
ශ්රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පතිනියක ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන්ගේ නම් 9 ක් ඉදිරිපත් කරමින්, නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා ඉන් නමක් අනුමත කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා තිබේ. ඒ අතර සිටි ජ්‍යෙෂ්ඨතම පොලිස් අධිකාරිනිය වන, පොලිස් දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා කාර්යාංශයේ කටයුතු කළ, බිම්සානි ජාසිංආරච්චි මහත්මියගේ නම ඒ සඳහා තෝරාගනු ලැබ තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනි ජාසිංහරාච්චි මහත්මිය1997 දී පොලිස් පරීක්ෂකවරියක ලෙසින් පොලිස් සේවයට බැඳුණු අතර වසර 2017 දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනියක ලෙස උසස් කරන ලදී.
පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දැරූ (ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනි) ප්‍රථම කාන්තා නිලධාරිනිය වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනි ප්‍රමිලා දිවකර මහත්මියයි. පොලිස් සේවයට බැඳුණු පළමු කාන්තා නිලධාරිනියද වූ ඇය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරය දරමින් සිටියදී විශ්‍රාම ගත්තාය.
නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා කාන්තා පොලිස් නිලධාරිනියක් පත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
COMMENTS
ඉතා හොඳයි. ඇයට කාන්තා අයිතීන් සුරකින්න කටයුතු කරන්න පුළුවන්. ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන්.
ඔබට අපේ උණුසුම් සුබ පැතුම්... හොඳ ගමනක් යන්න ලැබේවා.
සුබ පැතුම්...!!!
නිදහස් අධ්‍යාපනයේ වැඩිම වාසිය හිමි වී ඇත්තේ කාන්තාවන්ටයි. මෙය සිදුවිය යුතුව තිබූ දෙයකි. ප්‍රමාද වී හෝ සිදුකිරීම සතුටට කරුණක්..
නිදහස් අධ්‍යාපනයේ වැඩිම වාසිය හිමි වී ඇත්තේ කාන්තාවන්ටයි. මෙය සිදුවිය යුතුව තිබූ දෙයකි. ප්‍රමාද වී හෝ සිදුකිරීම සතුටට කරුණක්..
නිදහස් අධ්‍යාපනයේ වැඩිම වාසිය හිමි වී ඇත්තේ කාන්තාවන්ටයි. මෙය සිදුවිය යුතුව තිබූ දෙයකි. ප්‍රමාද වී හෝ සිදුකිරීම සතුටට කරුණක්...
උණුසුම් සුබ පැතුම්.!
කාන්තාවන්ට උසස් නිලතල දුන්නාම පිරිමි කපෝතියි.