IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ප්‍රතිත්‍රස්ත පනතට එරෙහි වෙන්න’යි පෙරටුගාමී පක්‍ෂය ඉල්ලයි


(බිඟුන් මේනක ගමගේ) 
 
 
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ප්‍රතිත්‍රස්ත පනත ඡන්ද විමසීමක් සඳහා යොමු වුවහොත් එයට එරෙහිව ඡන්දය භාවිත කරන්නැයි ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමුකර ඇත.
 
 
උතුරු නැගෙනහිර සන්නද්ධ ක්‍රියාකාරීත්වය දඩමීමා කරගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දශක 4ක් කාලයක් තිස්සේ භාවිත කිරීමෙන් ජන සමාජයේ මූලික මානව අයිතීන් රැසක් උල්ලංඝනය වී ඇතැයි ද එය අහෝසි කරනු වෙනුවට ආණ්ඩුව නව ප්‍රතිත්‍රස්ත පනතක් හඳුන්වාදීමට උත්සාහ කිරීම පෙරටුගාමී සමාජවාදී පක්ෂය හෙළාදකින්නේ යැයිද පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපියේ සඳහන් වේ.
 
 
මෙම නව ප්‍රතිත්‍රස්ත පනතට 2018 සැප්තැම්බර් 11 වැනිදා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ද පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල සාකච්ඡාවට ලක් වූ බවද එය ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට භාජනය කිරීමට නියමිත යැයි ද පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
 
 
මෙම නව පනතින් මෙතෙක් නීතියෙන් අර්ථ දක්වා තිබූ උද්ඝෝෂණ, මහජන විරෝධතා ආදිය පවා ත්‍රස්තවාදය හැටියට අර්ථකතනය කර ඇතැයි ද එය සම්මත වුවහොත් වෘත්තිය සමිති, ගොවි සමිති හා ශිෂ්‍ය සංගම් පවා ත්‍රස්ත සංවිධාන හැටියට නම් කිරීමේ අනතුරක් ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.
 
 
ආණ්ඩුවේ ක්‍රියාකාරකම් විවේචනය කිරීම පවා එමගින් ත්‍රස්තවාදී ක්‍රියා හැටියට අර්ථකතනය කිරීමට ඉඩ ඇතැයි ද එය ලංකාවේ නීති ඉතිහාසයේ බරපතලම මර්දන උත්සාහය යැයි පවසන පෙරටුගාමී සමාජවාදී පක්ෂය එවැනි මර්දන නීතියක් සම්මත වීමට ඉඩහැරියහොත් එය මන්ත්‍රීවරුන් මහජන නියෝජිතයන් හැටියට තෝරා පත්කරනු ලැබූ ජනතාවගේ අයීන් හා අභිලාෂ පාවාදීමක් වනු ඇතැයි ද පවසයි.
 
 
එනිසා යෝජිත ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව ඡන්දය භාවිතා කරන්නැයි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉල්ලා සිටින්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (2)

ප්‍රතිත්‍රස්ත පනතට එරෙහි වෙන්න’යි පෙරටුගාමී පක්‍ෂය ඉල්ලයි

Sarasi Tuesday, 12 March 2019 10:13 AM

මට නම් මේ පෙරටුගාමී පක්ෂයේ නම ඇහෙනකොටත් අපුලයි. මේ පුද්ගලයා තමයි සරසවියේදී අවුරුදු ගණන් පිස්සු නටමින් අපිව වයස්ගත වෙනකම් අධ්‍යයන වර්ෂ කල් දැමීමේ නියමුවා. අනේ ඊළඟ පරම්පරාවත් කාලා දාන්න පුළුවන් නම්.

:       122       378

චමින්දWednesday, 13 March 2019 01:18 AM

සහතික ඇත්ත. කිසිදා එකම ආසනයක්වත් ජයගත නොහැකි එක් පලාත් පාලන ආයතයක් වත් ජයගත නොහැකි මෙවැනි දේශපාලන පක්ෂත් තහනම් කල යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 554 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 489 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site