IMG-LOGO

2024 අප්‍රේල් මස 15 වන සඳුදා


ප්‍රමිතියෙන් තොර ‘ලන්ච් ෂීට්‘ සොයා වැටලීමක්

(තිලකරත්න දිසානායක)

නියමයන්ට අනුකූල නොවන බත් ඔතන කොළ (ලන්ච් ෂීට්) නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලා සහ එවන් නිෂ්පාදන අලෙවි කරනු ලබන තොග වෙළඳසල් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය ගම්පහ දිස්ත්‍රික්කයේ  සිදුකළ වැටලීම්වලදී  කර්මාන්තශාලා 2කට සහ තොග වෙළඳසල් 4කට නඩු පැවරීමට පියවරගෙන ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙහි සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශයේ නිලධාරිහු මෙම වැටලීම් සිදු කරනු ලැබූහ.

පාරිභෝගික කටයුතු අධිකාරි පනතේ විධාන අංක 70 යටතේ අවශ්‍ය නියමයන්ට අනුව ලන්ච් ෂීට් නිෂ්පාදනය කිරීම කළයුතු වන අතර එසේ නොමැති නිෂ්පාදන කර්මාන්ත ශාලා සහ ඒවා අලෙවි කරනු ලබන තොග වෙළඳසල් සොයා මේ දිනවල පරීක්ෂාවන් සිදුකෙරෙන බව ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.

විමර්ශන නිලධාරීන් විසින් ගම්පහ, ගණේමුල්ල, තිහාරිය, කඩවත සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශයන්හි වැටලීම් සිදු  කිරීමේදී ගණේමුල්ල සහ තිහාරියෙහි පිහිටි ලන්ච් ෂීට් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලා 2කට සහ තොග වෙළඳසල් 4කට නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ ගම්පහ දිසාපති සුනිල් ජලයත් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකක ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීම මත එම අධිකාරියේ ගම්පහ විමර්ශන නිලධාරීන් වන හෂාන් කළුබෝවිල, දිලීප කරුණාරත්න සහ ඉෂාර හෝමපොල සහ අරුණ ශාන්ත යන මහත්වරුන් ද මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ එස්. ජයතිස්ස සහ සහකාර අධ්‍යක්ෂිකා ඩබ්ලිව්. සිරිවර්ධන යන මහත්ම මහත්මීන් විසින් මෙම වැටලීම් සිදු කෙරිණි.‍

මෙහිදී අත් අඩංගුවට ගන්නා ලද තොග වෙළඳසල් හිමියන් සහ කර්මාන්ත ශාලා හිමිකරුවන් නියම කරනු ලබන දිනයේදී අදාල මහේස්ත්‍රාත් අධිකරණයන් වෙත ඉදිරිපත් වීමට යටත්ව බැඳුම්කර ඇප මත මුදාහරින ලදී. 



අදහස් (0)

ප්‍රමිතියෙන් තොර ‘ලන්ච් ෂීට්‘ සොයා වැටලීමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි
2024 අප්‍රේල් මස 15 213 0

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.


අගරදගුරු මාරි තුමන්ට සිඩ්නි නුවරදී පිහි පහරක්
2024 අප්‍රේල් මස 15 923 0

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේ දේව මෙහෙයක් පවත්වන අතරතුරදී අගරදගුරු මාරි එමානුවෙල් පිහි ඇනුමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා


ව්‍යාපාරික යුවළක් පැවිදි වෙන්න කෝටි 700ක් දන් දෙයි
2024 අප්‍රේල් මස 15 2275 0

ඉන්දියාවේ ගුජරාත්‍ ප්‍රාන්තයේ ව්‍යාපාරික යුවළක් වන භාවේෂ් භාණ්ඩාරි සහ ඔහුගේ බිරිඳ පැවිදි දිවියට එළඹීම සඳහා ඉන්දීය රුපියල් කෝටි දෙසීයක (ශ්‍රී ලංකා රු


වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගිය කතක් මරුට
2024 අප්‍රේල් මස 15 1248 0

තෙල්දෙණිය කුඹුකදුර ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගිය අඹු සැමි යුවළකින් කාන්තාව අද (15) දියේ ගිලී මියගොස් ඇති අතර පිරිමි පුද්ගලයා අතුරුදන්වී ඇති


ණය ප්‍රතිව්‍යුහගතකරණය පමා වෙයි
2024 අප්‍රේල් මස 15 1697 0

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් සමඟ ලන්ඩන් නුවරදී පැවති සාකච්ඡාවේදී කාරණා දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි


හලාවත දුම්රිය වේදිකාවටම එයි
2024 අප්‍රේල් මස 15 1842 2

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (15) පස්වරු 2.35 ට හලාවත බලා ධාවනය වීමට නියමිත වූ දුම්රිය ගමන් ආරම්භ කිරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාවට ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 129 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1391 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1334 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site