(නිමන්ති රණසිංහ)
බන්ධනාගාර දෙපාර්තමේන්තුට නව නිලධාරීන් 85 දෙනකු බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසිය.
දෙවන පෙළ ජේලර් සහ දෙවන පෙළ පුනරුත්ථාපන නිලධාරී පුරප්පාඩු පිරවීම සදහා ජේලර්වරුන් 67 දෙනකු, ජේලර්වරියන් 05 දෙනකු, පුනරුත්ථාපන නිලධාරී පිරිමි 11 දෙනකු සහ කාන්තා 02 දෙදෙනකු වශයෙන් නිලධාරීන් 85 දෙනකු බදවා ගැනීමට එසේ අනුමැතිය ලැබී ඇතැයි ඔහු සදහන් කළේය.
ඒ අනුව, ත්‍රෛමාසික පුහුණු කාලයක් සදහා මෙම නිලධාරීන් ලබන 20 වැනිදා කැදවීමට නියමිතව ඇති අතර, කොවිඞ් වසංගත තත්වයෙන් ආරක්ෂා වීම සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ජෛව බුබුල සංකල්පය යටතේ එම පුහුණුව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි ද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd