හර්ෂණ තුෂාර සිල්වා
කතානායක කරු ජයසූරිය මහතා සමඟ සාකච්ඡා කර කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරට පත් කළ අතර ඉන් ඇති වූ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනයක් නිකුත් කළ දෙවැනි අවස්ථාව මෙය විය.
ඇමෙරිකා එක්සත් ජනපදය ඊයේ (28) පස්වරුවේ නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද සඳහන් විය.
“ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවෙනවා. බිය ගැන්වීම්වලින් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළැකී සිටින්නැයි සියලු පාර්ශවවලින් ඉල්ලා සිටිනවා. කතානායකවරයා හා සාකච්ඡා කරමින් ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ ශ්‍රී ලංකා ජනතාවගේ නියෝජිතයන්ට ආණ්ඩුවේ නායකත්වය දැරිය යුත්තේ කවුරුන්දැයි තීරණය කිරීමට ඉඩ දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා”.
මේ අතර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ එල්ල වන පීඩනය වැඩි වෙමින් තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබිණි.
COMMENTS
අපේ රට ගැන කැක්කුම තියෙන්නෙ ඇමෙරිකාවටනේ..... පලාත් සභා ඡන්දෙ අවුරුදු එකහමාරකින් තිබ්බෙ නැති එකට මීක් කියල කියපු නැති අය දැන් එනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න. මුලින්ම මේ ලෝකෙ කරන අමන ඝාතන නවත්තල ඉන්න ඕනේ...... අනෙක් අයගේ වැඩ ගැන හොයන්න කලින්.....
හොද හොද සෙල්ලන් එළි වෙන ජාමෙට කිව්වලු.. ඔය තියෙන්නේ.. ඔහොම යන්.. ලංකාවේ ලොකු මිනිස්සු රංගනයේ යෙදෙනවා.. අනේ අපි පොඩි මිනිස්සු ඕගොල්ලන්ගේ නාට්‍යය අපි බලන් ඉන්නම්... කරුණාකරලා යම් යම් පාර්ශවයන් රට ඉක්මනින් මෙම අස්ථාවරත්වයෙන් මුදවල ඉක්මනට යථාතත්වයට ගන්න.. හොඳට මතක තියාගන්න කල දුටු කල වල ඉහන මිනිස්සු රටේ ලෝකේ ඉන්නවා කියල...
අැමෙරිකාවටයි අනිත් අයටයි ආප්ප කවන්න වෙයි වගේ.
ඉල්ලන් කන්න වගෙයි හදන්නෙ.
අපේ රටට සම්බාධක දැම්මම කට්ටියට හොඳ සනීපයක් දැනෙයි , දැන් මෙතන කෑ ගහයි අපි බය නෑ බටහිරට කියලා.... අපේ සියලු අපනයන ගන්නේ ඔවුන් , නැතුව චීනය අපෙන් අල්පෙනිත්තක්වත් ගන්නේ නැහැ. බලමු අපට වෙන දේ ලගදීම, දැක්කනේ තේවලට වුණ දේ
මට තියෙන ප්‍රශ්නේ මේ මහචණ්ඩි ඇයි මේ තරම් පාර්ලිමේන්තුවට බය? ලණු ගිල්ලට දැන් දිරවගන්නත් බෑ වමාරින්නත් බෑ..
මේ රට ඇමෙරිකාවේ ප්‍රාන්තයක් කියල හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. අපෙත් ඉන්නවා යුරෝපයෙන් හරි අමෙරිකාවෙන් නම් ඕන දෙයක් හොඳයි කියන බයාදු මානසිකත්වයකින්
අනේ ඇයි මේ ප්‍රජාතන්ත්‍රවාදී කැක්කුම 2015 දි මන්ත්‍රී 42කින් පමණක් රනිල් අගමැති කළ වෙලාවෙ මෙයාලට තිබුණෙ නැත්තෙ? මේ වගේ තත්ත්වයක් 2009 මැයි මාසයෙත් උදා වුණා. පොඩ්ඩක් ඉවසල ඉමු.