී වාද කරන බවක් තමයි පෙන්න තියෙන්නේ. ව්‍යවස්ථාවේ අර්ථ නිරුපනයන්ට අනුව ජනාධිපතිවරයා නීත්‍යානුකුලව ක්‍රියා කර තිබෙන බව පේනවා. නමුත් එය පිළිගැනීම පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි.