IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘‘පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් නොකිරීමෙන් විපක්ෂයේ බලාපොරාත්තු සුන්වුණා‘‘

(මොහොමඩ්  ආසික්)

පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමෙන් ආණ්ඩුව පරාජයට පත් කරන්න බලාගෙන සිටි විපක්ෂයේ බලාපොරොත්තු සුන් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කීය.

හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව සඳහා පුරනැගුම වැඩසටහන යටතේ ඉදිකළ පස් මහල් බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සවයේදී අගමැතිවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද පැවසීය.

      ‘‘රජයේ කොන්ත්‍රාත් කළ කොන්ත්‍රාත්කරුවන්ගේ  දරුවන්ට එළඹෙන සිංහල අලුත් අවුරුද්දට ඇඳුම් ටිකක් ගන්න අනෙකුත් අවශ්‍ය දේවල් ගන්න මුදල් දෙන්නයි මේ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේ.

නමුත් විපක්ෂය ඒකට විරුද්ධ වුණා. ඒ අය බැලුවේ අපිව පරද්දගෙන ඊළඟ මැතිවරණයට යන්න. නමුත් අපේ අය ඒ අයට වඩා දේශපාලන බුද්ධිය තියෙන පාර්ලිමේන්තු  ක්‍රමය ගැන දැනුමක් තියෙන පාර්ලිමේන්තුවේ කළ යුතු කාර්යයන් ගැන අවබෝධයක් තියෙන පිරිසක්.

ඒ යෝජනාව ඉදිරිපත් කළේ නෑ. ඉදිරිපත් කරන්නේ නැති වුනහම පරාද කරන්න බෑණේ. ඒකනේ වු‍ණේ එයාලගේ බලාපොරාත්තු සුන්වීමයි.  අපි විපක්ෂයේ ඉන්න කොට ජනතාවට යම් කිසි හොඳ වැඩක් කරනවානම් ඒ හොද වැඩේට අපි හැම වෙලාවේම සහාය දුන්නා.

ජනතාවට යම් කිසි හොඳ වැඩක් වෙනවා නම් අපි සහාය දුන්නත් ආණ්ඩුවේ ඉන්න එයාලට හොඳක් වන වැඩවලට අපි සහාය දුන්නේ නෑ.  නමුත් ඒ තත්වය අද නැහැ. විපක්ෂයට ආසන සංඛ්‍යාව වැඩියි. මම නම් මේ ගැන සාකච්ඡා කරන කොට මම කිව්වා මේක භාර ගන්න එපා කියලා.

ආණ්ඩුව එයාලටම කර ගෙන යන්න දෙන්න කියලා. විපක්ෂයට වැඩි ආසන සංඛ්‍යාවක් තියාගෙන මේ ගමන යන්න පුළුවන් කමක් නෑ කියලා අපි විශ්වාස කරන නිසා. නමුත් වැඩි දෙනා කිව්වේ භාර ගෙනඅපි කරමු කියලා.   

දැන් අපිට ඒක ගැටළුවකුත් නෙවෙයි. මාර්තු මාසයේ පළමුවැනිදායින් පස්සේ  ඕනම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යන්න අවස්ථාවක් එනවා‘‘ යැයි අගමැතිවරයා කීය.

 



අදහස් (10)

‘‘පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් නොකිරීමෙන් විපක්ෂයේ බලාපොරාත්තු සුන්වුණා‘‘

Bamunuarachchi Friday, 21 February 2020 05:26 PM

ඇත්තටම එහෙමද වුනේ? පොහොට්ටුව ඡන්දයට වියදම සොයාගන්න පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරන්න උත්සාහ කළා. ඡන්දයට වියදම් කරන්නේ මහජන මුදල්... එහෙම නැතිව මිග්වලින් හෝ ගුවන්යානා මිලදී ගැනීමේදී ලැබුණු කෝටි ගණනක අත යටින් ලැබුණු මුදල් නොවේ.

:       0       1

Dhammika perera Friday, 21 February 2020 06:28 PM

මග හැර යාමෙන් ඔබලාගේ නොහැකියාවත් ඔප්පු උනා. 2015 ආසන හතලිස් ගණනක් සහිතව සුළුතර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 19 වැනි සංසෝදනය අනුමත කර ගත් බව තුනෙන් දෙකක බලයෙන් අමතකද? වැඩ බැරි ආණ්ඩුව!

:       0       0

ranjith Saturday, 22 February 2020 12:24 AM

තුනෙන් දෙකක් දුන්නා නම් ඉතිරි බලාපොරොත්තු ටිකත් සුන් කරගන්න පුළුවන්...

:       0       0

dee Saturday, 22 February 2020 01:20 AM

අර මාර්තු 01ට කළින් දෙනවා කිව්ව ජොබ් එකවත් දෙනවද අගමැතිතුමා?

:       0       0

ajith Saturday, 22 February 2020 05:19 AM

මහින්ද මහත්තයාගේ කතාව හරියට මොන්ටිසෝරි ළමයෙක්ගේ කතාව වගේ නේද? ඉදිරිපත් කළා නම් පරදිනවා. ඒක නිසා ඉදිරිපත් කලේ නැති එක නේද ඇත්ත? විපක්ෂයේ බලාපොරොත්තුව කොහොමත් ඉටු වුණානේ මහත්තයෝ. වයසට ගියාට කල්පනාව අඩු වෙලා කටට ආවට ඔහොම කතා කියන්න එපා. පොඩි දරුවොත් හිනාවෙනවා.

:       0       1

dee Saturday, 22 February 2020 06:23 AM

අගමැතිතුමා අර දෙනවා කිව්ව ජොබ් ටිකවත් දෙනවද මාර්තු 01ට කළින්...

:       0       1

Rata Perata Saturday, 22 February 2020 08:06 AM

වැඩකට නැති කතා කියකියා රට කන මේ වගේ දේශපාලන අපතයන් කරන පව් මේ ආත්මයේම පඩිසන් දෙන බව නම් විශ්වාසයි...

:       0       1

Sam Saturday, 22 February 2020 08:26 AM

යුද්දෙට නොගිහින් හැංගුනාම ආඩම්බරයක්ද ?

:       0       1

ranjith Saturday, 22 February 2020 10:46 AM

හැමදම මෙයාලට මොනවා හරි අඩුවක් තියවනවා. ප්‍රාදේශීය සැබෑ බලේ දෙන්න කිව්ව වැඩ කරන්න මිනිස්සු දුන්නා ඊට පස්සේ ජනාධිපතිකම දෙන්න කිව්වා ජනතාවට සේවය කරන්න. තවත් මදිද ?

:       0       1

athura Saturday, 22 February 2020 02:25 PM

එහෙමද වුනේ නැත්නම් ආණ්ඩුව බය වුනා නෙමෙයිනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29360 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18227 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11617 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 719 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 214 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 864 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site